English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිරසේ ගයාන් සම්පත්ට නඩු පැවරීමට යයි





පසුගිය ජුනි 23 වන දිවුලපිටිය පොලීසිය විසින් ප‍්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතණය කළ කැලූම් සුභසිංහ යන අයගේ ඝාතණය සම්බන්ධව මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඊයේ (ජුලි 06) පැවති නඩු විභාගයේ දී සිරස මාධ්‍ය ජාලය මෙම වෙඩි තැබීම සම්බන්ධව දිගින් දිගටම ප‍්‍රචාරය කිරීම සම්බන්ධව සිරස මාධ්‍ය ජාලයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පැවරීමට බලාපොරොත්තු වන බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජිත අධිකරණයට පැවසීය.

මෙම නඩුවේ දී අගතියටපත් පාර්ශවය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා පෙනී සිටියේය. පොලිසිය වෙනුවෙන් පොලිස්පතිගේ නියෝගයක් මත සහකාර පොලිස් අධිකාරිවරයෙක් පෙනී සිටි අතර එම අවස්තාවේදී අජිත් පතිරණ මහතා පොලිස්පතිවරයාගේ නියෝජිතයා මෙම නඩුවට මැදිහතවීම සම්බන්ධව විරෝධතාවය පළ කලත් මහේස්ත‍්‍රත් විසින් එම නඩුවේ සාක්ෂි විමසීමට ඔහුට අවසර දෙන ලදී.

මෙහිදී මිය ගිය කැලූම්ගේ මව, වැඩිමහල් සහෝදරයා, අත්ට‍්‍රැක්ටර් රියදුරෙක් සහ සිරස මධ්‍ය ජාලයේ ප‍්‍රවෘර්ති අධ්‍යක්ෂක ගයාන් සම්පත් සහ කැඑම්ට වෙඩි තැබීම සිදු කළ පොලිස් නිලධාරියා වන දිවුලපිටිය පොලීසියේ රථවාහන අංශයේ උපාලි යන අයගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු කෙරින.

මෙම වෙඩිතැබීම සිදු කළ උපාලි නැමති පොලිස් නිළධාරියා සාක්ෂි ලබා දෙමින් පවසා සිටියේ මෙම පුද්ගලයා පිහියක් රැගෙන මහජනතාවට බාධාවන අයුරින් හැසිරුන බවත් එම අවස්තාවේදී ඔහු සමග සිටි අනෙක් පොලිස් නිලධාරියා හට මොහුව මෙල්ල කිරීමට නියෝග කළ බවත්, ඒ අවස්තාවේදී පිහිය රැගත් පුද්ගලයා පොලිස් නිලධාරියා සමග පොරබැදු බවත්, එහිදී මරණකරු විසින් ඔහුට පිහියෙන් ඇණිනු ලැබූ බවත් දෙවැනි පිහිපරට පිහිය උත්සත් දී වෙඩි තැබූ බවත් එම වෙඩි පහර කැලූම්ගේ පපු ප‍්‍රදේශයට වැදුනු බවත් පැවසීය.

කැඑම්ගේ වැඩිමහල් සොහොයුරා වන උපාලි සුභසිංහ සාක්ෂි ලබා දෙමින් පවසා සිටියේ මිය ගිය මල්ලි බරවාවිල හංදියට කුඩා පිහියත් රැගෙන දුවනවාත් සමගම ඔහුත් මල්ලිගේ පසු පස දිව ගිය බවත්, එහිදි පලතුරු කඬේ රංජි නැමැත්තා මල්ලිගෙන් පිහිය උදුරාගැනීමට ගිය අවස්තාවේදී ඔහුට සුලූ තුවාල සිදූවූ බවත්, පසුව එම අසල සිටි එක් පොලිස් නිලධාරියෙක් තුවක්කුව දිගුකර මල්ලිට අත් උස්සන ලෙස පැවසු අවස්තාවේ මල්ලි අත් උස්සා එයට අවනතවූ බවත්, පසුව පොලිස් නිලධාරියා තුවක්කුව පහත දැමූ අවස්ථාවේදී මල්ලි පාර දිගේ දිවුලපිටිය දෙසට නැවත ගමන් කරන්න ගත් බවත්, එහි දී වාහන තද බදයක් ඇතිවීමත් සමග උපාලි නැමති පොලිස් නිලධාරියාට හට මල්ලි සිටි ස්ථානයට ලගාවීමට නොහැකි වූ බවත් ඉන් ටික වෙලාවකට පසු වෙඩි සද්ධයක් ඇසුන බවත් පසුව එම ස්ථානයට ගිය අවස්තාවේදී මල්ලි අසල කානුවක පපුවට වෙඩි වැදී වැටි සිටි බවත් වෙඩි තැබීම සිදු කළ පොලිස් නිලධාරියා ද තුවක්කුව සමග මල්ලි අසල සිටි බවත් එම අවස්තාවේදී එම නිලධාරින් මල්ලිව ඉක්මනින් රෝහල් ගත කිරිමට කටයුතු නොකල බවත් පුද්ගලික වාහන කිහිපයක් නතර කළ ද පොලිස් ජීප් රථය පැමිනෙන තුරු ඔවුන් එහි සිටි බවත් පැවසීය.



2014-07-12
Advertisement

Find us on Facebook