English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අන්තර් ජාතික පරීක්‍ෂණය ශ‍්‍රි ලංකාවට අවශ්‍යමයි !

හර්මන් කුමාර - ජාතික ධිවර සහයෝගීතාවයේ කැඳවුම්කරු මෙන්ම ලෝක ධීවර සම්මේලනයේ නිත්‍ය නියෝජිත

ඕනෑම රටක් පාලනය සදහා රටෙි නීති පද්ධතියක් ඇති අතර එම නීති සැමට සාධාරණ ව කි‍්‍රයාත්මක විය යුතු අතර නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන විය යුතුය. නීතිය සැමට සාධාරණව කි‍්‍රයාත්මක වේ නම් හා සාධාරණව කි‍්‍රයාත්මක වන බව පෙනී යන්නේ නම් ජාත්‍යන්තරයට රටක් තුලට ඇගිලි ගැසීමට කිසිදු සාධාරණ හේතුවක් නැත.

නමුත්, ශී‍්‍ර ලාංකික ව්‍යවස්ථාව තුලින්ම මෙම අවස්ථාව අහිමිකර ඇති අතර ජනාධිපති වරයා නීතියට ඉහලින් සිටිමින්, ගන්නා කිසිඳු කි‍්‍රයා මාර්ගයක් නීතිය ඉදිරියේ ප‍්‍රශ්ණ කල නොහැකි නම් නීතිය ඉදිරියේ සමානාත්මතාවය අහිමිකර තිබීම අනිවාර්යයෙන් ම ප‍්‍රශ්ණාර්ථයක් ජනිත කරවයි. රටේ ඇති මෙම නීතිය තුලින් පුරවැසියාගේ අයිතිය ආරක්ෂා කර දෙයිද?

මෙම ව්‍යස්ථාපිත අසාධාරණය ට අදාල කරුණු සියල්ල පසෙක තිබියදී රට මුහුණදුන් යුද්ධය අවසන් වීමත් සමග යුද්ධය සිදුකල කාලය තුල සිදුවූ මානව හිමිකම් කඩවිම් පිළිබඳව සොයා බැලීම සදහා විධිමත් පියවර ගන්නා බවට ජනාධිපති වරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑං කී මූන්ට 2009 මැයි මස අවසන් සතියේ දුන් පොරොන්දු ඉටු කිරීම පිළිබඳව ජාත්‍යන්තර ප‍්‍රජාව අතර ඇති වූ සංවාදය රටට යහපත් කරුණක් නොවිය.

මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයාට උපදෙස් දීමට පත්කල කොමිසමට හෙවත් රට තුල දරුස්මාන් කොමිසම නමින් ප‍්‍රසිද්ධවූ ප‍්‍රවිනයන්ගේ කමිටුවට ලැබුනු ප‍්‍රතිචාරයන් ලොවටම පැහැදිළිිවූ අතර මෙය ජාත්‍යන්තර බලපෑමක් ලෙස රජය විසින් ප‍්‍රතික්ෂේප කර අපට අනන්‍ය වැඩපිලිවෙලක් සැකසීම සදහා ප‍්‍රතිඥා දෙන ලදී.

අපගේම වූ යාන්ත‍්‍රණයක් තුලින් රටට යෝග්‍ය වැඩපිලිවෙලක් සැකසීමට ජනාධිපතිවරයා පත්කළ කොමිසම ඉදිරිපත් කල වැඩ පිළිවෙල හෙවත් උගත් පාඩම් හා ප‍්‍රතිසංධානය පිළිබඳ කොමිසම ලොවෙන් පැමිණි බලපෑම සමනය කර ගැනීම සදහා පමණක්ම බව පැහැදිලි වූයේ අනෙකුත් ජනාධිපති කොමිසම් වලට අත්වූ ඉරණම නිසාම පමණක් නොවේ.

මෙම කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කරමින් රටේ සංහිදියාව ගොඩ නැංවීම හා බලය බෙදා ගනිමින් ජනවර්ග අතර සුහදතාවය ගොඩ නැංවිම සදහා කි‍්‍රයා මාර්ග ගැනීමට අදාල කොමිසමේ වාර්තා කි‍්‍රයාත්මක කරන ලෙසත් මේ සඳහා අවශ්‍ය වන තාක්ෂණික සහයක් වේ නම් මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම්වරියගේ සහය ලබා ගතයුතු බවටත් සඳහන්කර 2013 දී අමෙරිකාව ඉදිරිපත් කල යෝජනාවටද රජයේ මෙහෙයවීමෙන් දැක්වූ ප‍්‍රතිචාරයද වැදගත් විය.

රට තුල ඇතිවූ මානව හිමිකම් පිළිබඳව, ගැටළු පිළිබඳව වගවිම් සඳහා තමන්ම පත්කල කොමිසමක නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට, කි‍්‍රයාත්මක නොවන රජයක් පිළිබඳව ලොවෙන්ම මතුවූ දැඩි අවිශ්වාසය මත මානව හිමිකම් කවුන්සිලයේ මිළග පියවර පෙරට වඩා තරමක් දැඩිවූ අතර මේ සඳහා ජාත්‍යන්තර කි‍්‍රයාවලියක අවශ්‍යතාවය මතු කරමින් අමෙරිකානු යෝජනාව ඉදිරිපත් කර, 2014 දී යෝජනාවද වැඩි ඡුන්දයෙන් සම්මත වීම රටට අපකීර්තියක් වූ අතර රටතුල ඇති ප‍්‍රශ්ණ රට තුලින් විිශ්වාසනීයත්වයකින් විිසඳා ගෙන රටේ පුරවැසියාගේ අයිතිය ආරක්ෂා කරදීමට රජයේ ඇති නොහැකියාව මනාව ඉදිරිපත්වූ අවස්ථාවක් විය. රට හා මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව ගැටළු විසඳා ගැනීමට බාහිර යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වීම අපකීර්තියක් වුවද රටේ ප‍්‍රශ්ණ විිසඳා ගැනීම සඳහා අප ලොව පිළිගත් මානව හිමිකම් මූලධර්මයන්ට අනුව කි‍්‍රයාත්මක වන බවට සහතික වෙමින් මෙම ජාත්‍යන්තර පරීක්ෂණයට මුහුණ දිය යුතුය.

අපි විසින් යුද්ධ කාල සීමාවේ ඇතිවූ යුධ අපරාධ පවතීනම් වගකිව යුත්තන්ට දඩුවම් ලැබීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. නමුත් මේ පිළිබඳව වගකිව යුත්තන් මහ හඬින් ප‍්‍රකාශකරන කිසිදු යුධ අපරාධයක් සිදු නොවූ බව සත්‍යයක් නම් බිය විය යුත්තේ කුමකටද? අප බිය විය යුත්තේ අසාධාරණ කි‍්‍රයාමාර්ගයන්ට අදාලව ජාතීන්ට සිදුකල විපතක් ඇත්නම් මේ සඳහා යුක්තිය හා සාධාරණත්වය ඉටුනොකර යටපත් කර දැමීමටයි.

රටේ ජනතාවට සාධාරණය ඉටුකරන්නට නම් රජය සිදුකල යුතුව තිබුනේ, තමන්ම පත්කල කොමිසමේ වාර්තාවන් තමන්ම ඉටුකිරීම මගින් ජනතාවට සාධාරණය ඉටුකිරීම මෙන්ම සාධාරණය ඉටුවන බව ලොවට පෙන්විමයි. නමුත් මේ දෙකම සිදුනොවීමෙන් අද සිදුව ඇත්තේ ලෝකයෙන් එල්ලවන බලපෑමට යටවෙමින් මේ සාධාරණය දිනා ගැනීමට ජනතාවට මැදිහත් වීීමටයි. අසාධාරණයට එරෙහිව මානව හිමිකම් කොමිසමෙන් එන ජාත්‍යන්තර කොමිසම ඉදිරිපත් කරන අභියෝගයට මුහුණ දීමටයි. අපවිසින් විසඳා ගතයුතු දේ නොකිරීමෙන් අද රටම අපහසුවට පත්කිරීම පිළිබඳව රජය වගකිව යුතු අතර, කළ යුත්තේ, රට තවදුරටත් අපකීර්තියට පත් නොකර, ජාත්‍යන්තර පරීක්ෂණයට මුහුණ දීමයි.

මේ වෙනුවෙන් අපි ජාත්‍යන්තර පරීක්ෂණයට මුහුණ දිය යුතු අතර රටෙි පුරවැසියන් ලෙස අපි මේ සදහා සූදානම්ය. රටේ ගෞරවය රැුකෙන්නේ අප නිවැරදි බව ලොවට හෙළිකිරීමෙන් මිස නිවැරදි බව කියමින් පරීක්ෂණයට මුහුණ නොදී පලායාමෙන් නොවෙයි. පලායන්නට ගන්නා උත්සාහය තුල ඇත්තේ වැරදිකරුවන් වීමට ඇති බිය හා වැරද්දක් වී ඇත්නම් සැඟවීමට ගන්නා දුර්වල උත්සාහයන්ය.



2014-07-12
Advertisement

Find us on Facebook