English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය කාටද?

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් තීරණය කිරීමෙන් පසු ඇති වු කතිකාව ටිකෙන් ටික වර්ධනය වෙමින් පැමිණි අතර දැන් එය උච්චස්ථානයට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර පරීක්ෂණ හාං කවිසියක්වත් නොදන්නා ශ‍්‍රි ලාංකවේ අති බහුතරයක් වන බුද්ධ්මත් ජනතාව ද දැන් කට ඇර බලා සිටින්නේ එහි ඊළඟ ජවනිකාව එළඹෙන තුරුය.

LTTE කළ යුද්ධයෙන් සෑම දෙයක්ම පාර්ලිමේන්තුවේ සාකච්ඡ කර තීරණ ගත් පරිදි ජාත්‍යන්තර විමර්ශනයට ලංකාවට පැමිණීමට ඉඩ දෙනවාද? නැද්ද? යන්න තීරණය කිරීම පාර්ලිමේන්තුවට පැවරුණි. පාර්ලිමේන්තු තීරණය ද ක‍්‍රියාත්මක විය. එ් අනුව එම විමර්ශනයට ජාත්‍යන්තර විමර්ශණයක් ශ‍්‍රී ලංකාවට පැමිණීම ප‍්‍රතික්ෂේප කර ඇත. එ් ලංකා රජයේ ස්ථාවරයයි.

ශ‍්‍රි ලංකාව මානව හිමිකම් කඩවීම් සිදු වූ බවට මුළු ලෝකයම එක හෙලා පවසන්නේ නැත. ශ‍්‍රී ලංකාව තුළ එසේ සිදු වූ බව පවසන්නේ සහ ඊට සාධාරණ පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටියේ වත්මන් ලෝකය තුළ මානව හිමිකම්වලට ගරු කරන රටවල් සහ ජාත්‍යන්තර සංවිධානය. ශ‍්‍රි ලංකා රජය සමඟ මිතුරු ශ‍්‍රී ලංකාව තුළ මෙන්ම මානව හිමිකම් සිදුවන රටවල පවසන්නේ ශ‍්‍රී ලංකා රජය කළ හැකි දේ සහ ඔවුන් කැමති ආකාරයට පරීක්ෂණ පවත්වන්න ඉඩ දිය යුතු බවයි.

නමුත් වත්මන් ලෝකය තුළ එය බලවත් හඬක් නොවෙයි. ඒ නිසාම ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ සිදුවූයේ ද යන්න පරීක්ෂා කර බැලීමට පරීක්ෂණ කමිටුවක් පත්වන්නේ, එහෙත් ශ‍්‍රී ලංකාව තුළ තත්ත්වය වෙනස්ය. ශ‍්‍රී ලංකාව තුළ මානව හිමිතම් උල්ලංඝනය වූවා යැයි පැවසීම ද දෝහී ක‍්‍රියාවකි. එම නිසාම එ් පිළිබඳව අදහස් දක්වන්නන්ට රට තුළ සංවාදයක යෙදීමට ඇති අවකාශය අඩු ය.

රටේ අති බහුතරයක් සහ එම බහුතරය නියෝජනය කරනවා යැයි කියන රජය පවසන්නේ ශ‍්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු නොවූ බවයි. එ් නිසා පරීක්ෂණ අවශ්‍ය නැත. ජත්‍යන්තර පරීක්ෂණ අනුව පවතින ශක්තිමත් රජය කුමන්ත‍්‍රණයකින් පෙරලීමට කරන උත්සාහයකි. එ් නිසා ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නැත.

නමුත් රට තුළ සිදු වුනේ සහ සිදුවන්නේ කුමක් දැයි අවදියෙන් සිටින්නන්ට අනුව තත්වය එසේ නොවේ. එ් සඳහා යුද්ධයෙන් පසු කාලයේදී දි සිදු වීම් සඳහා උදාහරණ  ඕනෑ තරම්ය. 2011 මැයි 31 වනදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් විසින් ඔවුන් සඳහා යෝජනා වූ සේවක අර්ථසාධක අරමුදල් පනතට එරෙහිව උද්ඝෝෂණය කළ විට ඊට වෙඩි තබා මිලේච්ඡ පහරදීමක් සිදු කළහ. ධීවරයින් ඉන්ධන සහනාධාර ඉල්ලා උද්ඝෝෂණය කළ විට දී ද, රතුපස්වල ජනතාව තමන්ට පානය සඳහා පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ විට දී ද යුද හමුදාව යොදවා වෙඩි තබා පහර දී ඔවුන්ව මර්දනය කළ හ. එ් සෑම අවස්ථාවකදීම නිරායුධ මිනිසුන් ඝාතනය විය.

එසේම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා සැක කරුවන් දිගින් දිගටම ඔවුන් විසින් සඟවා තිබූ ආයුධ පෙනන්නට යෑමෙන් (පොලිසිය කියන පරිදි) ඝාතනය වේ. එ් පිළිබඳව ප‍්‍රශ්න කිරීමට ද කිසිවකු නොහැත. එසේ ඝාතනය වන සැකකරුවන් ලංකාවේ මෙතෙක් සිටි බිහිසුණුම අපරාධකරු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ගේ කතාවලින් පෙනී යයි. මාධ්‍යවලින් 99% ක්ම පොලිසියේ එම ප‍්‍රශ්ණ එ් ආකාරයෙන්ම ගෙනහැර දක්වයි.

වැලිකඩ බන්ධනාගාරය තුළදී ඇති වූ ගැටුමකින් රැුදවියන් 27 දෙනකු ඝාතනය විය. ධීවර් උද්ඝෝෂණයේ සිට රතුපස්වල සිද්ධිය ඇතුළු එකම ඝාතනයකවත් වගකිව යුත්තන් තවම හෙලි වී නොමැත. එ් සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව ද රටේ අති බහුතරයක් වන බුද්ධිමත් ජනතාවට අවබෝධයක් නැත.

මේ සියලූ තත්වයන් හමුවේ පසුගියදා අළුත්ගමදී සිදු වූ මුස්ලිම් ජාතිකයින් ඉලක්ක කළ ප‍්‍රහාරය පිළිබඳව ඇත්තේ බරපතළ තත්වයකි. එහිදී මනුෂ්‍ය ඝාතන ද සිදු විය. එම ප‍්‍රදේශයේ එ් අවස්ථවේ සිටි මෙම පහරදීමට විරෝධය දක්වන සිංහල ජනතාව ම කියන පරිදි මුස්ලිම් ජාතිකයින් සොයමින් මහ මඟ ගමන් කළ බස් රථ පවා නවතා පරික්ෂා කොට ඇත. එසේම මෙම ම්ලේච්ඡ ප‍්‍රහාරය සිදුවී ඇත්තේ ද පළමු පහරදීම සිදුවී ඇදිරිනීතිය දැමීමෙන් ද පසුව ය. එසේම ම ප‍්‍රහාරය සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අනියමින් සහාය දැක්වූ බව ද මේ වන විට හෙලිවෙමින් ඇත.

පශ්චාත් යුද සමය තුළ ශ‍්‍රී ලංකාවේ තත්වය එයයි. කුමන අවස්ථාවකදී කුමක් සිදුවේදැයි කිසිවෙක් දන්නේ නැත. විශේෂයෙන්ම මේ වන විට රට තුළ හිස ඔසවන බෞද්ධ අන්තවාදය ඉතා භයානකය. ඔවුන්ට නීතියක් නොමැත.  ඕනෑම පාර්ශවයක රැස්වීමකට මාධ්‍ය හමුවකට කඩාවැදී එය කඩා කප්පල් කිරීමේ සිට රජයේ අමාත්‍යාංශවලට පවා බලහත්කාරයෙන් ඇතුළු වී ඔවුන්ට විරුද්ධ පුද්ගලයන් සෙවීමට ද ඔවුන්ට නීතියෙන් බාදාවක් නැත.

එය වර්තමාන තත්වයයි. අතීත තත්වය ද එසේම භ්‍යානක ය. පසුගිය සතියේ ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ සම්මුඛසාකච්ඡුාවකට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ රියදුරු විසින් කළ ප‍්‍රකාශකින් ද එය සනාථ වේ. ඔහු පවසා තිබූ ආකාරයට ඔහු සමඟ අත්අඩංගුවේ සිටි ඇතැම් පුද්ගලයන්ව වරින් වර රැගෙන ගොස් ඝාතනය කර ඇත. එසේ ම ඔහු බීමට වතුර ඉල්ලූ විට සොල්දාදුවන් ඔහුගේ කටට මූත‍්‍රා කර ඇත. සපුගිය කාලයේ උතුරු - නැගෙහිර සිවිල් යුද සමයේදී රජයට සහාය දැක් වූ  දකුණේ ප‍්‍රබලතම පාර්ශ්වය වූයේ ජ.වි.පෙ ය. නමුත් ඊට පෙර ඔවුන්ට රජයේ හමුදා සැලකූ අකාරයේ අල්ප මාත‍්‍රයක් පමණි මෙම සිදුවීම.  පසුව ජ.වි.පෙ. පෙනී සිටියේ එම හමුදාව වෙනිවෙනි. උතුරු - නැගෙනහිරදී එම හමුදාව කටයුතු කළ ආකාරය දන්නේ කවුද? එයට මුහුණ දුන්නවුන් සහ හමුදාවම පමණි.

අතීතයක් සහ වර්තමානයක් අපට ඇත. අපි පවසන්නේ මානව හිමිකම් උල්ලංඝනයන් සිදු නොවන බවයි. රජයේ මාධ්‍ය ප‍්‍රකාශකගේ සිට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක දක්වා හැම දෙනාටම රට තුළ ඇත්තේ සාමකාමී තත්වයකි රට තුළ නීතියේ ආධිපත්‍ය ක‍්‍රියාත්මක වේ. එසේ නම් ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය කාටද?

මෙයට පිළිතුරු සැපයිය යුත්තේ මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් බැට කණ ජනතාවයි. මානව හිමිකම් උල්ලංඝනයන්ට විරෝධය පළ කරන ජනතාවයි. ඊට සහය වන දේශපාලන පක්ෂයි. එම සාකච්ඡව සහ පෙනී සිටීම උස් හඬින් කළ යුතු කාලය එළඹ ඇත.



2014-07-12
Advertisement

Find us on Facebook