English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වූවන්ගේ වින්දිතයන්ට කොමිසමකින් පලක්වේද?

පරණගම කොමිසම මගින් පමණක් නොව අතුරුදහන්වූවන් පිලිබඳ සොයා බැලීම සඳහා මෙතෙක් පැවති කිසිම කොමිසමකින් වින්දිතයන්ට සාධාරණයක් ඉටුවී නැති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂිකාවක් වන ත්‍යාගී රුවන් පතිරණ පවසයි.

මැක්ස්වෙල් පරණගම කොමිසමට ඉදිරිපත් වී ඇති අතුරුදහන්වීම් පිලිබඳ පැමිණිලි විසිහතරදාස් හතක් අතරින් සිදුවීම් දෙතුන් දහසකට වඩා තවමත් විමර්ෂණය කර නැති බවයි සංදේශය යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලෙස අදහස් දක්වමින් එම කොමිසමේ සෑම හමුවකටම ආරම්භයේ සිට සහභාගීවන ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අළුත් පැමිණිලි

කොමිසම රැස් වන සෑම ස්ථානයක දීම පැමිණිලි සඳහා අළුතින් ලියාපදිංචි වීම් රැසක් සිදුවන හෙයින් සිදුවීම් සංඛ්‍යාව මෙයට වඩා බොහෝ වැඩි විය හැකි බව පැවසූ ඇය සඳහන් කළේ උතුරේ පැවති යුද සමයේ දී සිදු වූ අතුරුදහන් වීම් පිලිබඳ පමණක් නොව ඊට බොහෝ කලකට පෙර පටන් සිදුවූ පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳව ද පරණගම කොමිසමට තොරතුරු ලැබෙන බවයි.

මෙම කොමිසම හමුවේ දී දැනට සිදුවන්නේ පැමිණිලි පිලිබඳ පරීක්‍ෂා කිරීමක් නොව මුහුණට මුහුණ හමුවී තොරතුරු සනාථ කර ගැනීමක් පමණක් බව ද ඇතැම් සිදුවීම් පිළිබඳව සමීක්ෂණ ඉදිරියට ගෙන යාමක් පැමිණිලිකරුවන් අපේක්‍ෂා නොකරන්නේ නම් එවන් අය වන්දි මුදල් ලබා දීම සඳහා යොමු කෙරෙන බවද ත්‍යාගී රුවන් පතිරණ පැවසුවාය.

සියළු පාර්ශව

එල්ටීටීඊ, ඊපීඩීපී, යුද හමුදා යන සියළු පාර්ශව වලින් සිදු කළේ යැයි සැක කෙරෙන අතුරුදහන් කිරීම් පිළිබඳව සාක්‍ෂි ලබා දීම් අද ඉරිදා යාපනයේ පැවති අතුරුදහන්වුවන් පිලිබඳ පරණගම කොමිසම ඉදිරියේ සිදු වූ බවද ඇය ප්‍රකාශ කළාය.

සාක්‍ෂි මෙහෙයවන කොමසාරිස්වරුන් පස් දෙනෙකු සිටින බැවින් ඔවුන් වෙන්ව කටයුතු කරන අතර තමා අසළ සිටි කොමසාරිස්වරයා පමණක් පැමිණිලි 35ක් හෝ 40ක් පිලිබඳ සාක්‍ෂි විමසීම් සිදුකළ බව පැවසූ ඇය කොමිසමේ කාලය මාස තුනකින් දීර්ඝ කිරීම මගින් දහස් ගණනක් වූ පැමිණිලි විමර්ශනය කොට අවසන් කිරීමක් රජය අපේක්ෂා නොකරනු ඇති බවයි සඳහන් කළේ.

උපුටා ගැනීම -  බීබීසි සංදේශය 

-  මෙලනි



2016-02-28
Advertisement

Find us on Facebook