English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නිසි සංහිඳියාවක් අවැසි නම් ජීනීවා යෝජනා ක‍්‍රියාත්මක කළ යුතුයි - විපක්‍ෂ නායක

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් අද (09) කොළඹදී හමුවු අවස්ථාවේදි ඉතා සුහද ශීලි සාකච්ඡාවක් සිදුවු බවත් , ශ‍්‍රී ලංකාව තුළ නිසි සංහිඳියාවක් ඇතිවිමට නම් ශ‍්‍රි ලංකාව සම්බන්ධයෙන් සම්මතවු ජීනිවා යෝජනා සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කළ යුතු යැයි ඔවුන් යෝජනා කළේ යැයි විපක්‍ෂ නායක මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අද මාධ්‍යට ප‍්‍රකාශ කළේය.

දශක තුනක යුද්ධය අවසානයේදි සහ ඉන් පසුව ශ‍්‍රි ලංකාව තුළ සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් යුධ අපරාධ සම්බන්ධයෙන් දේශිය අධිකරණ යාන්ත‍්‍රණයක් යටතේ පවත්වන විමර්ශන කටයුතුවලට පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් විනිසුරුවරුන්ගේ සහය ලබාගත යුතු යැයි සඳහන් බව විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
 
උතුරේ ජනතාව විසින් ඉතා දැඩි පීඩාවකට ලක්වෙමින් තවමත් මුහුණ දෙමින් සිටින අතුරුදහන්වුවන් පුද්ගලයින් සම්බන්ධ ප‍්‍රශ්නය, ඉඩම් ගැටළුව, දමිළ දේශපාලන සැකකරුවන්ගේ නිදහස්කර ගැනීමේ ප‍්‍රශ්නය යනාදිය ද තමන් විසින් මහ කොමසාරිස්වරයාගේ අවධානයට යොමුකළ විපක්‍ෂ නායක සම්බන්ධන් මහතා සඳහන් කළේය.  

-    මෙලනි




2016-02-09
Advertisement

Find us on Facebook