English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


භාරත නඩුවේ ප්‍රධාන සැකකරුට බන්ධනාගාර රියේදී වෙඩි ප්‍රහාරයක්!


භාරත ලක්ෂ්මන් නඩුවේ ප්‍රධාන සැකකරු වන දෙමටගොඩ චන්දරේ හට දැන් සුළු මොහොතකට කලින් බන්ධනාගාර බස්රථය තුලදී වෙඩි තබා තිබෙන බව අපගේ අධිකරණ ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුල් කර තිබේ.

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව අද (02) අද අලුත්කඩේ අධිකරණයේදී කැඳ වූ අතර එම නඩුව විභාගය සඳහා රැගෙන විත් සිටි සැකකරුවන් නැවත වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී දෙමටගොඩ ප්‍රදේශයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. 

මොහු සමග තවත් තිදෙනෙක් වෙඩි වැදී රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

දෙමටගොඩ චන්දරේ නැමැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන අතර දුමින්ද සිල්වාට භාරත ලක්ෂමන් ඝාතනයේ චෝදනා එල්ල වී ඇත.

මධ්‍යස්ථ මතධාරියෙකු අප හා පැවසුවේ භාරත ලක්ෂමන් ඝාතනයේ සැබෑ තොරතුරු වසන් කිරීම සඳහා මෙම පුද්ගලයා ඝාතනය කිරීමට තැත් කරන්නට ඇති බවට සැක උපදින බවයි.

                                    උපුටා ගැනීම - Lanka News Web





2016-03-02
Advertisement

Find us on Facebook