English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තොරතුරු දැනගැනීමේ පනත කඩිනම් කරන්න - ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රි ලංකා ආයාතනය
2015 මාර්තු මස 20 වෙනිදා සම්මත කරනවා යැයි කියු තොරතුරු දැනගැනීමේ පනත ඉදිරියේදි පාර්ලිමේන්තුවට ගෙනෙන බවට ඉඟි පළවෙන අතර, මෙම පනත සම්මත කරගැනීම තුළින් රටේ පවතින අර්බුදකාරි තත්ත්වයන් පිළිබඳව මෙන්ම පුරවැසියන්ට ද මුහුණ දෙන්නට සිදුවන බලපෑම්, පීඩනයන් එනම් මුලික අයිතිවාසිකම්  පිළිබඳව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගුවන පරිදි විමසා සිටීමේ යම් බලයක් මාධ්‍යට මෙන්ම පුරවැසියන්ට ද හිමිවෙයි.

එවැනි බලයක් පැවරෙන මෙම පනත සෑදිමේදි සිවිල් සමාජයේ සහය ලබාගැනීම පිළිබඳව සහා එවැනි වු ආකාරයක බලයක් පැවැරෙන ලෙසට මෙම පනත ගෙනඑන්නට කටයුතු කිරිම පිළිබඳව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රි ලංකා ආයාතනයේ විධායක අධ්‍යක්‍ෂක අශෝක උබේසේකර රජයට සිය කෘතවේදිත්වය පළ කළේය.



තොරතුරු දැනගැනීමේ පනත තවදුරටත් ප‍්‍රමාද නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන ලෙසටත් , එම පනතට තවත් අත්‍යවශ්‍ය කරුණු 06 ක් එක්කර ගන්නා ලෙසටත්, මේ සම්බන්ධයෙන් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රි ලංකා ආයාතන විසින් ඊයේ (24) කොළඹ දී පැවති මාධ්‍ය හමුවේ දී රජයෙන් ඉල්ලා සිටියේය.

එම ආයතනය විසින් තොරතුරු පනතට එක්කරන්නටැයි රජයට යෝජනා කරනු ලබන අත්‍යවශ්‍ය කරුණු 06 අඩංගුකර වාර්තාවක්, සෑම මැති ඇමතිවරයෙකු වෙතටම යැවු බව සඳහන් කළ විධායක අධ්‍යක්‍ෂකවරයා, ඔවුන් ඉදිරිපත් කළ එම අත්‍යවශ්‍ය කාරණා 06 ද ඇතුලත්ව, වෙනස් නොකර ඒ ආකාරයෙන්ම මෙම තොරතුරු පනත සම්මත කරගැනීමට වර්තාමාන ආණ්ඩුවට නොහැක්කේ නම්, අනාගතයේදි පාර්ලිමේන්තුවට ඉදිරිිපත් කරන්න බලාපොරොත්තු වන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කෙසේ විශ්වාස කරන්න දැයි ප‍්‍රශ්න කර සිටියි.


”නීතිපතිවරයාගෙන් තොරතුරු ලබාගන්නට ජනතාවට තිබෙන අයිතිය අහිමිකර තිබෙනවා, එය අපි දකින්නේ ජනතාවට සිදුවන ලොකු අඩුවක් ලෙසට, ඒ නිසා නීතිපතිවරයාගෙන් තොරතුරු ලබාගැනිමට පුළුවන් වන ආකාරයට මේ පනත සංවර්ධනය වෙන්න ඔිනේ. ඒ වගේම තොරතුරු අවශ්‍යකරන විටදි  ඕනෙකමින් තොරතුරු නොදී සිටින නිළධාරියෙකුට දඬුවමක් දීමේ හැකියාවක් තොරතුරු කොමිසමට නැහැ. මේ පනත ක‍්‍රියාත්මක වීමේදි යම් රාජ්‍ය නිළධාරියෙකුට පුළුවන් ජනතාවට තොරතුරු නොදි පැහැර හරින්න. එහිදි යම්කිසි දඬුවමක් දීමේ හැකියාව තොරතුරු කොමිසමට තිබිය යුතුයි. මෙසේ  ඕනෑකමින් තොරතුරු දිමෙන් වැළකී සිටින නිළධාරින්ට එරෙහිව තොරතුරු කොමිසම මගින් දඬ නියම කිරීමේ හැකියාවක්  ඉන්දියානු තොරතුරු පනතේ නම් අඩංගුවෙලා තිබෙනවා. ඉතිං එවැනි ප‍්‍රතිපාදනයක් අපේ තොරතුරු පනතටත් ඇතුල් කිරීම ඉතාම වැදගත් කියා අපි ද කිනවා. ඒවගේම තොරතුරු කොමිසම විසින්් රාජ්‍ය ආයතන වලට වාර්ෂිකව වාර්තා ඉදිරිපත් කළ යුතුයි නමුත් එම වාර්තා ඉදිරිපත් කිරීමේ කාල චක‍්‍රයක් ඉදිරිපත්කරල නැහැ. මේ ආකාරයෙන් අත්‍යවශ්‍ය කරුනු 06ක් පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි තොරතුරු පනතක් මේ මාසේ අග හෝ ලබන මාසේ ඉක්මනින් ගෙනේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා වැඩි දුර සංවර්ධනය නොකළත් බාල නොකර දියාරු නොකර මේ ආකාරයෙන් ම මේ තොරතුරු පනත සම්මත කරන්න කියලා.” යැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රි ලංකා ආයාතන වෙනුවෙන් මාධ්‍යට අදහස් ප‍්‍රකාශ කළ නීතිඥ ජගත් ලියනආරච්චි ප‍්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් කරුණු විග‍්‍රහා කරමින් කියා සිටියේ, ”පාර්ලිමේන්තුවේ මෙය සම්මත කළාට පසුව රජයට විශාල කාර්ය භාරයක් තිබෙනවා, කොමිසමක් පත්කරන්න  ඕනේ , අදාළ ආකාරයට මුදල් වෙන්කරන්න  ඕනේ, ඊට අදාළව කාර්ය මණ්ඩලය බදවා ගතයුතු වෙනවා, සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම තොරතුරු නිළධාරීන් සහ තොරතුරු අභියාචන නිළධාරීන් පත්කළ යුතු වෙනවා වැනි විශාල කාර්ය භාරයක් සිදුකළ යුතුයි. ඒවගේම මේ තොරතුරු පනත හරහා ජනතාවට ලැබෙන ප‍්‍රථිලාභ ගැන ඔවුන් කිසිවක් නොදන්නා නිසා ඔවුන්ව දැනුවත් කළ යුතු වෙනවා.” යනුවෙනි.

එහිදි කථාකළ ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රි ලංකා ආයාතනයේ ජේ්‍යෂ්ඨ කළමණාකරු ශාන් විජේතුංග කියා සිටියේ, මේ සම්බන්ධයෙන් උතුරු පළාතත් ඔවුන්ගේ අනුමැතිය සහ නිර්දේෂ දන්වා එවා තිබෙන බවත්, තවදුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ පළමු කාර්තුව නිම විමට පෙර, පොරොන්දු වෙච්ච ආකාරයටම පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කර සම්මත කරගන්නා ලෙසය.



”වසර 25කට වැඩි කාලයක් ලංකාවේ ජනතාවත්, සිවිල් සංවිධානත් තද බල ලෙස ඉල්ලා සිටියා මෙවැනි පනතක් අවශ්‍යයි කියලා. 1995 දි තමයි මුලික අවධානය යොමු කෙරුණේ නමුත් මේ දක්වාම අවස්ථා පහකදී පමණ තොරතුරු දැනගැනීමේ නීති රීති මේ රටේ ක‍්‍රියාත්මක කරගන්නට උත්සාහයන් ගනු ලැබුවා. නමුත් ඒ හැම උත්සාහයක්ම අවකට පැවති රජයයන් විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබුවා. නැතිනම් ඒවා සම්මත කරගන්නට කටයුතු කළේ නැහැ. එක් අවස්ථාවකදි ඇමති මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එම පාර්ලිමේන්තුව 2004 දි විසිරුවා හැරියා.  දැන් කදිම අවස්ථාවක් තිබෙන්නේ, මේ රජය සහ මේ ජනාධිපතිවරයා බලයට පත්වෙන්න පෙර ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලින් සඳහන්කරලා සහතිකයක් දුන්නා තොරතුරු දැනගැනීමේ පනත එවගේම විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරනවා කියලා. මේ වෙනකොටත් තොරතුරු දැනගැනීමේ පනත ඇමති මණ්ඩලය විසින් අනුමත කරලා තිබෙනවා.  මේ පනත හදන්නත් විශාල වශයෙන් ජනතා අදහස් ලබාගෙන තිබෙනවා. ඉතිං රජයට කරන අපේ එකම ඉල්ලීම හැකි තරම් ඉක්මනින් අවශ්‍යකරන මේ සම්මත කිරීම කරන්න කියන එකයි.” වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ ශාන් විජේතුංග කියා සිටියේය.

-    මෙලනි



2016-02-25
Advertisement

Find us on Facebook