English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


”මගේ ඔලූවට පිස්තෝලයක් තැබුවත් දුන් තීන්දුවක් වෙනස් කරන්නේ නැහැ” හෝමාගම මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා
”මගේ ඔලූවට පිස්තෝලයක් තැබුවත් දුන් තීන්දුවක් වෙනස් කරන්නේ නැහැ”
හෝමාගම මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා


අධිකරණයට අපහාස කළේ යැයි රිමාන්ඞ් බණ්ධනාගාර ගත කර සිටින ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ඇප ලබාගැනීම ඉල්ලා ගොනු කළ මෝසමක් හෝමාගම අධිකරණයේදී ජනවාරි 28 වෙනි දින සලකා බැලූ අවස්ථාවේදී මහේස්ත‍්‍රාත්කුමා මේ බව පවසා සිටියේය. තවදුරටත් ඔහු පවසා සිටියේ කාගෙවත් බලපෑම්වලට උද්ඝෝෂණවලට බයේ මා තීන්දු ගන්නේ නැහැ. අපි ඉන්නේ ජනතා පරමාධිත්‍යය රැුකීමටයි. අධිකරණ තුළදීම අධිකරණයට අපහාස කළ අයෙකුට ඇප ලබා දීම ජනතා පරමාධිපත්‍යය හෑල්ලූ කිරීමක් බව ද ඔහු පවසා සිටියේය.
සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවා දායක හිමි නම කලේ වරදක් බව පිළිගන්නා බවත්, ඒ බව ඔහුට තේරුම් කර දී ඇති බවත්, තම සේවාදායකයා වෙනුවෙන් තමන් අධිකරණයෙන් සමාව අයැද සිටින බවත් ය. තම සේවාදායකයා මෙම වරද කලේ හිතා මතා නොවන බවත්, රටත්, ජාතියත්,ආගමත්, වෙනුවෙන් තමන් යමක් කළ යුතු යන හැගීම නිසා ආවේගශීලීව හැසිරීමෙන් මෙම වරද සිදුවී ඇති බවද, තරුණකමත්, නොදැනුවත්කමත් නිසා මෙවැනි අවස්ථාවකදී වැරදි සිදුවන බවද නීතිඥවරු ප‍්‍රකාශ කළහ.අවශ්‍ය නම් මහේස්ත‍්‍රාත්වරයා දන්වන කාලයක් මේ ප‍්‍රදේශයෙන් බැහැරව තැබීමට හැකියැයි ද පැවසීය.
මහේස්ත‍්‍රාත්වරයා ඊට එකගතාවය නොදැක්වීය.
මෝසමට විරුද්ධව කරුණු දැක්වූ හෝමාගම නීතිඥ සංගමයේ නීතිඥ සුදත් වික‍්‍රමරත්න මහතා පසුගිය 25 වෙනි දින සැකකරු පරසුද්දගේ නීතිය, කළු සුද්දගේ නීතිය, අපි පිළිගන්නේ නැහැ, නපුංසක රාජ්‍ය නිලධාරීන් මත තීන්දු ගන්න එපා යැයි  පවසමින් අධිකරණයේ තීන්දුවලට අභියෝග කළ බවත්, එසේම තමන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විසි නමත් අත්අඩංගුවට ගන්න සූදානමින් පැමිණ සිටින බවත්, පැවසූ අතර, එයින් ඔහු හිතා මතාම අධිකරණයට අපහාස කිරීමට සැලසුම් කර පැමිණ ඇති බවත් පෙනී යන බව පැවසුවේය. ඒ නිසා මෙය නීතිය නොදැන කළ දෙයක් වශයෙන් සැලකිය නොහැකි යයිද, සැකකාර හිමිනම වෙනත් අධිකරණ දෙකකින්  සිවිල් නීති කැඞීම නිසා ඇප මත සිටින අයෙකු බවද, සැකකරු බේරුවල නගරයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිංහල ජනතාව ප‍්‍රකෝප කරමින් විශාල හානියක් සිදුකළ හිමිනමක් බවත්, ඒ නිසා ඔහුට ඇප ලබාදුන් විට නැවත වරදක් නොකර සිටිවී යැයි කිසිසේත්ම පිළිගත නොහැකි බවත් නීතිඥ සුදත් වික‍්‍රමරත්න පවසා සිටියේය.
පසුව මහේස්ත‍්‍රාත් තුමා ඇප අයදුම් පත ප‍්‍රතික්ෂේප කළේය. 



2016-01-29
Advertisement

Find us on Facebook