English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පිලිගත්තේ පොලිස් රියදුරු පමණයි.

මාගේ මානව හිමිකම් කඩවී ඇති බව පිළිගෙන මානව හිමිකම් කොමිසම 2011 වසරේ දී ලබාදුන් නිර්දේශය පිළිගෙන වන්දි මුදල් එවා තිබුනේ පොලිස් රියදුරු පමණක් බවත් ඉහල නිලධාරීන් කිසිවෙක් තවමත් මගේ වන්දි මුදල් එවා නැති බවත් දෙනියාය කොස්මෝදර පදිංචි චන්දන මහතා ඊයේ (22) පැවති රැස්වීකදී පවසා සිටියාය.  

ඔහු එම අදහස් ප‍්‍රකාශ කරනු ලැබුවේ පොලිස් වධහිංසාව ඇතුලූව අනෙකුත් මානව හිමිකම් කඩවීම් වැලැක්වීමට රජය විසින් ගොඩන`ගා ඇති යන්ත‍්‍රණය දකුණු පළාත තුළ කි‍්‍රයාත්මක වන ආකාරය, වින්දිතයන්ගේ හා මානව හිමිකම් කි‍්‍රයාකාරීන්ගේ අත්දැකීම් ඇසුරෙන් විමසා බැලීම සදහා රයිට් ටු ලයිෆ් සංවිධානය විසින් කැදවා තිබු විශේෂ හමුවකදීය.

ඔහු වැඩි දුරටත් පවසා සිටියේ 2011 වසරේ දී දෙනියාය, කොස්මෝදර පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ අමානුෂික පහරදීමට එරෙහිව මානව හිමිකම් කොමිසම කළ පරීක්ෂයෙන් පසුව මානව හිමිකම් කඩවී ඇති බව පිලිගෙන කොමිසම විසින් මට පහරදුන් උප පොලිස් පරීක්ෂකට රුපියල් 12,500 ක හා සාජන්ට රුපියල් 10,000 හා පොලිස් රියදුරුට රුපියල් 2500 ක් වශයෙන් රුපියල් 25,000 ක් වන්දියක් වශයෙන් ගෙවන ලෙස නියම කරනු ලැබුවත් තවමත් එම නිර්දේශය අනුව මුදල් එවා තිබුනේ පොලිස් රියදුරු පමනක් බවයි. 2011 දී ලබාදුන් එම නිර්දේශය අනුව තවමත් ඉහල නිලධාරීන් වන්දි මුදල් ලබා නොදීමෙන් පෙනී යන්නේ කොමිසමේ නිර්දේශ ඉහල පොලිස් නිලධාරීන් පිලිනොගන්නා බව යැයි  චන්දන මහතා ප‍්‍රකාශ කර සිටියාය.

හම්බන්තොට, මිරිජ්ජවිල පිහිටි විහාරමහාදේවී මානව සංවර්ධන කෙන්ද්‍රයේ දී පැවැති මෙම හමුව සදහා ගල්ල, මාතර හා හම්බන්තොට දිස්ති‍්‍රක්කයන් හි පොලිස් වධහිංසාවට පත‍්‍රවූ වින්දිතයන් හා මානව හිමිකම් ආරක්ෂකයන් ඇතුලූ පණහකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

මාතර, පිටබැද්දර පොලීසියේ පහරදීමකට ලක්වූ අසන්ත අරවින්දගේ පියා මෙම හමුවේදී අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ තම පුතාගේ මානව හිමිකම් කඩවී ඇති බව පිළිගෙන මානව හිමිකම් කොමිෂම 2011 දී ලබා දුන් නිර්දේශය අනුව ගෙවිය යුතු රුපියල් 5000 ක මුදල ගෙවීම පොලිස් නිලධාරීන් විසින් මෙතෙක් පැහැර හැර ඇති බවත්, මේ සම්බන්ධව කොමිසමෙන් විමසා ලිපි 5ක් පමණ යවා ඇතත් කොමිසම තවමත් එයට වත් පිළිතුරක් එවා නැති බවත්ය.



2014-06-24
Advertisement

Find us on Facebook