English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


සී එස් එන් වෙතින් මානව හිමිකම් පෙත්සමක් !

පොලිස්පතිවරයා සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් වගඋත්තර කරුවන් ලෙසට නම් කරමින්, සී එස් එන් ආයාතනයේ මුල්‍ය අක‍්‍රමිකතාවන් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින පිරිස විසින් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

"තමන්ට එල්ලවී ඇති චෝදනා පදනම් විරහිතයි. එකී චෝදනා වලින් වහා නිදහස් කරන ලෙසට නියෝග නිකුත් කරන්න!"

"තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩ වී ඇති අතර ඒ වෙනුවෙන් නියෝගයක් නිකුත් කරන්න !" යනුවෙන් සී එස් එන් ආයාතනයේ සිදුව ඇතැයි පැවසෙන මුල්‍ය අක‍්‍රමිකතාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනපති පුත් යෝ්ෂිත රාජපක්‍ෂ ඇතුළු සිද්ධියට අදාළ තවත් සිව් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙසේ ඉල්ලා තිබෙන බවට වාර්තා වෙයි.

තමන් ඇතුළු පිරිස සි එස් එන් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන මුල්‍ය අක‍්‍රමිකතාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂෂිත බන්ධනාගාර ගත කර ඇති බවට පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබෙන බව ද සඳහන් වෙයි.

-මෙලනි



2016-03-01
Advertisement

Find us on Facebook