English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


උපවාසයට දින 09 යි ! ආණ්ඩුව නිහඬයි !!
කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින දේශපාලන සිරකරුවන් 14 දෙනෙකු විසින් සමස්ත සිරකරුවන්ගේ නිදහස්වීම පතා දියත් කළ උපවාසයට අදට, දින 09ක් සපිරෙන අතර ආණ්ඩුව පාර්ෂවයෙන් හෝ දමිළ දේශපාලනඥයින්ගේ පාර්ෂවයෙන් හෝ කිසිඳු ආකාරයක ප‍්‍රථිචාරයක් , ඇහුම්කන්දීමක් නැතැයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය අයිතියට පැවසීය.
 
මැගසින් බන්ධනාගාරයේ පිරිමි වාට්ටුවේ සිරකරුවන් 13 දෙනෙක් සහ කාන්තා වාට්ටුවේ එක් සිරකාරිනියක් ද මෙම උපවාසයෙහි යෙදෙමින් සිටින අතර ඔවුන්ගෙන් සිව් දෙනෙකු රෝහල්ගතකර ඇති බවත් සෙසු සිරකරුවන්ගේ තත්ත්වය ද එතරම් යහපත් නොවන බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය පැවසීය.



දේශපාලන සිරකරුවන්ගේ මෙම ප‍්‍රශ්නයට ඇති එකම සාධාරණ විසඳුම දේශපාලන විසඳුමක් පමණක් යැයි එම ව්‍යාපාරය අවධාරණය කරයි.

දමිළ දේශපාලනඥයින් දේශපාලන සිරකරුවන්ගේ මෙම අර්බුදය හමුවේ දක්වන නිද්‍රාශීලි නිහඬතාවය පිළිබඳව තමන් විසින් දෙමළ දේශපාලනඥයින් කිහිප දෙනෙකුගෙන් පෞද්ගලීකව විමසා සිටි විට, ඔවුන් පවසා සිටියේ දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නයට වඩා විසදා ගතයුතු දැඩිි ප‍්‍රශ්න දෙමළ දේශපාලනඥයින් හමුවේ තිබෙන බැවින් ඊට මැදිහත්වන බව යැයි දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරුවකු වු ගරු මාරිමුත්තු සත්‍යවේල් පියතුමා අයිතියට ප‍්‍රකාශ කළේය.   

තවත් විස්තර දැනගැනීම සඳහා කියවන්න -

"දේශපාලන විසඳුමකින් පමණයි ඔවුන් හට නිදහස ලැබිය යුත්තේ !" - දේ සි නි ජාතික ව්‍යාපාරය
              http://www.aithiya.lk/news_view.php?id=825

-මෙලනි



2016-03-02
Advertisement

Find us on Facebook