English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඕස්ටේ‍්‍රලියාව ළදරුවන් 38ක් රැඳවුම් කඳවුරුවලට ආපසු යවයි

වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමේ අවශ්‍යතාව මත රැඳවුම් කඳවුරුවල සිට ප‍්‍රතිකාර පිණිස  ඕස්ටේ‍්‍රලියාවට රැගෙන ආ ළමයින් ක‍්‍රිස්මස් දූපතේ ඇති රැඳවුම් කඳවුර වෙත ආපසු රැගෙන ඒම සඳහා අවශ්‍ය විධිවිධාන දැනටමත් සම්පූර්ණ කර ඇතැයි වාර්තා වේ.

මේනිසා අනාගතයේ  ඕස්ටේ‍්‍රලියානු මුහුදු සීමාවේ පරිපාලනය සම්බන්ධ කැපීපෙනෙන අප‍්‍රසන්න ප‍්‍රතිඵල උදා වීමට ඉඩ ඇතැයි මානව හිමිකම් නීතිඥයෝ පවසති.

තම දරු ප‍්‍රසූතියේ අවසාන භාගය සඳහා අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර වෙනුවෙන්  ඕස්ටේ‍්‍රලියාවට කැටුව ආ නාවුරු කඳවුරේ රඳවා සිටි බංගලාදේශ ජාතික ගැබිණි කාන්තාවක සම්බන්ධ තීන්දුව පසුගිය දා ලබා  දුන්නේ පෙත්සම් කරුවන් ගේ චෝදනා අභියෝගයට ලක් කරමිනි.  ඕස්ටේ‍්‍රලියා මහාධිකරණය මෙම පෙත්සම පසුගිය බදාදා ප‍්‍රතික්ෂේප කළේ ය.

ඕස්ටේ‍්‍රලියාවට දේශපාලන රැකවරණ පතා පැමිණ නාවුරු කඳවුරේ රඳවා සිට මානසික ආබාධිත තත්ත්වයන්ට පත් වීම නිසා ප‍්‍රතිකාර පිණිස  ඕස්ටේ‍්‍රලියාවට රැගෙන ආ 260කට අධික පිරිසක් වෙනුවෙන් ඉදිරිපත් කළ අයිතිවාසිකම් පෙත්සම් අතරින් ප‍්‍රධානතම නඩුව වූයේ ඇයගේ සිද්ධියයි.


මේ අය අතර ළදරුවෝ 38ක් සිටිති. එයින් සමහරුන්  ඕස්ටේ‍්‍රලියාවේම උපත ලැබූ අයයි. එසේම නාවුරුවල කලින් රඳවා සිටි අය දැන් බි‍්‍රස්බේන්, මෙල්බර්න් සහ ඩාර්වින්වල වාසය කරති.

මෙම නඩුව ආරම්භ වූයේ  ඕස්ටේ‍්‍රලියානු ආණ්ඩුව විදේශ රටක රැඳවුම් කඳවුරක් පවත්වාගෙන යාමේ නෛතිකභාවය අභියෝගයට ලක්කිරීමේ ස්වරූපයෙනි. මේ සඳහා අවශ්‍ය නෛතික අධිකාරිය සැලැසෙන පරිදි ඇබට්ගේ ආණ්ඩුව නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නඩුවෙන් අභියෝගයට ලක්කෙරුණේ විදේශ රටකදී මිනිසුන් දණ්ඩනයට ලක්කිරීමට  ඕස්ටේ‍්‍රලියාවට ව්‍යවස්ථානුකූල අයිතියක් ඇත්දැයි යන්නයි.

මේ නඩු විභාගයට දින දෙකක් තිබියදී නිවේදනය කෙරුණේ නාවුරුහි පිහිටි මධ්‍යස්ථානය විවෘත කොට එම දූපතේ නිදහසේ සැරිසැරීමට රැකවරණ පතන්නන්ට අවස්ථාව උදාකර දුන් බව ය.



- Varuni Amarasinghe

- Melani




2016-02-07
Advertisement

Find us on Facebook