English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලංකාවේ ජනතාව ජීවිතයට වඩා උනන්දු මරණය ගැන
පසුගිය දෙසැම්බර් 18 වන දා සමබිම රේඩියෝ සගරාව වැඩසටහනට සහභාගි වූයේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ ක‍්‍රියාකාරිකල නිදහසේ වේදිකාව ව්‍යාපාරයේ සම කැඳවුම්කරු පිලිප් දිසානායකයග ඔහු එහිදී රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක සුදර්ශන ගුණවර්ධන සමග සිවිල් සමාජ සංවිධාන විසින් සංවිධානය කළ මානව හිමිකම් දින සැමරුම ගැනත්ල මතු වී තිබෙන දේශපාලන වටපිටාව තුළ සිවිල් සමාජ භූමිකාව පිළිබඳත් සංවාදගත විය. එම වැඩසටහන ආශ‍්‍රයෙන් මෙම සටහන සකස් කරන ලදී.

සුදර්ශන – පසුගිය දෙසැම්බර් 11 වනදා කොළඹ දී සිවිල් සමාජ සංවිධාන රාශියක් එකතු වී උත්සවාකාරයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරුවාග මෙවර මානව හිමිකම් දින සැමරුමේ සුවිශේෂතා මොනවාද?

පිලිප් – අපි මෙවර මානව හිමිකම් දිනය සැමරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ. මේ වගේ ශාලාවක ජාත්‍යන්තර මානව හිමිකම් දිනයක් සමරන්න අපට ලැබුණ පළවෙනි අවස්ථාව තමයි මේ. දෙවන කාරණය මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහභාගි වූවාග රාජ්‍ය නායකයෙක් ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුමකට සහභාගි වීමත් විශේෂයක්. ඒ වගේම ජනවාරි අට සිදුවු වෙනසින් පසුව ප‍්‍රාදේශියව ඉන්න මානව හිමිකම් කියාකාරිකයන් ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රජාව සහභාගි වී කළ පළවෙනි කටයුත්ත ලෙස මේ සැමරුම හඳුන්වන්න පුලූවන්.

සුදර්ශන – ජනවාරි අටේ වෙනසට සහභාගි වු පිරිසටිනිදහසේ වේදිකාව’ යන නම අලුත් නමක් නොවුණත් මොකද්ද මේ නිදහසේ වේදිකාව කියලා පැහැදිලි කරන්න පුලූවන්ද?

මේ වචන දෙකේම තේරුමක් තියෙනවා. ඒ තමයි නිදහසේ ගොඩවෙන්න පුළුවන් තැනක් වීම. අපිට පහුගිය කාලේ නිදහස පිළිබද ප‍්‍රශ්නයක් තිබුණා. ඒ නිසා නිදහස කියන අකුරු හතරට විශාල බරක් තිබුණා. ඒ නිසාම අපි ඒ වචනය පාවිච්චි කලේ නිදහස ප‍්‍රර්ථනා කළ අයට ගොඩවෙන්න පුළුවන් තැනක් විදියට. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස, ජීවත් විමේ නිදහස නොමැතිකම බරපතල ප‍්‍රශ්නයක් ලෙස තිබුණා. නමුත් ඒ සදහා සුදුසු ඉඩකඩක් පසුබිමක් දැන් අපිට හැදිල තියෙනවා. එය සියයට සියයක් සම්පූර්ණ නිදහසක් නොවුනත් සම්පුර්ණ නිදහසක් අත්පත් කරගැනීමේ අභියෝගය තවමත් අපි ඉදිරියේ තිබෙනවා.

සුදර්ශන – ඔබ නිදහසේ වේදිකාවට සමගාමීව ක‍්‍රියාත්මක වූ "වීදියේ විරෝධය" සංවිධානයේ පුරෝගාමියෙක්. මේ සංවිධානය කුමක්ද කියල පැහැදිලි කළොත්?

පිලිප් – වීදියේ විරෝධය ගොඩනැගෙන්නේ මුලික කාරණා දෙකක් මත. පැවතුණ රෙජීමය වෙනස් කළ යුතුයි කියන පදනම මත සිවිල් සංවිධාන රාශියක් එකතු වුණා. ඒ සදහා ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කළා. මේ අදහස් ඉදිරියට ගෙන යෑම සදහා පාවිච්චි කරපු මාධ්‍ය තමයි වීදිය. නොඑසේ නම් නිදහස් අවකාශය. මිනිස්සුන්ව අපි ඉන්න තැනට ගෙන්න ගෙන නෙවෙයි මිනිස්සු ඉන්න තැනට අපි ගිහිල්ලා මේ අදහස් ප‍්‍රචාරය කරන්න අපි උත්සහා කළා. මොකද ඒ වේලාවේ මිනිස්සු බිය ගැන්විලා  පසුබැහැලා හිටියේ. නමුත්  වීදීයේ විරෝධය ක‍්‍රියාකාරීත්වය හරහා අපිට පුළුවන් වුණා යම් කිසි ධෛර්යයක් ලබා දෙන්නග කොළඹ කොටුවෙන් පටන් අරගෙන වීදියේ විරෝධය දිස්ත‍්‍රික්ක දොළහක් දක්වා ප‍්‍රාදේශීයව අරගෙන ගියා.


සුදර්ශන – නිදහසේ වේදිකාව පටන් ගන්නේ 2009 දී. පිලිප් කීවා වගේ ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට, ජීවත් වීමේ නිදහසට විශාල  වශයෙන් බාධා එල්ල වූ අවස්ථාවක අපි හිතුවා පිරිසක් එකතු කරගෙන නිදහසේ වේදිකාව හදන්න. මෙයට සමගාමීව විවිධ සංවිධාන සකස් වූවත් මහපාරේ ජනතාව අතරට මේ අදහස් අරන් ගිය ව්‍යාපාරය තමයි වීදීයේ විරෝධය කියන්නේ. ඒ ව්‍යාපාරය සුවිශේෂී වෙන්නේම මහජනතාව එක්ක මහපාරට බැහැලා වීදීයට ගිහින් වැඩකරපු නිසා. පැවැති ආණ්ඩුව මේ සංවිධානය මර්දනය කරන්න විවිධ දේවල් කළා. එහි ක‍්‍රියාකාරිකයන් අවස්ථා දෙකකදී පහර දීමට පවා ලක්වූවා.

පිලිප් – ඔවු. විශාල ජන සහභාගිත්වයක් ඇතිව 2014 නොවැම්බර් 25 දා කොළඹින් මේ ව්‍යාපාරය ඇරඹුවට ප‍්‍රාදේශීය වශයෙන් එතරම් ජන සහභාගිත්වයක් තිබුණේ නෑ. එප්පාවලින් අපි අනුරාධපුරයට යන්න සුදානම්ව සිටි අවස්ථාවක ප‍්‍රවීණ සාහිත්‍යධර ජයතිලක බණ්ඩාරට පහර දුන්නා කොහොමද අපේ මහරජට විරුද්ධව වැඩ කරන්නේ කියලා. නැවත අපි  හම්බන්තොටදී ඊටත් වඩා මිලේච්ඡ පහර දීමකට ලක් වුණා. මේ පහර දීමට මුලිකත්වය ගත්තේත් එය සංවිධානය කලේත් හම්බන්තොට නගර සභාවේ නගරාධිපතිවරයා.

සුදර්ශන – පසුගියදා කුරණෑගලදී තිබූ මානව හිමිකම් සැමරුමකදී ඔබ කියනවා ලංකාවේ මිනිසුන්ට මරණයට සැලසුමක් තියෙනවා, එහෙත් ජීවිතයට සැලසුමක් නෑ කියලා. මොකක්ද ඔබ ඉන් අදහස් කළේ?

පිලිප් – අපේ් රටේ හැම ගමකම සංවිධානාත්මක සමිතියක් තියෙනවා. ඒ තමයි මරණාධාර සමිතිය. ඒකට ගමේ ඉන්න බොහො දෙනා සම්බන්ධයි සහ උනන්දුයි. නමුත් ඒ උනන්දුව නැහැ ජිවත් වෙලා ඉන්න විට ඇතිවන ප‍්‍රශ්න සම්බන්ධව කතා කරන්න. ඒ නිසා මම කීවේ අපේ මිනිස්සු අතර මරණයට සුදානමක් තියෙනවා. නමුත් ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය ගොඩනැගීම සදහා තියෙන උනන්දුව ප‍්‍රමාණවත් නෑ කියලා. අපි මේක ඉදිරි කාලේදී වෙනස් කරන්න  ඕන.

සුදර්ශන- අපි ආපහු කොළඹ තිබූ මානව හිමිකම් සැමරුමට එමු. එතනදී බි‍්‍රටෝ ප‍්‍රනාන්දු යම් අභියෝගයක් කළා රජයට. ඒ වගේම ඒ අභියෝගයට රජයෙන් හොද ප‍්‍රතිචාරයකුත් ලැබෙනවා. මේ කාරණා දෙක ඔබ දකින්නේ කොහොමද?

පිලිප් – බි‍්‍රටෝ ප‍්‍රනාන්දු කියන්නේ අතුරුදහන් වීමට එරෙහිව දශක දෙකකට එහා කාලයක් සටන් කරපු නායකයෙක්. ඔහු උතුරේත් දකුණේත් අතුරුදහන් වීම්වලට එරෙහි වු නායකයෙක්. ඔහු අගමැතිගෙන් ඇහුවා ආණ්ඩුවෙන් අතුරුදහන් කිරීම නීතිමය වරදක් බවට පත් කළ යුතුයි ඒ සදහා වන ප‍්‍රථම පියවර වන අතුරුදහන් කිරීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අත්සන් කරන්න ආණ්ඩුව ප‍්‍රමාද ඇයි කියලා. එතකොට අගමැතිතුමා කීවා ඒ සම්මුතියට අත්සන් කරන්න කැබිනට් එක තීරණය කළ බව.

මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් කියන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. ඒ නිසාම අයිතිවාසිකම් ප‍්‍රශ්නය ඉවර වෙන්නෙ නෑ. ආණ්ඩුව මොනතරම් හොද ආකාරයෙන් ක‍්‍රියාකළත් අයිතිවාසිකම් පිළිබද ප‍්‍රශ්නය අලුත් ආකාරයෙන් සාකච්ඡා වෙනවා. එතකොට මානව හිමිකම් ක‍්‍රියාධරයගේ වගකීම තමයි මානව හිමිකම් ප‍්‍රශ්නය ඉදිරිපත් කිරීම. පසුගිය කාලේ අපි දැක්කා එහෙම ඉදිරිපත් කරන කෙනාට ද්‍රෝහියෙක් සහ අපරාධකාරයෙක් වගේ සලකනවා. අපි සටන් කලේ ඒ තත්ත්වය වෙනස් කරලා අදහස් පළ කිරිමේ අයිතිය, රැස්වීමේ අයිතිය, සමිති සමාගම් පැවැත්වීමේ නිදහස ලබා ගන්න. ඒ අනුව සිවිල් සමාජය සංවිධානය කළ ප‍්‍රධාන උත්සවයකට අගමැතිතුමා පැමිණීම ඒ වගේම සමාජ සංවාද අමාත්‍යතුමා පැමිණීම වගේම ඒකෙදී මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් අගමැතිතුමාට අභියෝග කරමින් සුරක්ෂිත විය යුතු මානව අයිිතිවාසිකම් තවදුරටත් තියෙනවා කියලා කීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය ලැබූ ජයග‍්‍රහණයක්.

සුදර්ශන – ආණ්ඩුවට විරුද්ධව යම් යම් බලවේග ක‍්‍රියාත්මක වෙන වෙලාවේ එක පැත්තකින් ආණ්ඩුව ආරක්ෂා කරන්නත් අනිත් පැත්තට ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නත් සිවිල් සමාජ සංවිධාන ක‍්‍රියා කරනවා. සමාජ තත්ත්වය වෙනස් කරගන්න කරන අරගලයේදී මේ තත්වය වලක්වන්න බැහැ. නමුත් මේක දිගටම කරන්න පුලූවන් දෙයක්ද?

පිලිප් – මේක අපිට තිබෙන අභියෝගයක්. කාලයක් තිස්සේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කළ සිවිල් සංවිධානව විදිහට අපි එක් පියවරක් සාර්ථකව ජයග‍්‍රහණය කළා. නමුත් ඉදිරියේ කරන්න තියෙන දේ ඊට වඩා බැරැරුම්. අපිට පෙනෙන විදියට රජය අපි බලාපොරොත්තු වන මාර්ගයේ ගමන් කරමින් ඉන්නවා. ඒ තත්ත්වය පවත්වාගෙන යනවා නම් අපිට ආණ්ඩුවත් එක්ක අත්වැල් බැදගන්න පුළුවන් ඉදිරියටත්. ඒ දේවල් හරියට වෙනවද කියන එක ගැන සිවිල් සමාජය අවදියෙන් සිටීම වැදගත්. ඒ නිසා මම හිතන්නේ මේක අමාරුවෙන් උනත් අපි කළ යුතුයි. යම් හෙයකින් මේක අත්හැරුණොත් අපේ ආයෝජනයේ ප‍්‍රතිඵල නොලැබී යා හැකියි.

උපුටා ගැනිම සමබිම 2016 ජනවාරි කලාපය
- Melani



2016-02-02
Advertisement

Find us on Facebook