English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


උසාවි නියෝගය ක‍්‍රියාත්මක කරන්නැයි පෙත්සමක් !

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේදි පොලිස් ප‍්‍රහාරවලින් වධ හිංසාවලට පත්වී ඝාතනයට ලක්වු සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ වන නිශාමලි මුණසිංහ විසින් අද (01) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොණුකරමින් තම සැමියාගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට ආයාචනය කර ඇත.

මෙම පෙත්සම මගින් ඇය ඉල්ලා සිටින්නේ, පසුගිය 27 වෙනිදා උසාවියේදි ගොණුවුණු සාක්‍ෂිවලට අනුව එම ම්ලේච්ඡු සිද්ධිය වන අවස්ථාවේදි ප‍්‍රදේශය භාරව සිටී  ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරිවරයා හා මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු සිද්ධියට අදාළ සියලූම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා කළ නියෝගය ක‍්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිට නියෝග කරන ලෙසටය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම්කර ඇත.

උසාවියකින් ලබාදුන් නියෝගයක් ක‍්‍රියාත්මක කරවා ගන්නටත් වර්තමානයේදි පීඩාවට ලක්වුණු පුරවැසියන්ට ම යළි යළිත් නිතිය ඉදිරියේ රස්තියාදු වන්නට සිදුවීම කෙතරම් අභ්‍යාගයක් ද? ජනවාරි 27 වෙනිදා නිකුත් කළ නියෝගය අද, පෙබරවාරි 01 දා තෙක් තවමත් ක‍්‍රියාත්මක නොකරන්නේ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින්නේ මහජන ආරක්‍ෂාව , සාමය, යුක්තිය පසිඳලීම සඳහා නිත්‍යානූකුලව බැඳී සිටින ප‍්‍රධානම රාජ්‍ය ආරක්‍ෂක කණ්ඩායමක නිළධාරීන් නිසාවෙන් නොවෙද යැයි කාට නොසිතේද ? එහෙත් මෙම සිද්ධියේ වරදකරුවන් රටේ ජිවත්වන පොලිස්, හමුදා නිළධාරින්, ප‍්‍රභූන් නොවුනානම් නියෝග නිකුත් වු සැණින් ගම් දනව් පීරා ඔවුන් අත්අඩංගුවට ගෙන දිය යුතු වධ හිංසා සියල්ල දී හමාරය.
 
දරුණු පහරදීම් වලට ලක්වී අධික ලෙස රුධිරය වහනය වී මරණයට පත්වුණු සුමිත් ප‍්‍රසන්න වන සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි ධර්මවර්ධන හා ඇඹිලිපිටිය මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා යන දෙදෙනා සැකකරන බව ජීවිතක්‍ෂයට පත් සුමිත් ප‍්‍රසන්නගේ බිරිඳ සාක්‍ෂි දෙමින් එදින (27) ප‍්‍රකාශ කළේය.
 

සබැඳි පුවත් -

ඇඹිලිපිටිය ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග !
http://www.aithiya.lk/news_view.php?id=724

-    මෙලනි



2016-02-01
Advertisement

Find us on Facebook