English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අද බදුල්ලේ පැවති උද්ඝෝෂණයට පොලීසියෙන් බාධා
නීතියේ පාලනය පිහිටු වීම සදහා කි‍්‍රයාත්මක විය යුතු ප‍්‍රධාන ආයතන පද්ධතිය ඉතා බරපතල කඩා වැටීමට ලක්වීම සම්බන්ධව වහා මැදිහත් වන ලෙස ඉල්ලා මහජන උද්ඝෝෂණයක් අද (ජුලි 06) බදුල්ල නගරයේ දී පැවැත් විය. මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අවස්ථාවේ පැමිණි බදුල්ල පොලීසියේ පොලිස් කණ්ඩායමක් උද්ඝෝෂණය පැවැත්වීමට ඉඩ දිය නොහැකි බව පවසා සිටින ලදී. නමුත් උද්ඝෝෂකයන් එය පිළිනොගෙන උද්ඝෝෂණය දිගින් දිගටම පැවැත් වූ විට පොලීසිය පවසා සිටියේ 'සදුන් මාලිංග බිලිගත් කන්දෙකැටිය පොලීසියට සාප වේවා' යන මැයින් පොලීසියට විරුද්ධව යොදා ඇති බැනර් ඉවත්කර අදාල උද්ඝෝෂණය කරගෙන යන ලෙසයි.

එය නොපිළිනොගත් උද්ඝෝෂකයන් පවසා සිටියේ එසේ බැනර් ඉවත් කිරීමට ද පොලිසියට නියෝග කළ නොහැකි බවයි. මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටි සිවිල් සංවිධාන නායකයන්, දේශපාලණ පක්ෂ නායකයන් හා නීතිඥයින් පැයට ආසන්න කාලයක් තිස්සේ පොලීසිය සමග කරණු ලැබූ සංවාදයෙන් පසුව අවසානයේ පොලීසිය එම ස්ථානයෙන් පිටව යනු ලැබූ අතර උද්ඝෝෂකයන් තම උද්ඝෝෂනය සාර්ථකව අවසන් කරනු ලැබුවේ බදුල්ල තැපැල් කාර්යාලීය සංකීරණයේ පැවැති රැස්වීමට පෙලපාලියෙන් ගමන් කිරීමෙන් පසුව විය.




2014-07-06
Advertisement

Find us on Facebook