English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නායකත්වයක් දිය හැකි නීතිපතිවරයෙකු වහා පත්කරන්න !

එෆ් සී අයි ඩී ය මෙන්ම නීතිපති යන මාතෘකා මේදිනවල වඩාත් බහුලව කථාබහාට යෙදෙන මාතෘකාව වී තිබෙනවා. නීතිපතිවරයා විශ‍්‍රාම ගියද තවමත් නීතිපතිවරයෙකු පත්කර ගන්නට ආණ්ඩුවට බැරිවී තීබීම එක්තරා විදියක දුර්වලකමක් ලෙසට වර්තමාන ආණ්ඩුව ඇතැම් සිවිල් සංවිධානවල දෝෂ දර්ශනයට ලක්වෙමින් පවතිනවා.
 
සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය විසින් මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුවට මෙසේ දෝෂාරෝපණය කරයි.

"පසුගිය කාලේ වසර පුරා සිදුකළ පරීක්‍ෂණ පිළිබඳ වාර්තා හිටපු නීතිපතිවරයා තමන්ගේ බලය පරිහරණය කරලා ඒවා අධිකරණ ක‍්‍රියාමාර්ග වලට යොමු නොකිරීම දිගින් දිගටම සිද්ධ කළා. ඒ නිසා අපි ඉතා දැඩි ලෙස අග‍්‍රාමාත්‍යවරයාටත් ජනාධිපතිවරයාටත් පවසා සිටිනවා නීතිපති දෙපාර්තමේන්තුවට නිසි නායකත්වයක් දෙන්නට පුළුවන් සුදුසු පුද්ගලයෙක් නීතිපතිවරයා හැටියට පත්කරන්නට කියා. වර්තමාන ආණ්ඩුව සැබවින්ම යහපාලනයක් සඳහා කැපවෙනවාද නැද්ද කියන තීන්දුව ඉදිරිපත් වන්නේ මේ ගන්නාවු තීරණය මත යි." යනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය ප‍්‍රකාශ කළේය.

එෆ් සී අයි ඞී ය පිළිබඳව ද යම්කිසි අදහසක් එක් කරමින් මෙසේ පැවසීය. "ඒක විසුරාව හරින්නට අවශ්‍යයි කියලා කැබිනට් අමාත්‍යවරු මාධ්‍යවලට ප‍්‍රකාශ කරනවා. මේ තරම් අශීලාචාර ප‍්‍රකාශයක් කිසිම කාලයක රාජ්‍යක වගකීම භාරගත්ත පුද්ගලයෝ ඉදිරිපත් කරන්නේ නැහැ. හොරාට කලින් කෙසෙල්කැන වැට පණිනවා වගේ තත්ත්වයක් තමයි අද දක්නට ලැබෙන්නේ." යැයි ප‍්‍රකාශ කළේය.

-    මෙලනි



2016-02-06
Advertisement

Find us on Facebook