English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෑත දී සිදු කරන ලද ප්‍රකාශ හෙළා දකිමු.

පහතින් අත්සන් කරන සමාජ ක්රියාකාරීහු සහ සංවිධාන වන අපි ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් මෑත දී සිදු කරන ලද ප්රකාශ හෙළා දකිමු.

(බීබීසි සිංහල සේවය, 2016 ජනවාරි 21 වන දින - ෆ්න්ට්ලයින් -2016 ජනවාරි 14 වන දින14)  එහි දී ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 30 වැනි සැසි වාරයේ දී සම්මත කර ගත් එකඟතා ප්‍‍ඥප්තියෙන් රජය පොරොන්දු වූ පොරොන්දුවලින් ඉවත් වන බවට හඟවන ලදී. ශ්රී ලංකා රජය මෙම ප්රඥප්තියේ සම-අනුග්රාහයකයකු බවට මතක් කිරීම මෙහිදී වටිනා අතර, ප්රඥප්තියේ අඩංගු නිශ්චිත කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමේ හැකියාවක් සහිත තත්වයක ශ්රී ලංකාව සිටියේය. මේ සාකච්ඡාවල දී රජය ගත් ස්ථාවරවලට අනුකූලව විවිධ වෙනස් කිරීම්වලට ලක් කළ මෙම ප්රඥප්තිය එම නිසා බොහෝ වින්දිතයන් හා ක්රියාකාරීන් අතර කලකිරීමක් ඇති කළ එකක් විය. දැන් පෙනෙන්නේ රජය මේ පොරොන්දු වූ කාරණා සම්බන්ධයෙන් පසුබට වීමට උත්සාහ කරන බවයි. ජනාධිපති මේ සම්මුඛ සාකච්ඡාවලදී ප්කාශ කළේ ඒකාන්තයෙන්ම විදේශ විනිසුරුවරුන් සහ විශේෂඥයන් මෙම ක්රියාදාමයේ කොටසක් නොවන බවයිග ඔහු බීබීසී සිංහල සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී ලංකාවේ දැනට පවතින අධිකරණ ක්රියාදාමය සහ අපරාධ පරීක්ෂණ ආයතන සම්බන්ධයෙන් සිය සම්පූර්ණ විශ්වාසය ප්රකාශයට පත් කළේය. එම සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු තවදුරටත් එකතු කළේ ලංකාවට කිසියම් අන්තර්ජාතික උපකාරයක් අවැසි නම් ආර්ථික සංවර්ධනය සඳහා පමණක් බවයි. 2016 ජනවාරි 26 වන දින, ජනපතිගේ බීබීසී සම්මුඛ සාකච්ඡාවෙන් දින කිහිපයකට පසුල අග්රාමාත් රනිල් වික්රමසිංහ චැනල් 4 වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී රජය ජිනීවාහිදී ලබා දෙන ලද පොරොන්දුවලට බැඳී සිටින බව ප්රකාශ කළේ සිදු වූ හානිය අවම කිරීමට මෙනි. ජනපති සහ අගමැති අතර ඇති මෙම පරස්පරතා අලුත් දෙයක් නොවන අතර, මෙය ප්රඥප්තිය සම්මත වූ දා සිටම, ප්රඥප්තිය යටතේ ඇති පොරොන්දු සම්බන්ධයෙන් රජයේ මහජන සන්නිවේදනයන්හි අඛණ්ඩ කොටසක්ව පවතී.
 
ශ්රී ලංකාවේ වින්දිත පවුල් විසින් සම්පූර්ණ දේශීය යාන්ත්ණයක් අවිශ්වාස සහගත බවට සලකන්නේය යන්න පුළුල්ව පිළි ගන්නා ලදී. සිදු කරන ලද අපරාධ සහ සිදු වෙමින් පවතින අපරාධ සූක්ෂම ආකාරයකට සිදුව ඇති අතර, මේ අපරාධ බොහොමයකට වගකිව යුතු ආරක්ෂක අංශ , අධිකරණ, නෛතික යටිතල පහසුකම් එක ලෙසම පවතීවද දීම්, අත්තනෝමතික රඳවා ගැනීම, නීත්යනුකූල නොවන අත්අඩංගුවට ගැනීම සහ ලිංගික හිංසනය ආදී අඛණ්ඩ උල්ලංඝණය කිරීම් හමුවේ අඩු නීතිමය සහ අධිකරණමය ප්තිචාරය නිසා දේශීය අධිකරණය කෙරේ විශ්වාසයක් ඇති නොකරයි. තවදුරටත්ල දහස් ගණනක් සිදුවීම් කිසිවක් නොකර පසෙකට ලා ඇති අතර, ප්තිචාරයක් වශයෙන් සිදුව ඇත්තේ අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සහ වරදකරු කිරීම් කිහිපයක් පමණි. එබැවින් අපරාධ නඩු පැවරීම ඇතුළු සංක්රාන්තික යුක්ති ක්රියාදාමයන් තුළ අන්තර්ජාතික සහභාගීත්වය වින්දිත ප්ජාවන්හි විශ්වාසය දිනා ගැනීම සඳහා ඉතා වැදගත් අංගයක් වේ අන්තර්ජාතික සහභාගිත්වය යන්න වුවමනාව සම්බන්ධ ගැටළුවක් බවත්තමන්ගේ ධාරිතාව සම්බන්ධ ගැටළුවක් පමණක් නොවන බවත් තේරුම් ගැනීම වැදගත්ය. විදේශ විනිසුරුවරුන්, සහ නඩු පවරන්නන් අඩංගු කිරීමට 2015 ඔක්තෝම්බර් මාසයේ ගත් එකඟතාවය වගවීම සම්බන්ධ කාරණාවලදී කටයුතු කිරීමට නව රජයේ ඇති වුවමනාවෙහි සලකුණු පෙන්වීය. එවැනි වගකීම්වලින් අද නිදහස් වීම් මේ සම්බන්ධයෙන් රජයට ඇති වුවමනාවේ බරපතලකම ප්ශ්න කිරීමට යොමු කරවයි.


තවද ජනාධිපති විසින් ඉදිරිපත් කළ මේ අදහස් පැමිණෙන්නේ රජය විසින් එක්සත් ජාතීන්ගේ සහයෝගය සහිතව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ UNHRC දී ඇති කර ගත් ප්ඥප්තියේ සඳහන් සංක්රාන්ති යුක්ති ක්රියාදාමයන් සැකසීමට උපදෙස් ලබා ගැනීමේ ක්රියාවලියක නිරතව සිටියදී . මෙම අදහස් විසින් එම ක්රියාදාමය තදබල ලෙස වෙනස් කරන අතර, එම සම්පූර්ණ ක්රියාදාමයේම අරමුණු සැකයකට බඳුන් කරයි. රජය විසින් දැනටම මෙම යාන්ත් ක්රියාවේ යෙදවීමට සුදුසු නීති රාමු කෙටුම්පත් කරමින් සිටින බවට වාර්තා ඇති අතර එම උපදෙස් ගැනීම් නාමික ඒවා පමණක් දැයි යන ගැටළුව නැගේ.
 
ජනාධිපති සිරිසේන බීබීසී සිංහල සේවයට කළ ප්කාශයේ දී ඔහු 2015 ජනවාරි මාසයේ ජනාධිපති ධූරය භාර ගැනීමෙන් පසුව තවදුරටත් අඛණ්ඩව උල්ලංඝණය කිරීම් සිදුවන බවට වූ වාර්තා ප්තික්ෂේප කිරීම අපේ සැලකිල්ලට යොමුව ඇත. මෙහිදී විශේෂයෙන් සැලකිය යුත්තේ ඔහුට පෙර සිටි පාලකයාට යම් දුරකට සමානව ඔහු දල එවැනි කාරණා සම්බන්ධයෙන් චෝදනා නගන්නන් එල්ටීටීඊය සමග සම්බන්ධතා පවත්වන අය බවට චෝදනා කිරීමයි.


2016 ජනවාරි 15 වැනි දින යාපනයේ දීිජාතික පොංගල් දිනයසමරමින් කළ කතාවේ දී අගමැති රනිල් වික්මසිංහ මහතා අතුරුදන් වුවන්ගෙන් බොහෝ දෙනෙකු දැන් මියගොස් ඇති බව ප්කාශ කළ බව අපි මතක් කරනු කැමැත්තෙමු. අගමැතිවරයාගේ මේ නිර්දය ප්කාශය විසින් බොහෝ වින්දිත පවුල් තුළ කෝපයක් ජනිත කර ඇති අතරල බලෙන් අතරුදන් කරවීම් සම්බන්ධයෙන් රජයේ ඇති නොසැලකිලිමත් ආකල්පය එයින් පිළිබිඹු කරයි. තවදුරටත් අගමැතිතුමා මේ කාරණය චැනල් 4 සම්මුඛ සාකච්ඡාවේ දී අවධාරණය කරන ලදී. අගමැතිවරයා සතුව අතුරුදන්වූවන් සම්බන්ධයෙන් එවැනි තොරතුරු ඇත්නම් ඔහු අදාළ ආයතන හරහා ඒවා එළිදරව් කර නොමැත්තේ ඇයිද යන ප්ශ්න පැන නගී. දෝෂ දර්ශනයට ලක් වූ පරණගම කොමිසම සමග තවදුරටත් කටයුතු කිරීමට රජය තෝරා ගෙන ඇති අතර, මේ ආයතනය එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් විසින් ඉවත් කරන ලෙස උපදෙස් දුන් එකකි. මේ හරහා හෙළි වන්නේ අවංකභාවයකින් යුතු අතුරුදන් වීමේ ගැටළුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජයට ඇති අඩු වුවමනාවයි.

මීට සමානව 2016 ජනවාරි 21 වැනි දින අගමැතිවරයා ලෝක ආර්ථික සමුළුවේ කතාවක් කරමින් කියා සිටියේ තමන්ගේ රජයට අනුව ලංකාවේ දේශපාලන සිරකරුවන් නොමැති බවයි. මේ ප්කාශය තුළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් රජය විසින් ලබා දුන් පොරොන්දු සහ කාල සටහන්  රැකීමට රජය අසමත්වීම ගැබ්ව පවතී.


සුගිය 2015 ඔක්තෝම්බර් මස, ශ්රී ලංකාව සම-අනුග්රාහකත්වය දැරූ UNHRC ප්ඥප්තිය යනු ඉහත කරුණු සියල්ල අනුව අන්තර්ජාතික ප්තිරූපය සහ පිළිගැනීම වර්ධනය කර ගැනීම වෙනුවෙන් කරන ලද හුදු ක්රියාමාර්ගයක් පමණක් යන වග සම්බන්ධයෙන් අපි බිය වන්නෙමු. එබැවින් අපි රජයෙන් බලකර ඉල්ලා සිටින්නේ UNHRC ප්රඥප්තිය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය, විශේෂයෙන්ම දෙමුහුන් යාන්ත්රණයක් ඇති කිරීමට වූ පොරොන්දුව සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ප්රතිපත්ති ප්රකාශනයක් නිකුත් කරන ලෙසයි. අපිට දැනෙන්නේ දේශීය සහ විදේශීය සහ අන්තර්ජාතික ප්ජාවේ සිටින සියලුම කොටස්කරුවන් විසින් රජය ජිනීවා පොරොන්දුවලට වගවන ආකාරය තහවුරු කළ යුතු බවයි.

අත්සන්-
සිංහල ,දමිළ සමාජකරියාකාරීන් 144 සහ මහජන සංවිධාන 22 ක් අත්සන් තබා ඇත.

මෙලනි

 




2016-01-29
Advertisement

Find us on Facebook