English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නව ව්‍යවස්ථාවට අනුරාධපුර පුරවැසියන්ගේ අදහස්


නිදහසේ වේදිකා හා වීදියේ විරෝධය එක්ව සංවිධානය කරනු ලබන නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබා ගැනීමේ සම්ම්න්ත්‍රණ මාලාවේ 8 වැනි සම්ම්න්ත්‍රණය පසුගිය පෙබරවාරි 06 වන දින අනුරාධපුර නැනුප ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත් විය. 

මෙම සම්මන්ත්‍රණය සදහා මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න, නීතීඥ සුදර්ශණ ගුනවර්ධන, පිලිප් දිසානායක, ජයතිලක බණ්ඩාර, ප්‍රියන්ත ප්‍රනාන්දු, මූලික අදහස් දැක්වූ අතර, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 80 පමණ සහභාගී විය.

 

ප්‍රියන්ත ප්‍රනාන්දු - ලංකා ගුරැ සංගමයේ සභාපති

දැනට පවතින ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වන්නේ එම ව්‍යවස්ථාවේ බරපතල ගැටළු තියෙන නිසා නමුත් එමගින් පවතින ගැටළු වලට විසදුම් ලැබෙන්නෙ නැහැ. මැතිවරණ කීපයකදීම පොරොන්දු පත්‍රවල ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධයෙන් කරැණු ඇතුලත් වුවත් බලයටපත්වු පසු එම පොරොන්දු ක්‍රියාත්මක කරන්නෙ නැහැ.රට ඒකාධිපතිත්වයට ගෙන ගියේ මේ ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන අනුවයි.  නමුත් දැන් අවස්ථාවක් ලැබිල තියෙනව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට සහ එම ව්‍යවස්ථාවට  මහජන අදහස් හා යෝජනා ලබාදීමට පුරවැසියන් වශයෙන් අපට අවස්ථාවක් ලැබිල තියෙනව. රජරටට සුවිශේෂී වූ ගැටළු තියෙනව විසද ගැනීමට, වකුගඩු ප්‍රශ්නය, අධ්‍යාපනය, ආගමික, සමාජ ගැටළු සහ දේශපාලන ගැටළු සම්බන්ධයෙන් නව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මහජන අදහස් ලබාගැනීමේ කමිටුව වෙත අපේ අදහස් ලබාදිය යුතුය.


මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න

දැන් අපේ රටට වයස අවුරැදු 68 ක් තාම අපිට බැරිවෙලා තියෙනව රටට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගන්න. ඒ ලැජ්ජාවට කාරණයක්. අපිට දැන් අවස්ථාවක් ලැබිල තියෙනව සියළුම ජාතීන්ගේ   මත විමසීමකින් ව්‍යවස්ථාවක් ගොඩනගා ගැනීමට. ශ්‍රි ලංකාව මේ තත්ත්වයට ආවේ විශාල ලේ ගැලීම් මැදින්. මහජන අදහස් මගින් ඇතිවන ව්‍යවස්ථාව ජනතාවාදී ව්‍යවස්ථාවක් වෙනව.

නිදහස ලබන ලංකාවේ ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් එවකට සිටි ජන නායකයන්ට අදහසක් නැහැ. එනිසා ඉංග්‍රිසි ජාතික සර් අයිවන් ජෙනින්ස් මහතා ලවා මහා බ්‍රිතාන්‍යයේ අලිඛිත ව්‍යවස්ථාවට අනුව අපේ ව්‍යවස්ථාව සම්පාධනය වනවා. ඉංදියාවේ නායකයන්ටද විශාල දැනුමක් තිබුනෙ නැහැ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නමුත් ඉංදියාවේ ව්‍යවස්ථාව 1947 නිර්මාණය කරන්නේ එරට පහත්ම කුලය වශයෙන් හදුන්නවුන ලැබූ කුලයක ඉපිද ඇමරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සේවයකල ආචාර්ය ජි. ආර් අම්බෙක්කාර් මහතා තමයි ව්‍යවස්ථාව හදන්නේ.  1952 ඉන්දියාවේ රාජ්‍යභාෂාව හිංදි කරනව ඉන් පසු ඉංදියාවේ ප්‍රාන්ත තුල ගැටළු රාශියක් මතුවනවා. මේ හේතුව මුල්කර ගනිමින් ඉංදියාවට ත්‍රෛයිභාෂා ප්‍රතිපත්තියගේනව  ඉන් පසු කිසිදු ගැටළුවකින් තොරව කටයුතු සිදුනවා.

1972 ව්‍යවස්ථාවට ආගම හෝ භාෂාව සම්බන්ධයෙන් තරැණු ඇතුලත් විය යුතුය කියා කිසිදු පුරවැසියකු උද්ඝෝෂණය කලේ නැහැ. ව්‍යවස්ථා සම්පාදකයන්ගේ උවමනාවන් අනුව තමයි එම කරැණු ඇතුලත් කරනු ලැබුවේ. නමුත් දැන් ඒව අයින් කරන්න ගියහම ගැටළු ඇතිවනවා මේව තමයි ආණ්ඩුවට පවතිනන අභියෝග.   

1949 මේ රටේ ජනවාර්ගිග ගැටළුව ඇතිවන්නේ පුරවැසි පනත නිසා. පැවති ව්‍යවස්ථා 03 මගින් රටේ ඇතිවූ විශාල ගැටළු ප්‍රමාණයකට මූල බීජය ලබාදුන්නා. කොළඹට බලය ඇතුළු සියළුම දේ කේද්‍රගත වීම හේතුවෙන් තමයි ගැටළු රාශියන් මතුවුනේ. පසුගිය කාලයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන කිසිදු ජනකොටසකයේ අභිලාෂයන් ඉටු කිරීමට පැවති පාලන ක්‍රමයට හැකිවූයේ නැහැ.  මෙනිසා රාජය සහ ජනවර්ග අතර, ජන වර්ග සහ ජන වර්ග අතර, ආගම් සහ ආගමි අතර ගැටුම් ඇති වුනා. ඉහත කරැණු කාරණා සමතයකට පත් කර ගැනීමට නම් නව ව්‍යවස්ථාව සදහා පහත කරැනු ඇතුලත් විය යුත්ය.

v  සියළුම ජන කොටස්වල තරැණ තරැණියන්ගේ රැකියා උත්පාදනය සදහා වැඩපිලිවෙලක් සම්පාදානය කර ආර්ථික වශයෙන් විවෘත ලෝකයේ වෙළදපොල සමග කටයුතු කරමින් සෑම රටක් සමගම සම්බන්ධතා පවත්වා ගනිමින් සහ ආයෝජකයන් ගෙන්වන නව නීතිරී මාලාවක් සකස් කර ව්‍යවස්ථාවට ඇතුලත් කර යුතුය. එසේ නොමැති වුවහොත් 1971,1988/1989 වැනි තරැණ කැරළි උතුරේ හෝ වේවා දතුණේ ඇතිවීම වලක්වා ලිය නොහැක.


 

v  පළාත්සභා වෙත ලබාදී ඇති බලය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට හැකි බලයක් වශයෙන් ලබා දීමෙන් ප්‍රාදේශියව ඇති ගැටළු නිරාකරණය කර ගැනීමට හැකිවන ආකාරයේ බලය බෙදීම සිදුකල යුතුය. එමගින් රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ආකාර දැක්වෙන ක්‍රමවේදයක් ව්‍යවස්ථාවට ඇත්ලත් විය යුතුය.

 

නීතීඥ සුදර්ශණ ගුණවර්ධන.

අධිරාජ්‍යවාදීන්ගේ පාලනයේ අවසානයේ ඔවුන් තිරණය කරන අපිට නිදහස ලබාදෙන්න. එතැන් පටන් ව්‍යවස්ථා 03 යටතේ අපි පාලනය වනවා. අපි දැන් නව ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු සංවිධානය වෙමින් පවතිනව. 1956 බලය අහිමිවන එ.ජා.ප. හරියාකාරව නැවත බලය ලබෙන්නේ 1977 වසර 20 ට පස්සේ ඉන් පසුව 1994 සිට වසර 20 ට පසුව නැවතත් එ.ජා.ප. ප්‍රමුඛ සමගි සංධානයට බලය ලැබෙනව.  මේ ඉතිහාසය සමග තමයි මේවන විට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පසුබිම සැකසෙන්නේ.

නව ව්‍යවස්ථාව මගින් සැම පුරවැසියකුටම සාධාරණය ඉටුවන ක්‍රමවේදයක් පගාවට, දේශපාලන හිතවත්කම්මත කටයුතු නොවන සුදුසුකම් සහ කුසලතාමත වැඩකරන ක්‍රමයක් ගොඩනැගිය යුතුය. කුසලතාවය හෝ සුදුසුකම් නොමැති  පුරවැසියන් වෙනුවෙන් සැකසු වැඩ පිළිවෙලක් ද නව ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුය. ජනවර්ග අතර විශ්වසනීයත්වය තහවුරැවන ආකාරයට සැම පුරවැසියකුටම සමානව සලකන කුමවේදයක් සහිත ව්‍යවස්ථාවක් සකස්කර ගත්තොත් අපේ රට අවුරැදු 30 යුද්ධය හේතුවෙන් ආපස්සට ගියා වගේ දෙගුනයක වේගයෙන් වසර 30 ඉදිරියට ගමන් කරවීමට හැකිවනවා.


ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ මුලික නීතිය නම් ඒ මුලික නීතිය මගින් පසුගිය 68 වසරක් තුලදී අපේ ජිවිත සුරක්ෂිත කරල තියෙනවද අපට ගෞරවයක් සහිතව ජීවත් වන්න අවස්ථාව සලසල තියෙනවද? එසේ නොමැති නිසයි අපට නව ව්‍යවස්ථාවක් සකස්කර ගැනීමට සිදුවී තිබෙන්නේ. රටේ ජනග්‍රහනයෙන් 40% තවමත් රජයේ සහනාධාරමත යැපෙනව 30% නිවසක හිමිකම නැහැ මේ කමයි අපි 68 වසරක් ලබපු ප්‍රගතිය. අනුරාධපුර මහරෝහලේ රෝගීන් කීදෙනෙක් වකුගඩු රෝගය හේතුවෙන් දිනකට මිය යනවද ? ගොඩනගනු ලැබූ ව්‍යවස්ථා 03ම යටතේ පුරවැසියන්ට උරැමකර දුන් ජිවිත ආරක්ෂාව මෙයයි. ඒනිසයි අප නව ව්‍යවස්ථාවක් සකස්කර ගත යුත්තේ. ජනවාර්ගික ගැටළුවට ලබාදු විසදුම කුමක්ද?

කොලඹ 68 වන නිදහස් දිනය සමරනවිට වව්නියාවේ අමිමල තමන්ගේ අතුරැදහන් වූ දරැවන්ට මොකද උනේන කියල අහනව, පරම්පරා ගනනාවක් ජිවත්වූ ගොවිතැන් බත් කරපු ඉඩමේ අයිතිය ඉල්ලා සිටිනව. යුද්ධය විසින් එක පාරෟශවයක් නිහඩ කරාට උතුරේ ජනතාවගේ ගැටළුවට විසදුමක් නැහැ දෙමළ, මුස්ලිම් ජනතාවගේ ගැටළුවට විසදුම් නොදී දකුණේ ජනතාවට නිදහසේ ඉන්නට බැහැ. එනිසා මෙම ගැටළු සදහා ව්‍යවස්ථාව මගින් ස්ථිර විසදුමක් ලබාදීම සිදුකල යුතුවනවා.

 

පිලිප් දිසානායක - සම කැදවුම්කරැ වීදියේ විරෝධය, නිදහසේ වේදිකාව

ජනවාරි 08 ජයග්‍රහණය ලබාගතතේ ඉතා අසීරැවෙන් බොහොම සුළු ප්‍රතිශතයකින්. ඒ නිසා මෙම නව ව්‍යවස්ථාව සම්පාදනයට මහජන අදහස් ලබාදීම ඉතා වැදගත්. මෙතෙක් තිබූ ව්‍යවස්ථා 03 ම යම් කමිටුවකගේ අදහස් හා යෝජනා මත තමයි සම්පාදනය වන්නේ නමුත් මෙවර මහජන අදහස් ලබාගෙන ව්‍යවස්ථා සම්පාදනය සිදුකරන බැවින් එම කමිටුවට මහජන අදහස් ලබාදීම ඉතා වැදගත්. මෙම ලබාදෙන අදහස් ව්‍යවස්ථාවට ඇතුලත්වනවාද යන්න පිළිබදව අවධානයෙන් සිටිය යුතුය. මේ ක්‍රියාවලිය තුල අපි පුරවැසියන් වශයෙන් අඛණ්ඩව කටයුතුකල යුතුවනවා.

 

මහජන අදහස්

පුජ්‍ය ගෝනගල ඥාණාලෝක ස්වාමීන් වහන්ස - ශ්‍රී ස්ගත විහාරය අනුරාධපුර

v  ගොවි ජනතාවට ඇති ගැටළු සම්බන්ධයෙන් අස්වැන්නට නියමිත මිලක් නොමැති කම, අස්වැන්න අලෙවිකර ගැනීමට නිසි ක්‍රමවේදයක්, වගා පහසුකම් නොමැති කම (ජලය, පොහොර) සම්බන්ධයෙන් කරැණු ඇතුලත් කර ඒවාට නියමිත විසදුම් නව ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුයි.

 

v  අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ක්‍රමවේද මගින් ජාතික සමගිය වගේම අවධානයක් යොමුකර ආගමික සමගිය සම්බන්ධයෙන් පාසලේ සිටම ආකල්පමය වෙනසක්  සිදුකල යුතු වනවා එකිනෙකාගේ ආගම් සහ සංස්කෘතීන්ට ගරැකරන සමාජයක් ඇති කරිමට.

 

v  වාර්ගික ගැටළුව සම්බන්ධයෙන් දෙගොල්ලම එකතුවෙලා එකම බෝඩ්එකේ දෙපැත්තේ ලිව්ව තම තමන්ට තියෙන ප්‍රශ්ණ අවසානයට බලනකොට දෙපැත්තෙම ප්‍රශ්ණත් එකයි ලැබිල තියෙන විසදුමත් එකමයි, මේ කියපු විදිහට ලේ ගංගාවක් සහ ජිවිත හානි. එනිසා මේ ගැටළු සම්බන්ධයෙන් නියම්තව දේපාර්ශවයටම පිළිගත හැකි විසදුමක් නව ව්‍යවස්ථාවතුල ඇතුලත් කල යුතුවනවා.

 

v  ජනතාවගේ ජන්දයෙන් පත්වන මන්ත්‍රිවරයා තමන්ගේ ආසනයට වගකියන ක්‍රමවේදයක් සහිත මැතිවරණ ක්‍රමයක් සම්බධයෙන් නව ව්‍යවස්ථාවට ඇතුලත් කල යුතු වනවා.

 

v  දැනට පවතින නීති මාලාව අනුව ප්‍රාදේශියව කරනු ලබන සංවර්ධන කටයුත්තක් සදහා කොලඹ අමාත්‍යාශයෙන් අනුමැතිය ලැබී වැඩ ආරම්භ කිරීමට මාස 09 පමණ කාලයක් ගත වනවා දෙසැම්බර් සම 15 පෙර වැඩ අවස්න නොකරොත් මුදල් ලැබෙන්නෙ නැහැ. මෙය ප්‍රායෝගිකව සිදු කිරීමට නොහැකි කටයුත්තක්. එනිසා ප්‍රාදේශියව ඇති ගැටළු සම්බන්ධයෙන් ප්‍රාදේශියව තිරණ ගෙන විසදා ගැනීමට අවශ්‍ය බලය බෙදාහැරීමේ ක්‍රමවේදයක් නව ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුය.

ශිවන්ත වාස් පියතුමා - පොතානෙගම පල්ලිය අනුරාධපුර

 

v  දැනට නිහස් සේවාවන් වශයෙන් හදුන්වා ඇති අධයාපනය සහ සෞඛය සේවාව මේවන වට සම්පූර්ණයෙන්ම මුදල් මත තීරණය වන සේවාවන් බවට පත්වී ඇති බැවින් වචනටය් පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් අධ්‍යාපන සේවාවක් සහ නිදහස් සෞඛය සේවාවක් ස්ථාපිත කිරීමට අවශය ප්‍රතිපත්ති නව ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුය.

සරත් පතිරණ මහතා - උතුරැ මැද පළාත් කෘෂීකර්ම දෙපාර්ථමේන්තුවේ නියෝජය අධ්‍යක්ෂ

v  රටක මුලික සැකිල්ල තමයි ව්‍යවස්ථාව කියන්නේ ඒක ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය නිළධාරීන් හරහා තමයි. නමුත් සෑම කොමිෂන් සභාවකින්ම මගහැරමින් පවතිනව රාජ්‍ය සේවකයින් දේශපාලන අතකොළු වීම. මොන ව්‍යවස්ථාව හැදුවත් වැඩැක් නැහැ මේ සම්බන්ධයෙන් නියම්ත ප්‍රතිපත්තියක් ව්‍යවස්ථාවට ඇත්ලත් නොකර.

 

v  බලය බෙදීම සිදුකරනවානම් රාජය සෙවකයන්/ පරිපාළන නිළධාරීන් වෙතද බලය ලබාදීමක් සිදුකල යුතුය. නැතිනම් සිදුවන්නේ වංචාව දුෂණය විමධ්‍යගත කිරීමක්.

හේමලතා සබරගමුව - අනුරාධපුර වකගඩු රෝගීන්ගේ සංගමයේ සභාපති

v  වකුගඩු රෝගව ඇතිවන ප්‍රධාන හේතුව කෘෂි රසායන බව දැන දැනම මාධ්‍ය මගින් සත්‍ය පුවත වසන් කරල මුදලට බොරැව ප්‍රචාරය කරන. වකුගඩු රෝගයෙන් මිය යන කෙනාගේ හත් දවසේ දානය දෙනකොට ගන්නෙත් බෙහෙත් ගහපු කෙසෙල්, ගස්ලබු, යුරියා බැපු කෙසෙල් ඇති මේ ඇතිත හංගන්නේ. සිංහල, දෙමළ හෝ මුස්ලිම් රෝගීන් මේ රෝහලට එනව අපි හැමෝම අසරණයි.

v  මේ වකුගඩු රෝගයෙන් මියන පුද්ගලය්නගේ පවුල්වල යැපෙන්නන් අන්ත අසරණ වෙනව. මේ පුරවැසියන් සම්බන්ධයෙන් සුභසාධන වැඩසටහන් ක්‍රමවේදයක් නව ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුය. මේ වැන්දඹු කාන්තාවන්ට අනුරාධපුරයේ වෙන රස්සාවල් නොමැති නිසා අකමැත්තෙන් උනත් අකමැති රස්සා කරන්න සිද්ධ වෙනව.


හබීබු මොහොමඩ් සමීන් - සාමය හා සෞඛ්‍ය නංවාලීමේ සංවිධානය.

v  විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට බලය පැවරෙන ක්‍රමයක්, සකස්කල යුතු වනවා. මුදල් වියදම්කර ජනාධිපති වරයා මැතිවරණයකින් පත්කරනවාද පාර්ලිමේන්තුවෙන් තොරනවාද, පාර්ලිමේන්තුව සදහා ඉදිරිපත්වන අපේක්ෂකයන්සදහා යම් ප්‍රමිති කරණයක් (අධ්‍යාපනය) නව ව්‍යවස්ථාවට ඇත්ලත් කල යුතු වනවා.

v  බලය විමධ්‍යගත කිරීමේදී යම් නිර්ණායකයන් ඇති කරගත යුතුවනවා.( කැබිනට් හෝ නොවන  ඇමතිවරයකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ) ඥාතියකුට, සහෝදරයකුට, දරැවකුට පළාත් පාලන ආයතන මැතිවරණ සදහා ඉදිරිපත් වීම වලක්වා නව නීති ගෙන ආ යුතුය.

v  මැතිවරණ සදහා දින ව්‍යවස්තාවෙන්ම තීරණය කල යුතුවනවා. පාලකයාට අවශ්‍ය ආකාරයට එය තිරණය කිරීමට නොහැකිවන පරිදි නව නීති ගෙආ යුතු වනවා.

v  මූලික අයිතිවාසිකම් වශයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවසක හිමිකම ආදි අවහ්‍යතාවයන් ගෙන ආ යුතුවනවා.

v  සිංහල සහ දෙමළ භාෂා රාජ්‍ය භාෂා වශයෙන් සහ ලංකාවේ ඇති සෑම ආගමක්ම සම තත්ත්වයේ සලකා එය පොසණය කිරීම රජයේ වගකිමක් වහයෙන් නව ව්‍යස්ථාවට ඇතුලත් විය යුත්ය. නම්කල යුතුවනවා.

 

ඩබ්. රණසිංහ මහතා - විශ්‍රාමික ගුරැවරයකු

v  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වකුගඩු ගැටළුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරල වාරෟථාව දෙනව රටේ ප්‍රධානියට මොනවද තියෙන්නේ ඇහුවහම කියනව ඒක දුන්නේමට කියල, ජානාධිපිත වරයා විසින් ග්ලයිෆෝසේට් තහනම් කරල මාස 05 ට පස්සේ කන්ටේනර් 15 රටතුල නිදහස් වෙනව මේ සම්බන්ධයෙන් සිවිල් සමාජයේ හෝ පාර්ලිමේන්තුවේ කථිකාවතක් ඇති වුනාද නැහැ. මෙනිසා අපි නව ව්‍යවස්ථාවක් සම්පාධනය කරකොට ඉහත කරැණු සම්බන්ධයෙන් ඇතුලත් කල යුතුය.


සිසිල් ද සිල්වා මහකා - සමාජ අභිවර්ධන පර්යේෂණ සංවිධානය

v  ආගම සහ භාෂාව යන්න ව්‍යවස්ථාවට ඇත්ලත් විය යුතු නැහැ මොකද භාෂාව සහ ආගම පුද්ගලික කාරණයක් වන නිසා පොදු එකගතාවක් මත සිට ව්‍යවස්ථාව  සමිපාදනය කල යුතුය.


එචි.එල්. කරැණාරත්න මහතා

v  නව ව්‍යවස්ථාවට සමිපාධනයේදී ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන රාජ්‍ය නිධාරින් ගේ ක්‍රියාපටිපාටිය පැහැදිලිව ඇතුලත් කල යුතුය. ඒ අනුව  ක්‍රියාත්මක නොවන නිළධාරීන්ට විරැද්ධව කටයුතු කිරීමට නීති මාලාවක් සකස් විය යුතුය.


එස්. එම් අනුර සේනානායකමහතා - පණ්ඩුළගම

v  ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන රාජ්‍ය නිධාරින්ට ඉදිරි වැඩසැලැස්මක් සැකසීම අනිවාර්ය කල යුතුය. එසේ සිදුවුවහොත් පමණයි රාජ්‍ය සේකයාගෙන් නියම ප්‍රථිඵලය ගන්න පුළුවන්. මේ සමිබන්ධයෙන් නව ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුය.

www.facebook.com/philip.dissanayake.3

සටහන - ඩිලාන් ධනුෂ්ක


2016-02-08
Advertisement

Find us on Facebook