English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඔහුගේ මරණය ඝාතනයක් - සැකකරුවන් වහා අත්අඩංගුවට ගැනීමට නියෝග !
දීර්ඝ කාලයක් තුළදී සිදුකළ පරීක්‍ෂණ වාර්තා 06 යක් සැළකිල්ලට ගනිමින් රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව, තාජුඞීන් ඝාතනය කරඇති බවට නිගමනය කළ හැකි යැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පිරිස් අද (25) නිවේදනය කළේය. ඒ සමඟම මරණයට සම්බන්ධ සියලූ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත්කරන ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය රහස් පොලීසියේ අධ්‍යක්‍ෂවරයාට නියම කළේය.


වසීම් තාජුඞීන්ගේ පපුව , බෙල්ල සහ පාදවලට සිදුවී ඇති තුවාල හේතුවෙන් ඔහුගේ මරණය හටගෙන ඇති බව මහේස්ත‍්‍රාත්වරයා මරණ තින්දුව දෙමින් ප‍්‍රකාශ කළේය.

තාජුඞීන්ගේ මරණයට අදාළව තවදුරටත් විමර්ශන කටයුතු දියත් කෙරෙන අතර රහස් පොලීසිය විසින් සාක්‍ෂිකරුවන් 16 දෙනෙකුගෙන් මේ වන විට ප‍්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන් කළ රජයේ නීතිඥවරයා, පොලීසිය විසින් මෙම ඝාතනය පිළිබඳ සිදුකරන දුරකථන පරීක්‍ෂණ සහ අස්ථි කොටස් නැතිවීම පිළිබඳව සිදුකරන පරීක්‍ෂණ අවසන් අදියරේ පවතින බවත් ප‍්‍රකාශ කළේය.

පරික්‍ෂණ වලදී සොයාගනු ලැබු සීසීටීවී විඩියෝ දර්ශන නොපමාව විදෙස් පරික්‍ෂණවලට භාජනය කර වාර්තාවක් ලබාගන්නා ලෙසට ද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය පොලීසියට නියම කළේය.   

මෙම නඩුව යළි මාර්තු 23 වෙනිදා ඇසීමට නියම විය. 

-    මෙලනි





2016-02-25
Advertisement

Find us on Facebook