English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඇඹිලිපිටිය සිද්ධියට මුලික අයිතිවාසිකම් නඩු 4ක් අද ගොනුකරයි


උසාවියට බාර නොවී සිටි ඇඹිලිපිටිය සිද්ධිය සම්බන්ධ සහකාර පොලිස් අධිකාරී ඞී.ඩබ්.සී. ධර්මරත්න මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර ඇඹිලිපිටිය පොලීසියේ කෲර කි‍්‍රයාවට එරෙහිව මුලික අයිතිවාසිකම් නඩු 4 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද ගොනු කරනු ලැබූ බව රයිට් ටු ලයිෆ් සංවිධානයේ ප‍්‍රසංග ප‍්‍රනාන්දු මහතා අයිතිය වෙත පැවසීය.

ඇඹිලිපිටිය පොලීසියේ පහරදීමෙන් මිය ගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන මහතා ගේ බිරිද වන ෂශිකා මුණසිංහ මිය රුපියල් කෝටියක වන්දි ඉල්ලා නඩු පැවරා ඇති අතර, පොලිස් පහරදීමට ලක් වූ අනෙකුත් ගම්වාසීන් වූ පොතුපිටිය ගමගේ වසන්ත ලක්ෂ 30 ක් ද, පොතුපිටිය ගමගේ ලසන්ත ලක්ෂ 30, නිවසේ හිමිකරු වූ ඞී.පී. මෙන්ඩිස් මහතා තම නිවසට වූ හානිය වෙනුවෙන් ලක්ෂ 20 ක වන්දියක් ඉල්ලා අද දින (2) නඩු පරවා තිබුනි.

නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාගේ උපදෙස් පිට මෙම නඩු නීතිඥ සම්පත් පුෂ්පකුමාර හා නීතිඥ පි‍්‍රයලාල් සිරිසේන මහතා විසින් ගොනු කරනු ලැබු අතර මෙම නඩුවල වගඋත්තර කරුවන් ලෙස සහකාර පොලිස් අධිකාරී ඞී.ඩබ්.සී. ධර්මරත්න ස්ථානාධිපති එස්.ආර්. ජිනේන්දු ඩයස්, පොලිස්පතිවරයා, ඇතුලූ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට විරුද්ධව මෙම නඩු ගොනු කර තිබේ.    

පසුගිය ජනවාරි 04 වන දින ඇඹිලිපිටිය නගරයේ පැවති උත්සව අවස්ථාවකට කඩා වැදුනු ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී හා අඹිලිපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුලූ පිරිසක් විසින් කරනු ලැබූ කෲර පහරදීම නිසා එම උත්සව සභාව පැමිණ සිටි සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන මහතා මිය ගිය අතර තවත් කිහිප දෙනෙකුට කෲර ප‍්‍රහාරයන්ට ලක් විය.




2016-02-02
Advertisement

Find us on Facebook