English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් මහ කොමසාරිස්තුමාගේ උතුරේ සංචාරය තුළ බලාපොරොත්තු තැබිය හැකිද ?
පසුගිය සෙනසුරාදා (06) දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන්, ඊයේ එනම් 07 වනදා සිය ශ‍්‍රි ලංකා සංචාරයේ දෙවන දිනය සටහන් කරමින් උතුරු නැගෙනහිර පළාත්වල සංචාරයේ නියැළුණි. එහිදි උතුරේ සහ නැගෙනහිර දේශපාලන නායකත්වයන් මෙන්ම සිවිල් සමාජ ක‍්‍රියාධරියන් ද යුද්ධයෙන් පීඩාවට පත්වී සිටින සිවිල් වැසියන් ද මුණගැසුණු බවට උතුරේ ආරංචි මාර්ග සඳහන් කළේය.

උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේශ්වරන් ආණ්ඩුකාර එච් එම් ජී එස් පලිහක්කාර සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වා ඇති මහ කොමසාරිස්වරයා , උතුරේ වැසියන් විසින් තමන්ව ඉතා උණූසුම් ලෙසට පිළිගත් බවත් එය ඉතා අගයකරන බවත් මහ ඇමතිතුමා සමග ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවැත්වු බවත් සඳහන්කර ඇත.
 
උතුරු පළාතේ වැසියන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටළු/අභියෝග පිළිබඳවත් පරිපාලනය සමග පවතින සැලසුම් සහ උතුරු පළාත මේ කාලසීමාව තුළ ලබාගෙන තිබෙන ප‍්‍රගතිය පිළිබඳවත් සාකච්ඡා කළ බව සඳහන්කර ඇති මහ කොමසාරිස්වරයා අතුරුදහන්වු පුද්ගලයින් පිළිබඳව තොරතුරු අපේක්‍ෂාවෙන් සිටින ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සහ දේශපාලන සිරකරුවන් පිළිබඳවත් ඉඩම් නැවත ලබාදීම් පිළිබඳවත් මහ ඇමති විග්නේශ්වරන් සමඟ සාකච්ඡා කළ බව සඳහන්කර ඇත.
 

එහෙත්, මහ කොමසාරිස්වරයා විසින් අතුරුදහන්වු පුද්ගලයින්ගේ ඥාතින් හමුවීම පිළිබඳව නොසතුට පළකර ඇති දමිළ දේශපාලනඥ මෙන්ම, 2009 මැයි 18 වනදා හමුදාවට භාරවීමෙන් අනතුරුව අතුරුදහන්වී සිටින එල්ටීටීඊ නායකයෙකුගේ බිරිඳ වු ආනන්දි සශීදරන් පවසා ඇත්තේ "මිනිස්සු අධෛර්යට පත්වුණා. මහ කොමසාරිස් තුමා කථා කළේ මිනිස්සු අට දෙනෙක් එක්ක විතරයි. ඒකත් විනාඩි කිහිපයක් පමණයි දුන්නේ."

ඒ අතරම, ඔවුන්ට කිසිඳු වෙනසක් තවමත් අත්දකින්නට නොහැකි වි තිබෙන වර්තමාන ආණ්ඩුව ගැන සෑහීමකට පත්නොවන බවත්, ආණ්ඩුව කෙරෙහි තැබු විශ්වාසය බිඳී ගොස් ඇති බවත් ඒ බැවින් තමන්ට යුක්ති සාධාරණයක් අපේක්‍ෂා කළ හැක්කේ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් මගින් පමණක් යැයි මහ කොමසාරිස්වරයා හට ඔවුන් පැවසුවේ යැයි ද ආනන්දි සශීදරන් මාධ්‍යට ප‍්‍රකාශකර ඇත.  

අතුරුදහන්වු පුද්ගලයින්ගේ ඥාතින් විසින් අතුරුදහන්වුවන් පිළිබඳව තොරතුරු වාර්තාවක් මහ කොමසාරිස්වරයා වෙත භාරදුන් අවස්ථාවේදි තමන් මේ වන විටදී ඔවුන් ගේ ප‍්‍රශ්නය ගැන හොදින් දන්නෙ යැයි ද සියලූ ප‍්‍රශ්න පිළිබඳව කොළඹදී අදාළ නායකත්වයන් හා සාකච්ඡා කරන බවද මහ කොමසාරිස්වරයා පැවසු බව වාර්තා වෙයි.  

1971 දී ශ‍්‍රි ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණු සන්නද්ධ කැරළිවලදී බන්ධනාගාර ගතවු දේශපාලන සිරකරුවන් වෙත සහ 2009 දි සහ 2010 දී එල්ටීටීඊ ත‍්‍රස්තවාදින් 10,000 ට පොදුසමාව යටතේ නිදහස ලබාදුන්නේ නම් එවැනිම ආකාරයෙන් දැනට බන්ධනාගාරගතවී සිටින 273ක් දේශපාලන සිරකරුවන් වෙත නිදහස ලබාගැනීමේ අවකාශය ගැන විග්නේශ්වරන් මහ ඇමතිවරයා විසින් මහ කොමසාරිස්වරයාගෙන් විමසා ඇත.

එහෙත්, මහ කොමසාරිස්වරයාගේ පිළිතුර වී ඇත්තේ , අනෙකුත් රටවලින් ලබා ඇති අත්දැකීමට අනුව මෙවැනි දේශපාලන සිරකරුවන් හට පොදු සමාවක් යටතේ නිදහස් කිරීම තවත් පැටලිල්ලකට මුලපුරන බවත් , අධිකරණ ක‍්‍රියාවලියක් ඔස්සේ පමණක් ඔවුන්ගේ ප‍්‍රශ්නය විසඳිය යුතු බවත්ය.

මහ කොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් කුමරුගේ ශ‍්‍රි ලංකා චාරිකාව පිළිබඳ සමස්ත තොරතුරු අගහරුවාදා (09) කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදි ඉදිරිපත් කෙරෙන බව එක්සත් ජාතින්ගේ කොළඹ කාර්යාලයේ සන්නිවේදන අංශයේ ප‍්‍රධානි ෆාදිල් බකීර් මාකර් මහතා විසින් පවසා ඇත.

-    මෙලනි





2016-02-08
Advertisement

Find us on Facebook