English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නව නීතිපති ජයන්ත ජයසූරිය
නීතිපති ධුරය සඳහා ජයන්ත ජයසූරිය පත් කරන මෙන් ජනපතිවරයා කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දුන් බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.


ඉහත කී ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය පත් කරන මෙන් වූ යෝජනාව ව්‍යවස්ථාදායක සභාව තුළ ඒකමතිකව සම්මත වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ලබා දෙන නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කරනු ලැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම සිදු කළ යුතුයි.

නීතිපති ධුරයේ කටයුතු සිදු කළ යුවන්ජන වනසුන්දර විජයතිලක පසුගිය ජනවාරි මාසයේ එම ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වී පැවතින.


උපුටා ගැනීම -  බීබීසි සංදේශය

-Melani





2016-02-10
Advertisement

Find us on Facebook