English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ශ‍්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව

 ශ‍්‍රී ලංකාව 2015 දී ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණ තහවුරු කර ගැනීමට නම්, ජනාධිපති සිරිසේනගේ ශ‍්‍රීලනිපය හා අගමැති වික‍්‍රමසිංහගේ එජාපය තමන් අතර පවත්නා වෙනස්කම්, තරගකාරිත්වයන් හා මතවාදීමය වෙනස්කම් ජය ගෙන, ඒකාබද්ධ වී, තුන් වන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට නායකත්වය දීම ඉතා වැදගත් වේ. යහපාලනය හඳුන්වා දීමත් මානව හිමිකම් සහ ජාතික සමගිය හා එකමුතුකම සුරැකීමත් කළ හැක්කේ, 1972 හා 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන්හි පැවති දෝෂවලින් පාඩම් ඉගෙන ගන්නා වූත් ජාත්‍යන්තර යහපරිචයන් උකහා ගෙන උපයෝගි කර ගන්නා වූත් ව්‍යවස්ථානුකූල භාවයේ මූලික මූලධර්මවලට ගැළපෙන්නා වූත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමෙන් පමණකි.

අපට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි?

පළමු ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දෙක පක්ෂග‍්‍රාහී විය. උත්තරීතර නො වී ය. එක සමාන මූලික දෝෂවලින් පෙළිණ –

A) ඒවා සැලසුම් කරන ලද්දේ බලයේ සිටින පක්ෂයේ දේශපාලන දැක්ම හා මතවාදය ප‍්‍රවර්ධනය කිරීමට ය,
b) ඒවා බහුතරවාදයට එරෙහිව ක‍්‍රියා කරනු වෙනුවට එය කා වැද්දී ය, සහ
C) ඒවා සැලසුම් කිරීමේ දී ප‍්‍රධාන චේතනාව හෝ තර්කනය ලෙස පැවතියේ ජනතාව බල ගැන්වීම නො ව විධායකයේ පහසුව යි.

1972 පළමු ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවල හරය අතින් ගත් කල, එක්සත් පෙරමුණු ව්‍යවස්ථාවක් විය. ආණ්ඩු සිය දේශපාලන න්‍යාය පත‍්‍ර පෙරට ගෙන යාම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ”උපකාර” කොට ගැනීම ලෙස නීලන් තිරුචෙල්වම් හඳුන්වා තිබෙන දෙය පළමු වරට දක්නට ලැබුණේ එම ව්‍යවස්ථාව තුළ ය. 1978 දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවල එහි වඩාත් ම ප‍්‍රබල විවේචකයා වූ චානක අමරතුංග විසින්, එහි ප‍්‍රධාන සැලසුම්කරුවා වූ ජේ.ආර්. ජයවර්ධනගේ ඒකාධිපතිවාදී හා ප‍්‍රායෝගික දේශපාලන දැක්ම ලෙස විස්තර කරන ලද දෙය හඳුන්වා දීමට උපකාර වූයේ ය.

මෙම ව්‍යවස්ථා දෙක ම හඳුන්වා දෙන ලද්දේ පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකේ බහුතරයක් හිමි කර ගෙන සිටි ආණ්ඩු විසින් බැවින්ල විවිධ දේශපාලනික හා ජනවාර්ගික කණ්ඩායම් අතර ඒකමතිකත්වයක් ඇති කර ගැනීම සඳහා පරිශ‍්‍රම දැරීමේ අවශ්‍යතාවක් මතු නො වී ය. එම ව්‍යවස්ථා දෙක ම තනි ආයතනයක් තුළ (1972 ව්‍යවස්ථාව යටතේ ජාතික රාජ්‍ය සභාව හෝ පාර්ලිමේන්තුව තුළ සහ 1978 ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති තනතුර තුළ) බලය ඒකරාශි කළේ ය. ව්‍යවස්ථා දෙක ම කෙටුම්පත් කොට සම්මත කරන ලද්දේ සුළු වශයෙන් අර්ථාන්විත වූ ජනතා සහභාගිත්වයක් ඇතිව ය. මූලික දෝෂ එක සමාන වුව ද, එකක දොස් ගැන වඩාත් ම විවේචනාත්මකව කතා කළාහු අනෙකෙහි ප‍්‍රධාන සැලසුම්කරුවෝ ම වූහ.

2015 දී ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණ තහවුරු කර ගැනීමත් 1982 පටන් රට තුළ අත්දැක තිබෙන ආකාරයේ ඒකාධිපතිත්වයක් යළි ඇති වීම වැළැක්වීමත් සම්බන්ධයෙන් බරෑරුම් අදහසක් පවතින්නේ නම්, ශ‍්‍රී ලංකාව බලය බෙදා හරින්නා වූත් අපේක්ෂිත පරීක්ෂා කිරීම් හා තුලනය කිරීම් ප‍්‍රවර්ධනය කරන්නා වූත් ජනතාව බල ගන්වන්නා වූත්, එහි ප‍්‍රතිඵලයක් ලෙසල ජනතාව විසින් තෝරා පත් කෙරෙන දේශපාලනඥයන් මැතිවරණ අතරතුර කාල පරිච්ඡ්දයේ දී ජනතාවට වග වන්නා වූත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතු ය. ප‍්‍රතිචාර දක්වන්නා වූත් වග වන්නා වූත් පාලනයක් ඇති කිරීමට නම්, පක්ෂග‍්‍රාහී නොවූත් ඒකමතික වූත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය වන්නේ ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇගයීම සඳහා යොදා ගත හැකි නිර්ණායක -

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව දේශපාලන බලය පාවිච්චි කරන පුද්ගලයන්ගෙන් ජනතාව ආරක්ෂා කළ යුතු අතරල පාලකයන් හමුවේ ජනතාව බල ගැන්විය යුතු ය. ෆ‍්‍රීඞ්රිච් හයික් The Constitution of Liberty (නිදහසේ ව්‍යවස්ථාව) නම් සිය බලපෑම් සහගත රචනයේ දීල මෙම මූලික අරමුණ පහත සඳහන් පරිදි ඉස්මතු කර දැක්වූයේ ය -
නියෝජනාත්මක ව්‍යවස්ථාදායකයේ බලතල තීරණය කිරීමේ තනි අයිතිය –

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස සංවිධානය වී සිටින – ජනතාව සතු ය යන කරුණ නිසාල නැවත නැවතත් සිදු වන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් ගත් කලල සියලූ බලය උපත ලබන්නේ ජනතාවගෙන් ය යන සූත‍්‍රය එතරම් ම අදාළ නො වේග එම නිසාල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බිහි වූයේල ව්‍යවස්ථාදායකය විසින් මෙන් ම ආණ්ඩුවේ අනෙක් ශාඛා විසින් ද කෙරෙන සියලූ අත්තනෝමතික ක‍්‍රියාවලට එරෙහිව ජනතාව ආරක්ෂා කිරීමක් ලෙස ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් එවැනි අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට නම් ජනතාවට ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය තුළ සක‍්‍රියව සම්බන්ධ වීමටත් ඒ තුළ සක‍්‍රියව නියැලී ගැනීමටත් සිදු වේ. 1972 හා 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුළ, ඒවායේ අන්තර්ගත වන ජනතාව බල ගන්වන අංගවලට හානි කරන්නා වූ ද පාලකයාට හා විධායකයට අනුග‍්‍රාහකාත්මක වූ හා පහසුව සලසන්නා වූ ද අගතිගාමී අදහස් දක්නට ලැබෙන්නේ. එම ව්‍යවස්ථා ආණ්ඩුව විසින්, ආණ්ඩුව උදෙසා, ආණ්ඩුව පිළිබඳව සැලසුම් කරන ලද හෙයිනි. 2016 දී එම වරද නැවත නොකිරීම ඉතා වැදගත් වේ.

ව්‍යවස්ථානුකූල ආණ්ඩුව පිළිබඳ න්‍යාය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අරමුණු විය යුත්තේ මොනවා දැයි ඉස්මතු කර දක්වයි.

1. එය සමාජය උදෙසා දේශපාලන රාමුවක් හෝ රටේ පාලනය උදෙසා ආයතනික ව්‍යූහයක් සම්පාදනය කළ යුතු ය.
2. එය පුද්ගලයාගේ නිදහස හා ස්වාධීනත්වය සහ සුළුතරයන්ගේ – හුදෙක් ජනවාර්ගික හා ආගමික සුළුතරයන්ගේ පමණක් නො ව සියලූ
සුළුතරයන්ගේ – අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු ය.
3. එය සමාජය පාලනය විය යුතු සාරධර්ම හා මූලධර්ම ගැබ් කර ගත යුතු ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තක්සේරු කෙරෙන්නේ එය මෙම අරමුණු 3 මුදුන් පමුණුවා ගන්නා ආකාරය පදනම් කර ගෙන ය. ශ‍්‍රී ලංකාවේ දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ විවාදය මුළුමනින් ම පාහේ අවධානය යොමු කරන්නේ පළමු අරමුණ කෙරෙහි යත විවාදය සිදු වන්නේල විධායකය විය යුත්තේ ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුව දල ව්‍යවස්ථාදායකයට සාමාජිකයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණ ක‍්‍රමය විය යුත්තේ ”පළවෙනියා වීම” ද එසේ නැත් නම් එය සමානුපාතික නියෝජනය මත පදනම් විය යුතු ද යනාදිය පිළිබඳව ය. මේවා වැදගත් ගැටලූ වුවත්, අනෙක් අරමුණු දෙකේ අර්ථාන්විත භාවය වටහා ගැනීම වැදගත් වේ.

අපට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ඉතිහාසය විමසා බලන කෙනෙකුට පෙනී යන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පැවතී ඇත්තේ බහුතර භාවය පරීක්ෂා කිරීම සඳහා ක‍්‍රියා කිරීමට බව යි. බහුතරය අපේක්ෂා කරන දෙය නිශ්චය කර ගැනීම මගින් තීරණ ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක වැදගත් කාරක මූලධර්මයක් ලෙස පිළිගන්නා ලදි. එහෙත්, සමහර කාරණාවල දී, විශේෂයෙන් ම මානව හිමිකම් ආශ‍්‍රිත කාරණාවල දී, එසේ තීරණ ගැනීම නුසුදුසු බව ද පිළිගන්නා ලදි. මක් නිසා ද යත්, බහුතරයේ අපේක්ෂාවන් සැලකිල්ලට ගෙන තීරණ ගැනීම ”බහුතරය විසින් පවත්වා ගෙන යන ප‍්‍රජා පීඩක පාලනයකට” තුඩු දිය හැකි බැවිනි. එම නිසා, එවැනි කාරණාවන්, ව්‍යවස්ථාදායකය සතු බහුතරවාදීව තීරණ ගැනීමේ බලයේ විෂය පථයෙන් පිටතට ගත යුතු බව ද, තෝරා පත් කරන ලද පාර්ලිමේන්තුවේ විෂය ක්ෂේත‍්‍රයෙන් ඉවත් කොට උත්තරීතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක විෂය පථය තුළ තැබිය යුතු බව ද තීරණය කරන ලදි. උදාහරණයක් ලෙසල තෝරා පත් කරන ලද මහජන නියෝජිතයන්ට වුව ද අතිමූලික අයිතිවාසිකම්වලට බලපෑමක් කළ නොහැකි වන පරිදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අයිතිවාසිකම් පණතක් ඇතුළත් කිරීම දැක්විය හැකි ය. එම නිසා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බිහි වූයේ, ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක හා විධායක අංශ සමහර වැදගත් කාරණාවල දී බලපෑම් කිරීම වැළැක්වීමට බව පිළිගන්නා ලදි. හාවඞ් නීති විද්‍යාලයේ හිටපු පීඨාධිපති ඉයුජින් රොස්ටොව් එය දැක ගත්තේ ”බහුතරවාදයට විරුද්ධ ලේඛනයක්” ලෙස ය.

මෑත වසරවල දීල මිනුම් දඬු නියම කිරීම සහ සාරධර්ම හා මූලධර්ම ගැබ් කර ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක පැතිකඩවල් ලෙස ඉස්මතු කර දක්වා ඇත. 1996 දී සම්මත කර ගන්නා ලදල තව මත් ලෝකය තුළ පවතින වඩාත් ම ප‍්‍රගතිශීලී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන්ගෙන් එකක් ලෙස සැලකෙන දකුණු අප‍්‍රිකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ පිළිබඳ විශිෂ්ට උදාහරණයක් වේ. එම ව්‍යවස්ථාවේ 1 වගන්තිය, ”දකුණු අප‍්‍රිකාව පහත සඳහන් සාරධර්ම මත පිහිටුවන ලද ජනරජයක්” බව ප‍්‍රකාශ කොට එකී සාරධර්ම මාලාවක් ලැයිස්තුගත කරයි. මානව අභිමානය, වර්ගවාදී නොවීම, ලිංගිකවාදී නොවීම, නීතියේ පාලනයල බහුපක්ෂ ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදය, වග වීම, විවෘත භාවය සහ ප‍්‍රතිචාරාත්මක බව ද ඒවා අතරට ඇතුළත් ය.

2 වගන්තිය මෙසේ ප‍්‍රකාශ කර සිටී-

”ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වේග ඊට පටහැණි සියලූ නීති ශූන්‍ය කරනු ලැබේ.”

දකුණු අප‍්‍රිකානු ව්‍යවස්ථාවේ සහ ශ‍්‍රී ලාංකික ව්‍යවස්ථාවේ පළමු වගන්ති දෙක අතර පවතින වෙනස අතිශයින් ම පැහැදිලි ය. පළමු වැන්න සාරධර්ම හා මූලධර්ම සහ ඒවායේ උත්තරීතර භාවය ඉස්මතු කර දක්වයි. දෙවැන්න තුළ ආධිපත්‍යය දරන්නේ බලය සහ බලය පාවිච්චි කරන්නන් ය.



රොහාන් එදිරිසිංහ
මෙහි ඉතිරි කොටස ඉදිරියේදී පළකරමු.
උපුටා ගැනීම -   විකල්ප
- මෙලනි




2016-02-01
Advertisement

Find us on Facebook