English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීති රකින ආයතනයන් හි කඩා වැටීම මහජන විනිශ්චය සභාව
ඌව පළාත් ජනතා එකතුව හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය එක්ව නීතියේ කඩා වැටීම හා කන්දෙකැටිය ඝාතණය යන මැයෙන් පැවති මහජන විනිශ්චය සභාව ජුලි 06 වන දින බදුල්ල තැපැල් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත් විය.

මෙම මහජන විනිශ්චය සභාව පැවැත්වීමේ අරමුණ හා විනිශ්චය සභාව පැවැත් වෙන ආකාරය පිලිබදව පැහැදිලි කිරීම පිලිප් දිසානායක විසින් සිදු කිරීමෙන් අනතුරුව නීතියේ කඩා වැටීම විදහාපාන නිශ්චිත සිද්ධියක් ලෙස කැන්දෙකැටිය පොලිසියේ පහරදීමෙන් මිය ගිය සදුන් මාලිංගගේ ඝාතනය සම්බන්ධව සදුන් මාලිංගගේ මව වන කේ.යු මල්ලිකා විසින් තම පුතාගේ ඝාතණය සම්බන්ධව පැමිණිල්ල මහජන විනිශ්චය සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඒ සම්බන්ධව විත්තිය හා පැමිණිිල්ල වෙනුවෙන් අදහස් දක්වීම ඉන් අනතුරුව සිදු වූ අතර, ජනතා විමුක්ති පෙරමුණේ පලාත් සභා මන්තී‍්‍ර සුදත් බලගල්ල, ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප‍්‍රධාන ලේකම් එක්සත් ජාතික පක්ෂයේ පලාත් සභා මන්තී‍්‍ර කේ. වේලායුධන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු පළාත් සභා මන්තී‍්‍ර නන්දන රාමණායක යන අය දේශපාලණ පක්ෂ නියෝජනය කරමින් අදහස් දැක් වූහ.

ඉන් පසුව මහජන අදහස් ලබා ගැනීම සිදු කෙරුනු අතර, කටුනායක පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය රොෂේන් ෂානකගේ මව කාන්ති මිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සාභා මන්ති‍්‍ර මිහිමල් මුණසිංහ, ලංකා සමසමාජ පක්ෂයේ හිටපු පළාත් සභා මන්ති‍්‍ර එස්.එස්. සෝමපාල, මානව හිමිකම් කොමිෂන් සභාවේ පළාත් කළමනාකරු ජගත් වික‍්‍රමසිංහ, ලංගම ජාතික විශ‍්‍රාමික සංගමයේ සභාපති එස්.එච් සුමතිපාල, මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙකු වූ සුනිල් ශාන්ත යන අය අදහස් දැක්වීය.

විසින් අදහස් දැක්වීම සිදු කරනු ලැබීමෙන් පසුව මහජන විනිශ්චය සභාවේ අවසන් නිර්දේශ නීතිඥ ලාල් විජේනායක මහතා විසින් සිදු කරන ලදී.
 
මෙම මහජන විනිශ්චය සභාවේ විනිසුරු මණ්ඩලය සදහා නීතිඥ ලාල් විජේනායක, නීතිඥ ලක්ෂාන් ඩයස්, නීතිඥ කාස්සප පෙරේරා, නීතිඥ එච්.ටී. හේරත්,  නීතිඥ සම්පත් පුෂ්පකුමාර නීතිඥ විමල් විජේතුංග ඇතුලූ නීතිඥ මණ්ඩලයක් සහභාගී වූ අතර සිවිල් සංවිධාන නියෝජනය කරමින් ප‍්‍රභාත් කුමාර, සුරේෂ් නඬේෂන්, සුමිත් අබේකොන්, යන අය සහභාගී විය.

මෙම මහජන විනිශ්චය සභාවේ දී ගීතමය දේශණයන් දෙකක් ප‍්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර මහතා විසින් සිදු කරනු ලැබීය.

මෙම මහජන විනිශ්චය සභාව ආරම්භ කිරීමට ප‍්‍රථම කන්දෙකැටිය සදුන් මාලිංගේ ඝාතණය සම්බන්ධව සාධාරණ හා කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, නීති රකින ආයතනයන් හි කඩා වැටීම සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමේ පති‍්‍රකා බේදීමේ උද්ඝෝෂණයක් බදුල්ල නගරයේ දී පැවැත් විය.

මෙම උද්ඝෝෂණයට හා මහජන විනිශ්චය සහාව වෙත සහභාගී වීමට නියමිතව සිටි කන්දෙකැටිය ප‍්‍රදේශයේ ගම්වාසින් පොලිසිය හා පළාතේ දේශපාලණයින් විසින් විවිධ අසත්‍ය ප‍්‍රචාරය කරමින් වලකා තිබේ. ගම්වාසී මෙම අවස්ථාව සදහා සහභාගී වීමට සුදනාම් කර තිබු බස් රථයේ හිමිකරු වෙත බලපෑම් කර බස්රථය නවතා තිබූ අතර, මෙම උද්ඝෝෂණය පැවැත්වුවහොත් විශාල කලබලයක් වීමට නියමිත බවත්, කදුලූ ගෑස් ගැසීමට සුදානම්ව ඇති බවත් ගම්වාසීන් වෙත කන්දෙකැටිය ප‍්‍රදේශීය සභාවේ සභාපති විසින් ප‍්‍රචාරයක් දියත් කර තිබේ. මෙම සියලූ තත්ත්වයන් යටතේත් සදුන් මාලිංගගේ දේමාපියන් හා ඥාතීන් හා ප‍්‍රදේශවාසීන් ඇතුලූ 40කට ආසන්න පිරිසක් වෙනත් බස් රථයක් සොයා ගෙන ප‍්‍රමාද වී හෝ මෙම අවස්ථාවට අවසානයේ සහභාගී වී තිබුනි.  






2014-07-06
Advertisement

Find us on Facebook