English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපති විශේෂ විමර්ෂන ඒකකයේ අතුරුදහන්වීමක් !

දැනට අක‍්‍රීය තත්ත්වයේ පවතින ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ තිබු මුල්‍ය වංචාවන්ට අදාළ පැමිණිලි ලිපිගොණු රාශියක් අතුරුදහන්වී ඇතැයි දිණමින පුවතක් වාර්තා කළේය.

වසර 10 යකට ආසන්න කාලයක් ක‍්‍රියාත්මකව තිබු , දැනට අකර්මන්‍යව තිබෙන මෙම විශේෂ ඒකකය නැවත ආරම්භ කිරීම සඳහා එහි තිබු ලිපි ගොනු පරීක්‍ෂා කිරීමේදි මෙම අතුරුදහන්වීම පිළිබඳව අනාවරණය වී ඇති බව සඳහන් විය.
 
පසුගිය රජයේ දේශපාලනඥයින් ආයාතන ප‍්‍රධානීන් ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයින් රැසකගේ දුෂණ වංචාවලට අදාළ ලිපිගොනු මෙසේ යම්කිසිවෙකු විසින් අතුරුදහන්කර ඇතැයි සඳහන් වෙයි.

ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට ලැබී තිබුණු පැමිණිලි අතරින් ලිපිගොනු දහසකට වැඩි ප‍්‍රමාණයක් ගොඩගැසී තිබෙන අතර ඉන් කොටසක් පමණක් පරීක්‍ෂණ කටයුතු සඳහා යොමුවී තිබුණු බවත් ඇතැම් පැමිණිලි සඳහා අධිකරණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බවත් තවත් කොටසක් පරීක්‍ෂණ සිදුනොකොට අතහැර දමා තිබු බවත් සඳහන් විය.

මෙම ඒකකයට ලැබුණු පෙත්සම් හෝ පැමිණිලිවලට අදාළ ලිපිගොනු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කර අනුමැතිය ලැබූ ඒවා සම්බන්ධයෙන් පමණක් පරීක්‍ෂණ කටයුතු සිදුවුණු බව ද වැඩිදුරටත් එම පුවතෙහි සඳහන් විය.

-මෙලනි




2016-03-02
Advertisement

Find us on Facebook