English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඔහු ද වැරදි කළ සාමන්‍ය පුරවැසියෙකි - නීතිය ඔහුට ද සමාන විය යුතුය !

හිටපු ජනාධිපතිගේ පුත් යෝෂීත රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමක් ඊයේ (30) නීතිය ඉදිරියේ යටත් වන්නට සිදුවී, පස්වරුව වන විටදී, දින 14කට රක්‍ෂිත බන්ධනාගාරයට කොටු වුහ. එහෙත් ඒ ග‍්‍රහ චාරය කිසිසේත් පිළිගන්නට බැරිවා සේ ඒ කි‍්‍රයාව මහා නීච ක‍්‍රියාවක් සේ , මහ පොළව නුහූලන ක‍්‍රියාවක් සේ යෝෂිතගේ  පියා ද යෝෂිතගේ අය්යා නාමල් ද එතරම් ප‍්‍රසන්න නැති අදහස් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කරති. එහෙත් සැබෑව නම්, යෝෂීත රාජපක්‍ෂ ද යනු මේ ලංකාවේ ජීවත්වන සාමාන්‍ය කොල්ලන් මෙන් හැගීම් දැනීම් ඇති, විලාසිතාකාර කොල්ලෙකි. එහෙත් කරුමයකට මෙන්, ඔහුගේ අධි භාවිතාව සහ අධි මානෂිකත්වය විසින් ඔහු කරුම කෙරුමෙකු බවට ඔසවා ඒ කෙරුම් වැඩ නිසාම මේ මොහොත වන විට හිරකාරයෙක් බවට පත්කර තිබීමයි. යුක්ති සාධාරණය ඉටුකර ගැනීමට ගොස් හෝ රටේ පීඩා විඳින ජනතාවගේ අයිතීන් දිනා දීමක් වෙනුවෙන් මුහුණ දී හෝ විප්ලවකරුවෙක් වී හෝ මෙසේ හිරකාරයෙකු බවට පත්වුයේ නම් යෝෂීත අද නියම කොල්ලෙකි. එහෙත්, අද ඔහු, ඔවුන් අතීතයේ දී දැන දැන ම සිදුකළ බරපතල වැරදි නිසා ඊට හිමිවිය යුතු සාධාරණ තක්සේරුවට ලක්වී ඇත.

රාජ්‍යයක දේපළ අනිසි ලෙස භාවිතයේ යොදමින් තමන්ගේ පෞද්ගලීක මනෝ මන්දීරයන් සංතෘප්ත කරගැනීමෙහිලා මුලුමනින් ම පෞද්ගලීක ව්‍යාපාරයක් වු සී. එස්. එන්. රූපවාහිනි නාලිකාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙසේ වරද කරුවීමට සිදුවී ඇතැයි යන්න අහම්බයක් හෝ වැරදීමක් හෝ පළිගැනීමක් යැයි කෙනෙකුට කියන්නට නොහැක. මන්ද, යෝෂිත ශී‍්‍ර ලංකා නාවික හමුදා සොල්දාදුවකු වු අතර සී. එස්. එන්. වැනි අති දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භකරන්නට ඒ සා මහත් මූල්‍ය ශක්තියක් ඔහුට කොහෙන් ද යන ප‍්‍රාතමීක ප‍්‍රශ්නය තුළම තවත් ප‍්‍රශ්න කිහිපයක් ද ගැටගැසී ඇති නිසාය.

ඔවුන් මෙරට ඉතා හොඳ බෞද්ධ පුතුණුවන් නිසා ඔවුන් එදා කළ කී වැරදි වැඩවල ප‍්‍රමාණයට, දඟ වැඩවල ප‍්‍රමාණයට ඊට හිමිවිය යුතු සාධාරණය ද හිමිවන බව නම් නොදැන සිිටින්නේ නැත. ඔවුන්ගේ බැංකු ගිණුම්වල බර ප‍්‍රමාණය , ඒ බැංකුවල ආරක්‍ෂාවට තබා ඇත්තේ මුදල් සමගින් රන් ද රිදී ද මුතු ද මැණික් ද ඒවා සිය මා පිය උරුමයන් ද නැතහොත් හිතුවේවත් නැති කුටුම්භයකට අයිතිව තිබු එහෙත් බලයේ රස්නය නිසා තමන්ගේ පවුලට දායාදකර ගත් ඒවා ද යන්න දන්නේ යෝෂිතගේ ම පියාත් මවත් ඔවුනුත් පමණි. ඒවා භාවිතයේදි ඒවාට සරිළන ප‍්‍රතිඵල වලට ද මුහුණ දීමට කුමන ආකාරයකි්න් හෝ කවරදාක හෝ සිදුවෙතැයි යන්න පිළිබඳවද ඉතා හොඳ අවබෝධයක් තිබු නිසා ම ”ඔයාවත් අත්අඩංගුවට ගන්නවා කියනවා නේද කියා” තම පියා යෝෂිතගෙන් දුරකථනයෙන් විමසු විට ”ඔව් මම දන්නවා. තාත්තා තාත්තාගේ වැඩක් බලාගන්න” කියා කියන්න තරමට ම යෝෂීත රාජපක්‍ෂ තමන් විසින් සිදුකර ඇත්තේ කෙබඳු ආකාරයක මුදල් වංචාවක් ද යන්න දැන සිට ඇත. ඔහුව අත්අඩංගුවට ගන්නට සුදුසු බව ඔහු විසින් ම නිශ්චයකර තිබුණා වැනිය.
 

එහෙත් මහින්ද රාජපක්‍ෂ සහ නාමල් රාජපක්‍ෂ සිය අන්ධ භාවය සහ හෘදසාක්‍ෂියක් නොමැති බව ප‍්‍රදර්ශනය කරමින් මාධ්‍යට අදහස් දක්වන්නේ යෝෂීත ඇතුලූ පිරිස අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් බවයි. යෝෂිත වෙනුවට තමන්ව අත්අඩංගුවට ගන්නට තිබුණා යැයි මහින්ද රාජපක්‍ෂ කියයි. පවුල් පිටින් අත්අඩංගුවට ගත්තත් වසර 36ක දේශපාලන පන්නරය කිසිකෙනෙකුට විනාශ කරන්න බැරිබවත් බල්ලෝ බිරුවට කඳුකඩා වැටෙන්නෙ නැති බවත්  තමන්ගේ ගමන නවත්වන්නට බැරිබවත් මහින්ද රාජපක්‍ෂ ප‍්‍රකාශ කරන්නේ බලයේ සිටියදි එදා කළ කී දෑ ඒ සියල්ලම යලි යලිත් කරන්නට අවශ්‍යයැයි යන මසුරු චේතනාව තුළ කාලකණ්නි සතුටක් ලබමිනි. ඒ සිහිනය තුළ අපූරු වින්දනයක් ලබමිනි.

ඒ මසුරු අදුරු පවිටු චේතනා වලට ආවඩන උන් නොව එවන් චේතනා බිහි වෙන තැන්හිදිම ඒ වා විනාශකර දමන්නට හැකියාව බුද්ධිය ඇති මිනිසුන් ප‍්‍රමාණය ලංකාව තුළ සීග‍්‍රයෙන් වර්ධනය විය යුතුය.

වැරදි කරපු ලොකු ලොකු මිනිසුන් සිරගතවු වහාම සිදුවන සම්ප‍්‍රදායට අනුව යෝෂිත ද නොබෝ දිනකින් බන්ධනාගාර රෝහල වෙත යෑමට නියමිතය. මන්ද එය වැරදි කරපු සුපිරි පන්නයේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකි. සම්මත පුරුද්දකි. මෙම සම්මතයෙන් බැහැර වන්නට ඔවුනට නොහැක. ඔවුනට දුක උහුලා පුරුද්දක් නැත. කට්ට කාලා පුරුද්දක් නැත. රළු අත්දැකිම් විඳ පුරුද්දක් නැත. ඒ නිසා ඔවුන්ගේ වැරැද්දේ බරපතල කමට සරිලන්නට ඔවුන්ගේ ශරීරයන් ද ඔවුන්ට විපාක දෙන්නට පෙළඹෙන නිසාය.


කෙසේවෙතත් මෙකී රාජපක්‍ෂවරුන් යනු බලය තිබිය දී මෙරට ජනතාවගේ හදවත්වලට දුක පීඩාව ත‍්‍රාසය මැර බිය ලබා දුන්නාවු පිරසකි. එවකට ඔවුන් කෙසේ් සිය බලය පාවිච්චි කළේද යන්නෙහි ඡයාවන් තවමත් සමාජය තුළ සජීවිව පවතියි. ඒහෙයින් මෙවර ඔවුන් ද සිය වැරදි වලට විපාක ගෙවිය යුත්තාහ.

-    මෙලනි




2016-01-31
Advertisement

Find us on Facebook