English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පුරවැසි කතිකාව පෙබරවාරි 13 පදවියට


නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය එක්ව සංවිධානය කරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබද මහජන අදහස් ලබා ගැනීමේ පුරවැසි කතිකාවේ 10 වන සම්මන්ත‍්‍රණය පෙබරවාරි 13 වන දින උදේ 10ට පදවිය ශී‍්‍ර පුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත් වේ.

පෙබරවාරි 17 සහ 18 යන දෙදින රජය විසින් පත්කළ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව සදහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට පැමිණීමට නියමිතව ඇති බැවින් ඊට පෙර එම ප‍්‍රදේශයේ ජනතාවට ඒ සම්බන්ධව උන්දුවක් හා උද්යෝගයක් ඇති කිරීම සදහා මෙම සම්මන්ත‍්‍රණ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  

ඉන් පසුව පෙබරවාරි 14 උදේ 10ට මැදවච්චිය නගරයේ දී මෙහි 11 වැනි සම්මන්ත‍්‍රණය පැවැත්වීමට නියමිත අතර, මෙම සම්මන්ත්‍රණ සදහා ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, පිලිප් දිසානායක මෙන්ම අමාත්‍ය දුමින්ද දිසානාක, මහා අමාත්‍ය පේශල ජයරත්න යන අය සහභාගී වීමට නියමිතය.

මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ 12 වැන්න පෙබරවාරි 20 උදේ 10ට මොනරාගල නගරයේ දීත් 13 වැනි සම්මන්ත‍්‍රණය පෙබරවාරි 21 උදේ 10ට බදුල්ල තැපැල් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ දී ත් පැවැත්වෙන බව මෙහි සංවිධායකයෙකු අයිතියට පැවසීය.




2016-02-09
Advertisement

Find us on Facebook