English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රාජ්‍යක් අනාගමීක වීම හා උතුම් ආගම් ඇති රටක හමුදාවන්ගේ අනවශ්‍ය බව - මීගමු කතිකාව

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වීදියේ විරෝධය සහ නිදහසේ වේදිකාව විසින් සිදුකරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ, මීගමුව කාදිනල් කුරේ ශ‍්‍රවණාගාරයේදි ඊයේ (28) පැවති දැනුවත් කිරීමේදි රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක ලේකම් පිලිප් දිසානායක සභාව අමතමින් මෙසේ අදහස් දැක්වීය.

"පසුගිය ජනාධිපතිවරණය කාලසීමාව තුළදී සමස්ත සිවිල් සංවිධානවල බරපතල ප‍්‍රධාන ම ඉල්ලීමක් වුයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන්න කියන එකයි. ඒ සඳහා සිවිල් සංවිධාන 48ක් එකතු වෙලා අවබෝධතා ගිවිසුමකුත් අත්සන් කරලා භාරදුන්නා මහින්ද රාජපක්‍ෂ රෙජීමය අතුගා දැමිමට සහ පොදු අපේක්‍ෂයෙකුට සහය පළකරමින්. එහිදි ඒ පොදු අපේක්‍ෂකයෙකු පත්කර ගැනීම තුළ අපේ අපේක්‍ෂාව වුණේ පවතින ආණ්ඩුක‍්‍රමය, රටේ පවතින ආර්ථීකයේ දේශපාලනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යානාදි සියලූම ක්‍ෂේත‍්‍රයක  ප‍්‍රතිසංස්කරණ වෙනසක් ඇතිකර ගැනීමයි. අලූත් ආණ්ඩුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට පියවර ගත්තේ නැහැ, නමුත් 19 වෙනි සංශෝධනය හරහා පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් ඇතිකිරිමට පියවර ගත්තා. ඉන්පසුව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ අවමංගල උත්සවය අවස්ථාවේදි ජනාධිපති මෛත‍්‍රීපාල විසින් ප‍්‍රකාශකරන්නට වුණා ඔහු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරලා නව ව්‍යවස්ථාවක් අලූතින් නිර්මාණය කරන්න පියවර ගන්නවා කියා.  දැන් ඒ අවස්ථාවට මුලූ රටම ක‍්‍රියාත්මක වෙමින් සිටින කාලයක් මේ. සමස්ත පාර්ලිමේන්තුවම ඒ වෙනුවෙන් කටයුතු කරන අවස්ථාවෙදි ඒ සකස්කරන්නට යන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට රටේ පුරවැසියන්ගෙනුත් අදහස් යෝජනා විමසන්නට කමිටුවක් පත්කරලා තිබෙනවා. සිවිල් සංවිධාන වශයෙනුත් රටේ පුරවැසියන් වශයෙනුත් අප හැමදෙනාගෙම වගකීම වන්නෙ එම අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන මේ රටේ ජනතාවට සුදුසුවන ආකාරයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදාගැනීමට අපේ දායකත්වය ලබාදීමයි."


"ඒ සඳහා අපි නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය වගේම සිවිල් සංවිධාන එකතුව විධියට ඒ අත්‍යවශ්‍ය කාර්තව්‍ය වෙනුවෙන් රට පුරා මහජනතාව දැනුවත්කරමින් ,උනන්දු කරවමින් වඩාත් හොඳ ව්‍යවස්ථාවක් සාදාගැනීම සඳහා අපේ සහභාගීත්වය දායකත්වය ලබාදෙනවා."

මෙම අවස්ථාවට සහභාගි වු සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම සහභාගීවු බොහෝ දෙනෙකු ඔවුන්ගේ අදහස් දැක්වු අතර මෙවන් දැනුවත් කිරීමක් සිදුකිරීම පිළිබඳවද කෘතඥතාව පළකර සිටිහ.


ඔවුන් ඉදිරිපත්කළ යෝජනා අතරඃ
ඉඩමක හා නිවසක අයිතිය මුලික අවශ්‍යතාවයක් විය යුතු බව,   ආගම්වල පවතින ශබ්දඝෝෂා අනවශ්‍ය බව, නිසි කම්කරු ප‍්‍රඥ්ප්තියක අවශ්‍යතාවය, ධීවරයා ආරක්‍ෂාවන තිරසාර ධීවර ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය, නිදහස් සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය, සුවදායි පරිසරයක අයිතිය, මෙන්ම අවිහිංසාව පෙරදැරිකර ගත් ආගම් ඇති රටක තවතදුරටත් රාජ්‍ය හමුදාවක අනවශ්‍යතාවය , රාජ්‍ය පරිපාලනය පිළිබඳව පුහුනු මධ්‍යස්ථානයක් හෝ පාසැලක් ඇතිකිරීම, රාජ්‍ය අනාගමීක විම, ගොවි ධීවර කම්කරු යන සියලූම ශ‍්‍රමිකයින් අභිමානයක් ඇතිව ජීවත්වීමේ අයිතිය  යනාදි යෝජනා මෙහිදි ඉදිරිපත් කෙරිණි.

සටහන සහ ඡයාරූප මෙලනි



2016-01-29
Advertisement

Find us on Facebook