English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යහපාලනය විසින් ශිරානි බණ්ඩාරනායක නිදොස්කොට නිදහස් කරයි.!
හිිටපු අගවිනිසුරුවරියක වන ශිරාණි බණ්ඩාරනායක වෙත එල්ල කළ දරුණු බරපතල චෝදනා වෙනුවෙන් යහපාලනය තුළ සාධාරණයක් අපේක්‍ෂා කළ සියලූදෙනාට මෙම පුවත සිය බලාපොරොත්තුවේ ජයග‍්‍රහණයකි. මන්ද, මහින්ද රාජපක්‍ෂ විසින් සිදුකළ දේශපාලනයේ එක් ද්වේශ සහගත, එක්තරා විධියක පලිගැනීමක් ලෙසට එවකට මෙම සිදුවීම සමාජගත විය. එහෙත් අද එම සිදුවීමට සිදුවිය යුතුව තිබුණු සාධාරණය සිදුවිය.



ශ‍්‍රි ලංකාවේ අල්ලස් පනත යටතේ චෝදනා ලැබ සිටී හිටපු අගවිනිසුරුවරියක වු ශිරානි බණ්ඩාරනායක එම චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (19) තීරණය කළ බව අධිකරණ වාර්තා සටහන් කරයි.
එවකට ඇය විසින් සිය වත්කම් හා බැරකම් ප‍්‍රකාශ නිසි ලෙස ඉදිරපත් නොකළ බවට අල්ලස් හා දුෂණ කොමිසම මගින් හිටපු අගවිනිසුරුවරියට චෝදනා එල්ලකර නඩු පවරා තිබුණි.

අදාළ නඩුව අද දිනයේදි කැඳවු අවස්ථාවේදි, විත්තිකාර පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලැබු කරුණු සැළකිල්ලට ගනිමින් , අල්ලස් කොමිසම අධිකරණය ඉදිරියේ කියා සිටියේ විත්තිකාරියට එරෙහිව ඉදිරිපත්කළ චෝදනා පත‍්‍ර ඉල්ලා අස්කර ගැනීමට කොමිසම තීරණය කර ඇති බවයි. ඒ පරිදි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය  විසින් ඇය නිදහස් කිරිමේ නියෝගය පනවා ඇත.
 
එමෙන්ම විත්තිරකාරිය වෙනුවෙන් පනවා තිබුණු විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ද මහේස්ත‍්‍රාත්වරයා විසින් නියෝගකර ඇති අතර අධිකරණය භාරේ පැවැති ඇයගේ විදේශ ගමන් බලපත‍්‍රය ද මුදාහරින ලෙසට නියෝග කර ඇත.

-    මෙලනි



2016-02-19
Advertisement

Find us on Facebook