English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දිස්ත‍්‍රික්ක මට්ටමින් මහජන අදහස් විමසීම අවසන් - කොළඹට තවත් අවස්ථාවක් !
කොළඹ විසුම්පායේදී මහජන අදහස් විමසී

ශ‍්‍රි ලංකාව සඳහා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මානය කරගැනීම සඳහා වු දිස්ත‍්‍රික්ක මට්ටමින් සිවිල් වැසියන්ගේ අදහස් විමසීමේ කාර්යය ගෙවුණු ඊයේ දිනයෙන් (පෙබ 29) අවසන් වු බව මහජන අදහස් විමසීමේ කමිටුව ප‍්‍රකාශ කළේය.
   
මෙකී කාලසීමාව තුළ දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයට අදාළව මහජන යෝජනා සහ අදහස් තුන්දහසකට ආසන්න ප‍්‍රමාණයක් ලැබී ඇති බවත් ඉදිරිපත්වු එම යෝජනා අතරින් වාචික යෝජනා හා අදහස් 2500 ක් පමණ සටහන් කරගෙන ඇති මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක පැවසීය.
 
මහජන අදහස් විමසීමේ කමිටුව සඳහා සැළසුම්කර තිබු අවසන් දිනය ඊයේ වුවද තවදුරටත් එම කමිටුව වෙත ඇති ඉල්ලීම හේතුකොට ගෙන මාර්තු මස 03 සිට 05 වෙනිදා දක්වා නැවත වාරයක් කොළඹ විසුම්පායේදී කොළඹ දිස්ත‍්‍රික්කය සඳහා මහජන අදහස් හා යෝජනා භාරදීමට කාලය වෙන්කර ඇති බව ද එහි සභාපති ලාල් විජේනායක වැඩිදුරටත් පැවසීය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සඳහා වු මෙම මහජන අදහස් විමසීමේ කමිටුව, කොළඹ දිස්ත‍්‍රික්කයේ අදහස් විමසමින් පසුගිය ජනවාරි මස 18 වෙනිදා කොළඹ විසුම්පායේදි  ආරම්කළ අතර 22 වෙනිදා දක්වා ක‍්‍රියාත්මක විය.



කොළඹ විසුම්පායේදී මහජන අදහස් විමසී

නව ව්‍යවස්ථාව සැකසීම සඳහා අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් එක් කමිටුවක් ද නීතිඥ ජයම්පති වික‍්‍රමරත්නගේ ප‍්‍රධානත්වයෙන් ව්‍යවස්ථා කෙටුම්පත් සඳහා කමිටුවක් ද නීතිඥ ලාල් විජේනායකගේ ප‍්‍රධානත්වයෙන් නව ව්‍යවස්ථාව සඳහා අදහස් ලබාගැනීමට කමිටුවක් ඇතුළු කමිටු 03ක් මේ වන විට පත්කර තිබේ.

-මෙලනි



2016-03-01
Advertisement

Find us on Facebook