English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


උතුරු නැගෙනහිර ගැන මෛත්‍රීගේ ප්‍රකාශය යහපත් එකක්

තම පාලන කාලය තුල උතුරු -නැගෙනහිර ඒකාබද්ධ කිරීමට ඉඩ ලබා නෙදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබීම ප්‍රංශසා කළ යුතු කරුණක් බවත් එය ශ්‍රී ලංකාවේ 68 වන නිදහස් දිනයේදී කළ යහපත් ප්‍රකාශයක් බවද මුස්ලිම් උලමා පක්‍ෂය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව නිදහස ලැබීමට පෙර සහ පසු නැගෙනහිර පළාත ස්වාධින පළාතක් ලෙස තිබුණි. මෙම පළාතේ ප්‍රධාන නගරය ලෙස එක් කාලයකදී කල්මුණේ ප්‍රදේශය තිබුණි. 1987 වර්ෂයේදී ඇතිකර ගත් ඉන්දු – ලංකා ගිවිසුම හේතුවෙන්, ස්වාධීන නැගෙනහිර පළාත එක් රැයක් තුලදී උතුරු පළාත සමඟ ඒකාබද්ධ කරන ලදි.

මේ පිළිබඳව එම කාලයේ සිටි මුස්ලිම් අමාත්‍යවරුන්ට විරෝධය දැක්වීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබුණි.

මෙම ගිවිසුම මුස්ලිම් ජනතාවට එරෙහිව සකස් කළ එකක් බව ප්‍රකාශ කර, එය ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින්ට ඉන්දියාවෙන් ලැබුණු සමහර ‘ඩීල්’ හේතුවෙන් එක් රැයක් තුල මෙම ගිවිසුම පිළිගෙන පළාත් සභා මැතිවරණයට තරඟ කරන ලදි.

තම ද්‍රේහිකම් වසන් කිරීම සඳහා ඒකාබද්ධ උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාවට ස්වාධීන පළාතක් බව ප්‍රකාශ කර, ඔවුන්ව මුලාවට ලක්කර ගිවිසුම පිළිගැනීමත්, එය පිලිගැනීමට නම් මුස්ලිම් ජනතාවට ස්වාධීන පළාතක් යනුවෙන් ගිවිසුමේ සඳහන් කළොත් එය පිළිගන්නා බව මුස්ලිම් පක්ෂ එම අවස්තාවේදී ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබුණි.

නමුත්, ඒ ආකාරයෙන් සිදු නොකිරිම එම පක්‍ෂයේ ප්‍රථම ඓතිහාසික ද්‍රෝහිකම වේ. ඒකාබද්ධ උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාවට ස්වාධින පළාතක් යන ඇතැම් මුස්ලිම් පක්ෂ කරන ලද ඉල්ලීම, අවසානයේදී අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවගේ ප්‍රදේශයන් පමණක් ඇතුලත් කර, අග්නිදිග පළාතක් ලෙස වෙනස් කරන ලදි.

නමුත්, එවකට තිබූ වතාවරණය මත මුස්ලිම් ජනතාව තම නොහැකියාව හේතුවෙන් නිහඩ පිලිවෙතක් අනුගමනය කලේය.

එබැවින්, නැගෙනහිර පළාත වෙන්කළ යුතු බව එම කාලයේ සිට අප හඩ නගා ඇත්තෙමු.

ඉන් අනතුරුව. 2008 වර්ෂයේ මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලයේදි නැගෙනහිර පළාත වෙන්කර, නැගෙනහිර පළාතේ ජනතාව විශේෂයෙන් මුස්ලිම් ජනතාව නැවත විශාල නිදහසක් ලබුවෙමි. මේ වන විට නැවත නැගෙනහිර පළාත උතුරු පළාත සමඟ ඒකාබද්ධ කිරීමට පසුගිය කාලයේ සිදුකළ ‘ඩීල්’ මුස්ලිම් දේශපාලන පක්ෂ යලිත් කටයුතු කරමින් සිටි.

මෙවැනි පසුබිමකදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තමන් බලයේ සිටින තුරු උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට ඉඩ ලබානොදෙන බව ප්‍රකාශ කර තිබීම මුස්ලිම් උලමා පක්‍ෂය වන අප ප්‍රශංසා කරන්නෙමු. ජනාදිපතිවරයා මේ ආකරයෙන් නිර්භීතව කළ ප්‍රකාශය මුස්ලිම් ජනතාවට විශාල සතුටක් ගෙන දී ඇත.


උපුටා ගැනීම - Lanka News Alert
- Melani



2016-02-09
Advertisement

Find us on Facebook