English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වතුකර ජනතාවගේ ලියෝ ආශ‍්‍රම් පියතුමා අභාවප‍්‍රාප්ත වෙයි !
හැත්තෑව වියේ පසුවුණු මානව හිමිකම් ක‍්‍රියාධරයෙකු මෙන් ම කතෝලික පූජකයෙකු වු   ගරු ගයි ද ෆොන්ගලම් පියතුමා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෙබ 29 වෙනිදා, ත‍්‍රිකුණාමලයේදි අභාවප්ප‍්‍රාප්ත වු බව වාර්තා විය.



ගරු ගයි ද ෆොන්ගලම් පියතුමා

ශ‍්‍රි ලංකාවේ වතුකර ජනතාවගේ මූලික අයිතින් දිනාගැනීම වෙනුවෙන් දශක කිහිපයක සිට ම විවිධ අරගලවල නියැලෙමින් කැපවුණු සමාජ ක‍්‍රියාකාරීත්වයක යෙදුණු මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් වන ගරු ගයි ද ෆෝන්ගලම් පියතුමා, වතුකර ජනතාවගේ අනන්‍යතාවය ආරක්‍ෂාකර ගැනීම වෙනුවෙන් ද ඇප කැපව කටයුතු කරනු ලැබිණි.  

උපතින් දමිළ ජාතිකයෙකු වු ගරු පියතුමා, ජාති ආගම් භේද නොතකා, සිය කුටුම්භයාගේ මෙන්ම රටේ ජීවත් වන ගොවී කම්කරු සහ කාන්තාවන්ගේ අයිතීන් ආරක්‍ෂාකර ගැනීම වෙනුවෙන් ද උතුරේදිත් දකුණේදිත් ජාතික මට්ටමේ අරගලවල ද නොපසුබටව නිරත විය.

දමිළ ජාතික ප‍්‍රශ්නය හා වතුකර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙන්ම විවිධ අරගල වලදීද ගරු පියතුමා විසින් විශ්ලේශනාත්මක විග‍්‍රහයයන් සම්පාදනය කරනු ලැබුවා මෙන්ම අවශ්‍ය සෑම අවස්ථාවකදීම පීඩනයට පත්වු සිවිල් වැසියන් සමගින් විථී බැස සිය සහභාගිත්වය හා සහෝදරත්වය ප‍්‍රකාශ කළේය.



එවකට බදුල්ල පදවියේ් එඬෙිරාණන්ව සිටි අති උතුම් ලියෝ නානායක්කාර රදගුරු හිමිපාණන්ගේ දර්ශනය හා මතය හා දැඩිව බැඳුණු ගරු ගයි ද ෆොන්ගලම් පියතුමා, තමන් ජීවත් වුණු යාපනය පදවිය හැරදමා බදුල්ල පදවියේ ජනතා සේවය සඳහා පැමිණ ඇත. පසුව කාලයක් පුරා බදුල්ල මානව සංවර්ධන ආයතනය වන කරිටාස් සෙඩෙක් ආයාතනයේ ගරු අධ්‍යක්‍ෂ පියතුමා වශයෙන් සේවය කර ඇත.

1983 දී ඇති වුණු දමිළ සිංහළ සිවිල් ආරවුලේදි ගයි ද ෆොන්ගලම් පියතුමා වෙත "කොටියා" යන සාහසික නාමය එල්ලවී ඇති අතර එම සංග‍්‍රාමයත් සමගින් එතුුමා විදෙස්ගතව කෙටි කාලයක් සේවය හැර ගොස් තිබුණි.

පසුව, නැවතත් මෙරටට පැමිණි ගරු පියතුමා, බණ්ඩාරවෙල ප‍්‍රදේශයට ගොස් , සිය අතීශය ආදරණිය එඬෙිරාණන් වු අති උතුම් ලියෝ නානායක්කාර රදගුරුහිමිපාණන්ගේ නමින් "ලියෝ ආශ‍්‍රම්" නැමති මානව හිමිකම් ආයතනයක් ආරම්භකර දීර්ඝ කාලීනව මානව හිමිකම් වෙනුවෙන් සිය ජීවිතය කැප කරමින් සිටිය හ.
 
හදිසියේ අභාවප්ප‍්‍රාප්තවුණු ගරු ගයි ද ෆොන්ගලම් පියතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
 


මිනිස් සහෘදයන් වෙනුවෙන් ගයි පියතුමා  දීර්ඝ කාලිනව මුසුකළ දිවි හුස්මට ගෞරවය හා ප‍්‍රණාමය පුදකරන  අයිතිය, දෙවිදුන් තුළ සාදාකාලික සුවය ද මෙසේ ප‍්‍රාර්ථනා කරමු !!

සටහන හා ඡායාරූප -  මෙලනි මානෙල් පෙරේරා



2016-03-02
Advertisement

Find us on Facebook