English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යෝජිත ඉන්දු-ලංකා ආර්ථික හා තාක්‍ෂණික ගිවිසුම ETCA ප‍්‍රසිද්ධ කළ යුතුයි !

දැනට කෙටුම්පත්කර ඇති යෝජිත ඉන්දු ලංකා ආර්ථීක හා තාක්‍ෂණික ගිවිසුම නිිල වශයෙන් වහා ප‍්‍රසිද්ධියට පත්කරන ලෙසටත් ඒ සමගම ආණ්ඩුවේ නිල අර්තකථනය සමාජය හමුවේ තබන ලෙසටත් නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ඉල්ලා සිටියි. ඒ සමඟම අගමැතිතුමා විසින් ඊට විරෝධය දක්වන වෘත්තිකයින් වෙත කරනු ලබන තර්ජනාත්මක ප‍්‍රකාශ දැඩි ලෙස හෙළා දකින බව ද නිවේදනය කරයි.

ඉන්දියාව සහ ශ‍්‍රි ලංකාව අතර ද්විපාර්ශවීය ගිවිසුම් අත්සන් කිරීම අලූත් දෙයක් නොවන  බව සහ අසල්වැසි බලවත් රාජ්‍යයක් මගහැර අප රටට පැවතිය නොහැකි බව දන්නා බවත් සඳහන් කරන නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය අවාසනාවකට එම ගිවිසුම පිළිබඳව මෙතෙක් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගිවිසුමේ පූර්ණ පිටපත නොව මුලික කොන්දේසි සහිත ගිවිසුමෙහි රාමුව පමණකැයි ඔව්හු චෝදනා කරයි.

නිල වශයෙන් නොවන ඒවායේ අවිනිශ්චිත කරුණු පිිළිබඳව කෙරෙන අදහස් දැක්වීම් මත මේවන විට විශේෂයෙන් සේවා ක්‍ෂේත‍්‍රයන් හී වෘත්තිකයන්ගෙන් බරපතල විරෝධයක් මතුවන බව ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි.

ආණ්ඩුව ඊට ප‍්‍රතිචාර දක්වන ආකාරය හා විශේෂයෙන්ම අගමැතිවරයා එම විරෝධයන්ට එරෙහිව කරනු ලබන තර්ජනාත්මක ප‍්‍රකාශ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන්නේ යැයි පවසන ආණ්ඩුවේ ප‍්‍රධානියාගෙන් බලාපොරොත්තු නොවන වා මෙන්ම එවැනි ප‍්‍රකාශ තරයේ හෙළා දකින බව ඔව්හු ප‍්‍රකාශ කරතිි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක ආණ්ඩුව සහ අගමැතිවරයා විසින් ඉදිරිපත්කරන සියලූ අදහස් එළෙසින්ම පිළිගැනීමට අප හෝ වෙනත් කිසිවෙකු බැදී නොසිටින බව අවධාරණය කර සිටින සේවක සංගමය, ආණ්ඩුවට වඩා වෙනස් හා විරුද්ධ මත දැරීමේ පූර්ණ අයිතියක්  සැමට ඇති බව ද සඳහන් කරයි.

"මෙම යෝජිත ආර්ථීක හා තාක්‍ෂණික ගිවිසුම පිළිබඳව සියලූ තොරතුරු දැනගැනීමේ අයිතිය අපට ඇත. විශේෂයෙන්ම දශක කිහිපයක සිට ශ‍්‍රි ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳ ගිවිසුම් ගණනාවක් අත්සන් තබා ඇති හෙයින් මේ ගිවිසුමෙහි ඇති විශේ්ෂත්වයත් එය මෙරටේ ජනතාවට පොදුවෙත් රටේ ශ‍්‍ර‍්‍රම බලකායට විශේෂයෙනුත් බලපාන්නේ කෙසේ දැයි පුළුල් සංවාධයක යෙදිමේ අවකාශය හා අයිතිය රටේ ශ‍්‍රම බලකාය නියෝජනය කරන වෘත්තිය සමිති ලෙස අපට ඇත." යනුවෙන් නිදහස් වෙළඳ කලාප පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් ගේ අත්සනින් යුත් එමට නිවේදනයේ සඳහන් වෙයි.
 
-    මෙලනි




2016-02-20
Advertisement

Find us on Facebook