English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නව මන්ත‍්‍රී ධූරය හියුමන් රයිට්ස් වොච් විවේචනයට !

2009 වසරේදී දෙමළ ත‍්‍රස්තවාදී කැරළිකරුවන්ට විරුද්ධව සටන් මෙහෙයවා යුධ ජයග‍්‍රහණය අත්කරගන්නට නායකත්වය දුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු ලෙසට පත්කිරීම, ප‍්‍රකට විදේශීය මානව හිමිකම් සංවිධානයක් වන  හියුමන් රයිට්ස් වොච් හී විවේචනයට ලක් වී ඇති බව වාර්තා වෙයි.
 
සාමාන්‍ය වැසියන්ට හා රෝහල්වලට ද නීති විරෝධී ලෙසට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරීමත් ස්ත‍්‍රී දුෂණ සහ සිරකරුවන් නඩු විභාගයකින් තොරව ඝාතනයට ලක් කිරීම යනාදි යුධ අපරාධ චෝදනා සරත් ෆොන්සේකා නායකත්වය දුන් යුධ හමුදාවට එල්ලී වී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ඉස්මතුකර ඇත.

තවදුරටත්, රජය මානව හිමිකම් කඩ කළ බවට සැක කෙරෙන යුධ හමුදා නායකයින් ආරක්‍ෂා කිරීමට උත්සාහයක් ගන්නේද යන්න පිළිබඳව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය අවධානය යොමුකර ඇති බව වාර්තා වෙයි.

-මෙලනි



2016-02-11
Advertisement

Find us on Facebook