English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ව්‍යවස්ථාව පිළිබද පුරවැසි කථිකාව පෙබ.6 හා 7 අනුරාධපුරයට හා කුරුණෑගලට


නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය එක්ව සංවිධානය කරනු ලබන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබදව මහජන සම්මන්ත‍්‍රණ මාලාවේ 7 වන සම්මන්ත‍්‍රණය පෙබරවාරි 06 සවස 2.30ට අනුරාධපුර නැනුප ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත් වේ.

මෙම සම්මන්ත‍්‍රණය සදහා මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න, නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, ප‍්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, නිදහසේ වේදිකාවේ හා වීදියේ විරෝධයේ සම සංවිධායක පිලිප් දිසානායක, ලංකා ගුරු සංගමයේ හා අපි පුරවැසියෝ සංවිධානයේ පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු යන අය අදහස් දැක්වීමට නියමිතය.

නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප‍්‍රධානත්වයේ යුත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබාගැනීමේ කමිටුව  පෙබරවාරි 15 සහ 16 කුරුණෑගල නගරයටත්, 17 සහ 18 අනුරාධපුර නගරයටත් පැමිණීමට නියමිතව තිබේ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කි‍්‍රයාවලිය පිළිබ`දව මහජන අවබෝධය හා උන්දුව ඇති කිරීමත් සදහා මෙම සම්මන්ත‍්‍රණ මාලාව සුදානම් කර තිබේ.

පෙබරවාරි 07 උදේ 9.30 කුරුණෑගල රදගුරු ලයනල් වික‍්‍රමසිංහ ශාලාවේ මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ 8 වැන්න පැවැත්වෙන අතර, එදිනම සවස 3.00 රුවන්වැල්ල රාජගිරිය උත්සව ශාලාවේ මෙහි 9 වන සම්මන්ත‍්‍රණය පැවැත්වීමට කටයුතු යොද තිබේ. මෙම සම්මන්ත‍්‍රණය සදහා ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, පිලිප් දිසානායක, මාතර මහ නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත, හිටපු පලාත් සභා මන්තී‍්‍ර ආනන්ද ලැනරෝල් යන අය අදහස් දැක්වීමට නියමිතය.
 
  



2016-02-03
Advertisement

Find us on Facebook