English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසියට එරෙහිව නඩු 2 ක් R2L අද ගොනු කරයි


පොලිස් නිලධාරියෙකු හා වනජීවී නිලධාරියෙකු විසින් නීතිය ඉක්මවා සිදු කළ කටයුතු හේතුවෙන් මිය ගිය දෙදෙනෙකු වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩු 2ක් අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලැබූ බවත්, අඹිලිපිටිය පොලීසිය විසින් ඝාතණය කළ සුමිත් ප‍්‍රසන්න ජයවීර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් තවත් මූලික අයිතිවාසිකම් නඩුවක් නීතිඥ සම්පත් පුෂ්පකුමාර මහතා විසින් හෙට (2) පවරණු ලබන බව රයිට් ටු ලයිෆ් සංවිධානයේ නීති නිලධාරිණී නීතිඥ උපේන්ද්‍රා ගුණසේකර මෙනවිය අයිතිය වෙත පැවසීය.

අද මෙසේ මුලික අයිතිවාසිකම් නඩු පැවරීම සිදු කරනු ලැබුවේ 2014 ජුනි 23 වන දින දිවුලපිටිය පොලිසියේ කොස්තාපල් සුසන්ත චන්දිමාල් විසින් සිදු කළ වෙඩි තැබීමක් නිසා මිය ගිය දිවුලපිටියේ පදිංචි කැලූම් සුභසිංහ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහුගේ මව විසින් ද, කතරගම වැඩිහිටිකන්ද අසල පලටුපාන රක්ෂිතයේ දී වනජීවී නිලධාරියෙකු වන ගයාන් රන්දුල සිල්වා නැමැත්තා විසින් සිදු කළ වෙඩි තැබීමෙන් 20015 ඔක්තෝබර් 02 වන දින මිය ගිය ශාන්ත ලක්මාල් වෙනුවෙන් ඔහුගේ බිරිද විසින් ද මෙම මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීම සිදු විය.

රයිට් ටු ලයිෆ් සංවිධානයේ මෙහෙයවීමෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත මෙම නඩු දෙක නීතිඥ නිමන්ති ප‍්‍රනාන්දු මෙනවිය හා නීතිඥ උපේන්ද්‍ර ගුණසේකර මෙනවිය විසින් ඊයේ ගොනු කරනු ලැබීය.

දිවුලපිටිය සිද්ධියේ දී පාරේ ගමන් කළ මගීන්ගේ විරෝධතාවය මැද්දේ අදාල පොලිස් නිළධාරියා සිදුකල වෙඩි තැබීමෙන් පසුව අසල කානුවකට වැටුනු කැලූම් සුභසිංහ රෝහලකට ගෙන නොගොස්  බොහෝ වෙලාවක් තබාගෙන සිටින රෑප රාමු.

https://www.youtube.com/watch?v=xgDqunRRy-c
 


 




2016-02-01
Advertisement

Find us on Facebook