English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


දකුණේ වින්දිතයන් එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් හමුවට


රජයේ ආරාධනය මත මෙහි පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුගේ සිව් දින නිල සංචාරය අදින් අවසන් වීමට නියමිතව තිබේ. මෙම කාලය තුළ මහකොමසාරිස් වරයා විසින් මේ රටේ විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන පිරිස් මුණගැසී ප‍්‍රධාන මානව හිමිකම් ගැටලූ ගැන සාකච්ඡා කර තිබුනි.

මේ අතර උතුරු නැගෙනහිර පලාත් ඇතුලූ විශාල වශයෙන් මානව හිමිකම් ගැටලූ වලට මුහුණ දුන් වින්දිතයන් ද ඒ අතර ඔහු විසින් මුණගැසී තිබුනි. එමෙන්ම පසු ගිය කාලය තුළ දකුණේ දී විවිධාකාරයේ මානව හිමිකම් ගැටලූවලට මුහුණ දුන් වින්දිතයන් හමුවීමට මහකොමසාරිස්වරයා විසින් අවස්ථාව ලදී තිබු අතර, කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ඊයේ (8) කැදවා තිබු එම හමුව සදහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා අතුරුදහන්වුවන්ගේ පවුල් එකතු නියෝජන කරමින් පසුගිය කාලය තුළ  ඝාතණය කරනු ලැබූ හෝ ඇතුරුදහන්කරනු ලැබූ පුද්ගලයන් තිදෙනෙකු ගේ වැන්දඹුවන් තිදෙනෙකු යොමු කරනු ලැබුනි.

1989 භීෂණ සමයේ දී රජයේ හමුදාවන් අතින් කෲර වද බන්ධනයට ලක් වූ හා තව ස්වාමිපුරුෂයා ඇතුලූ සහෝදරයන් දෙදෙනෙකු අතුරුදහන්කිරීමට ලක් වූ පවුලක සාමාජිකවක් වූ හම්බන්තොට පදිංචි ප්‍රේමසීලි සෝදිමානි මහත්මියත්, 2013 වසරේ දී අනුරාධපුරයේ දී අතුරුදහන් වූ මධුෂ්ක සිල්වා මහතාගේ බිරිද වන මයුරි ඉනෝකා සිල්වා හා 2012 වසරේ දී වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටිය දී වදහිංසාවට පත්වී මිය ගිය නිමල් චන්ද්‍රසිරි මහතාගේ බිරිද වන දිලුපා පීරිස් මහත්මියත් ඊයේ මහකොමසාරිස් වරයා හමුවී අදලා ගැටලූ පිළිබදව තවදුරටත් සාකච්ඡ කරන ලදී.



2016-02-09
Advertisement

Find us on Facebook