English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යුධ අපරාධ විමර්ශනයට විදේශ සහය ලබාගැනීමේ නැඹුරුවක් !

ඇමරිකාවේ වොෂිංටන් නුවර පිහිටි සාමය පිළිබඳ ඇමරිකානු මධ්‍යශ්ථානයේ ඊයේ (25) පැවති සමුළුවක් ආමන්ත‍්‍රණය කරමින් , ශ‍්‍රි ලංකාවේ සිදුවුයේ යැයි ප‍්‍රකාශ කරන යුධ අපරාධ විමර්ශනය කිරිම සඳහා ශ‍්‍රි ලංකා ආණ්ඩුව විශේෂ අධිකරණයක් පිහිටුවන බව ශ‍්‍රි ලංකාවේ විදේශ ඇමති මංගල සමරවීර ප‍්‍රකාශ කළේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදේශ සහය ද ඇතිව විදේශ අධිකරණයක් පිහිටුවන බවට ශ‍්‍රි ලංකා ආණ්ඩුව පසුගියදා පැවති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවේදි ත් ප‍්‍රකාශ කළ බව සිහිගන්වා ඇති මංගල සමරසිංහ ඇමතිවරයා , විශේෂ යුධ අපරාධ විමර්ශන අධිකාරියක් පිහිටුවීම සඳහා විදේශ නීති විශාරදයන්ගේ සහ විනිසුරුවන්ගේ් සහය ලබාගැනීම සළකා බලන බවට ප‍්‍රකාශකර ඇත.



විශේෂ අධිකරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය හා අනෙකුත් පක්‍ෂ සමඟ සාකච්ඡා කරන බවත්, මාස පහක් හෝ හයක් ඇතුලත එම අධිකරණය පිහිටුවන බවත්  සමුළුවෙන් නැගුණු ප‍්‍රශ්ණවලට පිළිතුරු දෙමින් විදේශ ඇමතිවරයා සඳහන් කර ඇත. 

එහෙත් ශ‍්‍රී ලංකාව තුළ සිදුකෙරුණු යුධ අපරාධ හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම පිළිබඳව විමර්ශනයක් සඳහා ජාත්‍යන්තර විනිසුරුවන්ගේ මැදිහත්වීමකට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපති සිරිසේන මීට පෙරදී සිදුකර තිබෙන ප‍්‍රකාශය සම්බන්ධයෙන් නැගුණු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර ඇමතිවරයා පැවසුවේ එය "ජනාධිපති වරයාගේ පෞද්ගලීක මතය වන අතර යුද්ධයෙන් පීඩාවට පත්වු ජනතාවට පිළිගත හැකි විශ්වාසනීය අධිකරණයක් පත්කර ගැනීම ආණ්ඩුවේ අරමුණ" බවයි.



මේ වන විට හමුදා පාලනය යටතේ පැවති දමිළ ජාතිකයින්ගේ ඉඩම් අක්කර තුන්දහසකට වඩා නිදහස්කර දී ඇති බවත් ඉදිරි සති කිහිපයේදි තවත් ඉඩම් අක්කර හය සීයයක් නිදහස් කරදෙන බවත් කියා සිටි විදේශ ඇමතිවරයා, හමුදාව විසින් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සිදුකරමින් පැවති ව්‍යාපාර සංස්කෘතිය නැවැත්වීමට ද පියවර ගෙන තිබෙන බවත් මේ වසරේ ජුනි මාසය වන විටදි එම ප‍්‍රදේශවල හමුදාව විසින් පවත්වාගෙන යන හෝටල් හා ව්‍යාපාර එහි පුරවැවැසියන් වෙත පැවරීමට කටයුතු සිදුකරමින් සිටින බව ද අවධාරණය කර ඇත.

https://www.colombotelegraph.com/index.php/mangala-contradicts-maithri-says-international-participation-is-needed-in-war-crimes-investigation/

courtesy  - Colombo Telegraph

-මෙලනි



2016-02-26
Advertisement

Find us on Facebook