English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොල් ගැසීම අපතේ යයි - යෝෂිත 25 තෙක් යළි රිමාන්ඞ් - මේකද යහපාලනේ !

පසුගිය දිනවල නොයෙක් නොයෙක් මත දරණ දේශපාලනඥයින් ද ඔවුන්ගේ අනුගාමිකයින් ද අනුගාමිකයින් නොවුවත් නොයෙක් ත‍්‍රිල් ලබාගැනීම සඳහා පස්සෙන් යන්නන් විසින් ද එ්කරාශී වී, යුධ වැදී රට ජාතිය බෙිරා ගත් යෝෂිත රණවිරුවා නිරපරාදේ අත්අඩංගුවට ගැනීම සම්බනධයෙන් කුපිත වුණු ,වේදනාවට පත්වුණු හදවත් වලින් යුතුව පොල් ගසා දෙවියන්ට කන්නලව් කළ ද , එම දේව කන්නලව් අපතේ ගොස් අද යෝෂිත රාජපක්‍ෂ නම්වු ඒ විරෝධාර රණවිරුවා නැවත වරක් මේ මස 25 වන දා තෙක් රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලෙසට කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා අද (11) නියෝ්ග කළේය.

ඔහු සමගින් ම අදාළ චෝදනාවට අයත් අනෙකුත් සැකකරුවන් පස් දෙනාද ලබන 25 වනදා තෙක් රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර ඇත.

අදාළ නඩුව අද නැවත කැඳවනු ලැබු අවස්ථාවේදි සැකකරුවන් විසින් ඇප ඉල්ලා සිටිය ද අධිකරණය විසින් ඇප ලබාදීම ප‍්‍රතික්‍ෂේප කරමින් මෙසේ නැවත වරක් බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කර ඇත.

නාවික හමුදා නිළධාරියෙකු ලෙසට සේවය කරමින් සිටින අතරතුරු සිය සභාපතීත්වය යටතේ ආරම්භකර පවත්වාගෙන යනු ලැබු සී එස්  එන් ක‍්‍රීඩා නාලිකාවේ සිදුවු බවට එළිදරව් වි ඇති මුල්‍ය වංචා සම්බන්ධයෙන් යෝෂීත රාජපක්‍ෂ ඇතුළු පස්දෙනා පසුගිය මස 30 වෙනිදා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

මුදල් විසුද්ධිකරණයට අමතරව, කූට ලේඛණ සැකසීම, සාපරාධි සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම, රේගු පනත උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් ද රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා ද සැකකරුවන් හට එල්ලවී තිබෙන බැව් පැවසේ.


එහෙත් යෝෂිතගේ නීතිඥ සොයුරු නාමල් රාජපක්‍ෂ කියා සිටියේ " අදත් ඇප ප‍්‍රතික්‍ෂේප කළා. ආණ්ඩුව හොඳයි. ඔහොම කරගෙන යන්න කියන්නකො. ඉන්න කට්ටිය ඔක්කොම ඇතුලට දැම්මට පස්සේ හරි. මොකද යහපාලනේ නේ. යහපාලනේ කියලා රටේ ඉන්න මිනිස්සුන්ගේ ප‍්‍රශ්නවලට නෙවෙයි නේ් උත්තර දෙන්නේ. යහපාලනේ කියලා අනික් අයගේ  ඕපදුප හොයන එක කරන්නේ. අපි සියලූ දෙනාවම හිරේ දැම්මත් අපේ ගමන අපි නවත්වන්නෙ නැහැ. ජනතාවගේ අපේක්‍ෂාව වෙනුවෙන් අපි ඒ ගමන යනවා."

සිය පුත‍්‍රයාගේ නඩු විභාගය සඳහා හිටපු ජනාධිපති මහිදන්ද රාජපක්‍ෂ ඇතුළු සිය පවුලේ සාමාජීකයින් රැසක් පැමිණ සිටිය බව වාර්තා වන අතර වෙනදා මෙන් මහින්ද රාජපක්‍ෂ මාධ්‍ය අමතා සිය අදහස් ඉදිරිපත්කර නැති බවයි වාර්තා වන්නේ.

"අපරාදේ කීදෙනෙක්ට කන්න තිබුණු පොල් ගොඩක් ද අර පිස්සු යක්කු ගැහුවේ එදා. කෝ ඉතිං, අඩුතරමේ ඇපවත් ලබා ගන්න බැහැනේ !" යැයි උසාවි භුමියේ සිටි එක් සාමාන්‍ය මිනිසෙක් කියා ඇත.

-මෙලනි





2016-02-11
Advertisement

Find us on Facebook