English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


එක්සත් ජාතීන්ගේ හිමිකම් ප්‍රධානියාගේ ශ්‍රී ලංකා සංචාරය පලදායක වෙයිද?


ඉහළම පෙළේ එ.ජා. නිලධාරියකු ශ්‍රී ලංකාවෙහි උතුරුකරයෙහි අභ්‍යන්තරව විතැන් වූ  ජනයා වසන කඳවුරටකට පැමිණීමට පෙරදා බුද්ධි අංශ නිලධාරීහු එහි පැමිණියහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් යාපනයෙහි එම කඳවුරට පැමිණීමට සැළසුම් කර තිබූ අතර එම හමුව සංවිධානය කරනු ලබන්නේ කව්රුන් විසින්ද යන්නත් ඔහු සමඟ කත කරන්නට යන්නේ මොනවාද යන්නත් එකී බුද්ධි අංශ නිලධාරීන්ට දැන ගැනීමට අවශ්‍ය විය.

කඳවුරුවාසීන්ගේ ඉඩම් පසුගිය විසිපස් වසර පුරාම යුද හමුදාව විසින් අල්ලාගෙන සිටීම නිසා  කඳවුර පිළිබඳ ප්‍රශ්ණය සංවේදී එකකි.

මෙම කඳවුරට පැමිණිම 2015 ඔක්තෝබරයේදී ශ්‍රී ලංකාන්ඩුව සම දායකත්වය ඉසුලූ එක්සත් ජාතීන්ගේ යෝජනාවෙහි ප්‍රගතිය සොයා බැලීම පිණිස කැරුණු අල් හුසේන්ගේ ලංකා වාරිකාවෙහි කොටසක් විය.

දශක ගණනාවක් පැවති ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර එළෙස සිය ඉඩම් අහිමි වූ ජනයාට ඉඩම් ආපසු ලබාදීමට පොරොන්දුක්ද එම යෝජනාවෙහි අඩංඟු විය.

ශ්‍රී ලංකාන්ඩුව ගිවිස ගත් අනෙක් පොරොන්දු අතර ත්‍රස්තවාදී නීති අහෝසි කිරීම හෝ සංසෝධනය කිරීම ද සහ උතුරෙහි රඳවා ඇති යුද හමුදා පිරිස් අඩු කිරීමද  ඇතුළත් විය.

යෝජනාව මගින් ශ්‍රී ලංකාණ්ඩුව අධිකරණමය යාන්ත්‍රණයන් හරහා සිව් වැදැරුම් සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයන් පිහිටුවිමට එකඟ විය. ඒවා  විසින් වගවීමල වන්දි ගෙවීමල අතුරුදහන් වූ පුද්ගලයින්ල සත්‍ය සෙවීම  ආවර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණය වනු ඇත.

අල් හුසේන්ගේ පැමිණීමට පෙරදා කඳවුරෙහි ක්‍රියාධරයින් බිය ගැන්වීමල දරුණු මිලිටරිකරණයකට ලක් ව ඇති ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍උතු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රෙහි සාමන්‍ය තත්වයකි. සිවිල් යුද්ධය හත්වසරක් තරම් පෙරදී අවසන් වූ නමුදු කණගාටුවකට මෙන් බියගැන්වීම තවමත් යථාර්ථයකි.

මෙම පෙදෙස් බොහෝ  ප්‍රශ්ණයන්ට මුහුණ දෙති. ආර්ථික වර්ධනයක් පෙනේනට නැති ඔව්හු දුගීය‍. දෙමළ සටන්කාමීන්ගේ සුසාන භූමි විනාශ කර ඇති අතර දෙමළ පාරම්පරික භූමි දැන් සිංහලයින් විසින් වගා කරනු ලැබේ. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් විසිපස් වසරකට පෙර පළවා හරින ලද මුස්ලිම් ජනයා දෙමල බහුතර පෙදෙස් කරා යළි පැමිණ ජීවිත ගොඩ නඟා ගැනීමට අරගලයක යෙදී සිටිති. 

මේ වනාහී පසුගිය පෙබරවාරි 07දා ත්‍රිකුණාමළයේදී  අල් හුසේන් මුණ ගැසුණූ මගේ නැගෙනහිර පළාතේ සමහර මිතුරන් ඔහු සමඟ සාකච්ජා කළ කරුණුය.

අල් හුසේන් සහ ඔහුගේ කණ්ඩායම අවධානයෙන් සවන් දී බොහෝ කරුණූ පරීක්ෂාවට ලක් කළද කරුණූ කිහිපයක් සාකච්ජාවට නොගත් බව ඔවුහු පවසති. සිංහලිමායිම් ගම්මානයන්’හි දෙමළ කොටින් විසින් කරන ලද සමූළ ඝාතනයින්ගෙන් දිවි ගලවාගත්තවුන්ගේ ප්‍රශ්ණය සහ උතුරු දෙමළ ප්‍රජාව තුළ කුලවාදී බෙදීම් ඉස්මතුවීම ඒ අතර වෙයි.

අල් හුසේන්ගේ චාරිකාව මෙම ප්‍රශ්ණ ආමන්ත්‍රණය කැරෙන නව ප්‍රවේගයක් දැල්වීමට අවස්ථාවක් විය හැකිව තිබුණි. රට ගමන් කරන දිසාව සම්බන්ධයෙන් කළකිරෙමින් සහ මුලාවෙන් මිදෙමින් සිටින දිවි ගලවාගත්තවුන්ල වින්දිතයින්ගේ පවුල් යළි බලගතු කිරීමට යොදා ගත්තේ නම්  එම චාරිකාව වඩා ප්‍රයෝජනවත් විය හැකිව තිබුණි.

සමස්තයක් වශයෙන් සිය චාරිකාවෙහිදී බලගතු දේශපාලඥයින් සහ නිලධාරීන් සමඟ සාකච්ජා කිරීමට මූලිකත්වය දීමේ දේශපාලන ප්‍රවිශ්ඨයක් අල් හුසේන් ගත් බව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් දෙමළ කොටින් විසින් බෝම්බ ප්‍රහාරයකට ලක් කරන ලද මහනුවර දළදා මාලිගාව සහ යාපනයේ  නලුලූර් කෝවිලට යාමට ඔහු කාලය වෙන් කර තිබුණිග මේ වනාහි පිළිවෙලින් බෞද්ධයින්ගේ සහ හින්දූන්ගේ ඉතාම පූජනීය ආගමික ස්ථාන වේ.

නමුත් අල් හුසේන්ගේ මහනුවර ගමනෙහි ප්‍රධාන පරමාර්ථය වූයේ එහි වසන බලගතු බෞද්ධ නාහිමිවරුන් මුණ ගැසිමය. පසුව දේශීය මාධ්‍ය වාර්තා කළේ සංක්‍රාන්ති යුක්තිය සඳහා අන්තර් ජාතික සහභාගිත්වය උදෙසා ඔහු විසින් ඉදිරිපත් කළ තර්ක නාහිමිවරුන් ප්‍රතික්ෂේප කළ බවයි.

තනිකරම දේශීයවූ යාන්ත්‍රණ ක්‍රියාදාමයක් සහ ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති පද්ධතියෙහි ඇති දුබලතා සම්බන්ධයෙන් දිවිගලවාගත් දෙමළ පිරිස් සහ වින්දිතයින්ගේ පවුල් දක්වන අවිශ්වාශය ගැන නාහිමිවරුන්ට අවබෝධ කිරීමට අල් හුසේන් අසමත් වූ බව පෙනේ. එමෙන්ම වගවීම සහ යුද්ධකාලීන අවභාවිතයන් සම්බන්ධයෙන් වන අධිකරණමය ක්‍රියාදාමයක අන්තර් ජාතික සහභාගිත්වය ඇතිකිරීමට ජිනීවාහිදී ශ්‍රී ලංකාණ්ඩුව දුන් පොරොන්දු ගරුකිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් නාහිමිවරුන් නම්මා ගැනීමටද ඔහු අසමත් වූ බවද පෙනේ.

ත්‍රිකුණාමලයේ සිවිල් සමාජ රුස්වීමෙහිදී දෙමළ කතෝලික පූජකවරුන් ගණනාවක්ද අල් හුසේන් හමුවියග එන් එක් අයකු මට කියා සිටියේ එක්සත් ජාතින්ගේ නිලධාරියා මිත්‍රශීලීව අවධානයෙන් සවන් දී සකසුරුවම්ලෙස සටහන් ලියාගත් බවයි.

‘ සෑම ප්‍රශ්ණයක්ම මතු කිරීමට අවස්ථාවක් තිබුණේ නෑ’ යැයි කී එම පූජකවරයා පසුව මහ කොමසාරිස්වරයා හමුවූ විට මතුකළ යුතු කරුණූ ගැන මට උපදෙස් දුන්නේ ය.

සමස්තයක් ලෙස කිතුණුවෝ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරදී මෙන්ම සුලුතර දෙමළ ප්‍රජාව තුළද සුලුතරයක් වෙති. එසේ නමුත් දෙමළ පූජකවරු සහ සභාව  ශ්‍රී ලංකාවෙහි වගවීම ඇතිකිරීමෙහිලා ප්‍රබල අන්තර් ජාතික සහභාගිත්වයක් අවශ්‍යබවට බලවත් සහ කැපිපෙනෙන කාර්යභාරයක් ඉටු කළ සංවිධානයන්ට නායකත්වය දුන්හ.

ඉදිරි ගමන සඳහා පූජකවරුන් විසින් බිම් මට්ටමේ පවත්නා තත්වය තේරුම් ගන්නා අතරම දේශීය සහ අන්තර් ජාතික දේශපාලනය තුල  ඇතිව ඇති වෙනස්කම්ද විශ්ලේෂනය කර ගත යුතුය. එමගින්  සමෝධාන පිළිවෙතකින් සාකච්ජා සහ උපදේශනය කළ හැකි සහ ශ්‍රී ලංකාවට තමන් සමඟ සමෝධාන වීමට සහාය වන නිර්මාණශීලී මාවත් සකස් කරගැනීමට හැකි වනවා ඇත.

කෙසේ වෙතත් අල් හුසේන්ගේ චාරිකාව  ශ්‍රී ලංකාණ්ඩුවෙන් කිසිදු වැදගත් පොරොන්දුවක් ලබා ගැනීමට සමත්වූ බවත් නොපෙනේ. එය ද හරියටම ඔහු පසුගිය වසරෙහි යුද්ධ අපරාධ වාර්තාවඉදිරිපත් කිරීම මාර්තු මාසයේ සිට සැප්තැම්බරයට කල්දැමූවා වැන්න.

රටෙහි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආණ්ඩුව දුන් ප්‍රධාන පොරොන්දු ආපසු හැරවෙන ප්‍රසිද්ධ ප්‍රකාශයන් කර තිබෙන තත්වයක් යටතේ මෙම වර්ධනය කණස්සල්ලට හේතුවෙයි. තවද අනෙක් පොරොන්දු සම්බන්ධයෙන් විසදුම් ලබාදීමේ ප්‍රගතිය ඇත්තේද අවම මට්ටමකය. චාරිකාව අතරතුරදී මහ කොමසාරිස්වරයා විසින් ඉහළ කඩඉම් පිහිටුවා ඒවා තරණය කිරීම දේශපාලනඥයින්ට පවරන්නට ඉඩ තිබුණි.



රුකී ප්‍රනාන්දු

- Melani




2016-02-28
Advertisement

Find us on Facebook