English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජාතික ගීය මුලින්ම කොළඹ දී ප්‍රසිද්ධියේ ගායනා කලේ සිවිල් ව්‍යාරයයි



2015 අපේ‍්‍රල් 06 වෙනි දින පස්වරු 3.00 ට අපි ජනතාවට ආරාධනය කලා සිංහලෙන් දෙමළෙන් ජාතික  ගීය ගායනා කරන්න. කොළඹ කොටුව දුම්රිය පොළ අසලට එන්න කියලා. ඒ මුළු රටට නව ආණ්ඩුවට එරෙහිව ජාතිවාද කඩු අමෝරා ගෙන සිටින මොහොතක. අපේ ඉල්ලීම පරිදි අපේ සහෝදර සහෝදරියන් කිසිඳු බියක් සැකක් නැතිව එතැනට පැමිණ සිටියා. අප වටා රහස් ඔත්තු සේවා වගේම, පොලිස් නිලධාරීන් සිටියා. ජාතිවාදි පිරිස් ගැටුමක් ඇති කර ගැනීමට අර අදිමින් සිටියා. 

නමුත් අපි භාෂා දෙකෙන්ම මුළු කොටුවටම ඇහෙන විදියට ජාතික ගීය ගායනා කලා. කොළඹ කොටුවේ පළමු වතාවට දෙමළෙන් ජාතික ගීය ගායනා කලා. ජාතික සමගිය පිළිබඳව රටේ අවශ්‍යතාවය මුළු රටටම දන්වන්න අපිට  ඕන වුනා.

68 වන නිදහස් දිනයේ දී රටේ නායකයන් තීරණය කරනවා. ජාතික ගීය භාෂා දෙකෙන්ම නිදහස් දින ජාතික උත්සවයේදී ගායනා කරන්න. සිවිල් සමාජ ව්‍යාපාරයක් හැටියට අපි ආඩම්බර වෙනවා අපිට ඔවුන්ට කලින් ඒ දේ කිරීමට ශක්තිය තිබීම ගැන. එමෙන්ම එම නිර්භීත තීරණය ගත් රටේ නායකයන්ට අපේ ගොරවය හිමි විය යුතුයි.


2016-02-05
Advertisement

Find us on Facebook