English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඇඹිලිපිටිය තරුණයාගේ මරණයට හේතුව !

මරණයට හේතුව අනාවරණය වෙයි. වරදකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග.

බරපතල පොලිස් ප‍්‍රහාරයන්වලට මුහුණ දී ජීවිතක්‍ෂයට පත්වුණු ඇඹිලිපිටිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ මරණයට හේතුව අද (19) ඇඹිලිපිටිය අධිකරණයේදි පැවැති නඩු විභාගයේ්දි අනාවරණය කළ බව වාර්තා වෙයි.

මරණයට පත්වු සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ අත්වල ඉහළ බාහුවල ප‍්‍රධාන ධමනි හා ශිරා කැපී ඉන් බරපතල තුවාල සිදුවීමත් අභ්‍යන්තර ඉන්ද්‍රීයන් හි කැපුම් තුවාලත් අධික රුධිර වහනය හා කම්පනයත් මරණයට හේතු වී ඇති බව රත්නපුර රෝහල් දිස්ත‍්‍රික් වෛද්‍ය නිළධාරි කේ. එම්. ටී. බී. ගුණතිලක ප‍්‍රකාශකර ඇත.

මේ අනුව සිද්ධිය සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු අද පොලිසියට නියෝග කර ඇත.

පසුගිය ජනවාරි මස 04 වෙනිදා ඇඹිලිපිටිය නගරයේ නිවෙසක පැවති උත්සව අවස්ථාවකදී ඇතිවු ගැටුමකදි පොලිස් ප‍්‍රහාරවලට ලක්වී නිවසේ ඉහළ මාලයෙන් වැටී සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන මියගිය අතර, ඇඹිලිපිටිය ඒ එස් පී ලෙසට කටයුතු කළ ධර්මරත්න නැමැත්තා සිය සැමියා වන සුමිත් ප‍්‍රසන්නව එසේ ඉහළ මාලයේ සිට පහළට තල්ලූ කළ බව සුමිත් ප‍්‍රසන්නගේ බිරිඳ උසාවියේදි සාක්‍ෂි දෙමින් කියා සිටියේය. 


ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධීකාරි ඩබ් සී ධර්මරත්න නැමැත්තා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී. 

-    මෙලනි





2016-02-19
Advertisement

Find us on Facebook