English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජෙරාඞ් මර්වින්ට වධහිංසා කිරීමේ නඩු විභාගය අවසන්, තීන්දුවට දින දෙයි


වත්තල, මාකේවිට පදිංචිව සිටි ජෙරාඞ් මර්වින් පෙරේරා කෲර ලෙස වධහිංසා කිරීමට එරෙහිව 1994 අංක 22 දරණ වධහිංසා වැලැක්වීමේ පනත යටතේ මීගමුව මහාධිකරණයේ පනවා තිබූ නඩුවේ දීර්ඝ නඩු විභාගය අවසන් කර තීන්දුව ලබා දීමට මහාධිකරණ විනිසුරුවරිය වූ චම්පා ජානකී රාජරත්න මහත්මිය අද දින නියම කරන ලදී.

මීගමුව මහාධිකරණ විනිසුරුවරිය නඩු විභාගය අවසන් කරමින් ප‍්‍රකාශ කර සිටියේ මෙම නඩුවේ තීන්දුව ලබා දීම හිටපු මහාධිකරණ විනිසුරු ලෙස කි‍්‍රයා කල එන්.ටී කරුණාතිලක මහතා  විසින් සිදු කළ යුතු බැවින්, ඒ ස`දහා අගවිනිසුරුගේ උපදෙස් ලබා ගැනීම ස`දහා යොමු කරන බවත්, මාර්තු 29 ඒ සම්බන්ධව තීන්දුව ප‍්‍රකාශ කරන බවතත් ය.

2003 වසරේ දී පැනවූ මෙම නඩුව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ අතර, 2008 වසෙර් දී මීගමුව මහාධිකරණයේ එවකට සිටි දැනට විශ‍්‍රාම ගොස් සිටින තෙන්නකොන් නැමති විනිසුරුවරිය විසින් මෙම නඩුවේ සියලූම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදී. පසුව එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇපීල් අධිකරණය වෙත කරණු දැක්වීම නිසා ඇපීල් උසාවිය මීගමුව මහාධිකරණ දී තිබු තීන්දුව වැරදි තීන්දුවක් බවට නියෝග කරමින් නැවත නඩු විභාගය පවත්වන ලෙසට නියෝග කර තිබුනි.

එම නියෝගය අභියෝග කරමින් මෙම නඩුවේ විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය ද අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව තව දුරටත් තහවුරු කරමින් නැවත නඩු විභාගය පවත්වා එය පසුගිය දෙසැම්බර් මාසයට පෙර අවසන් කළ යුතු බවට නියෝග කරන ලදී. එම නියෝගය අනුව නැවත කැ`දවූ මෙම නඩුවේ විභාගය අවුරුදු 13 කට පසුව අද අවසන් විය.

ජෙරාඞ් මෙම නඩුවට සාක්ෂි දීමට ප‍්‍රථම බස් රථයක ගමන් කරමින් සිටිය දී 2004 වසරේ දී ඝාතනය වූ අතර, මීගමුව මහාධිකරණය විසින් එම ඝාතණය සම්බන්ධ නඩුව ද විභාග කරමින් පසුගිය වසරේ දී එහි තීන්දුව ප‍්‍රකාශ කරන ලදී. එම තීන්දුවට අනුව 2003 වසරේ දී වත්තල පොලීසිය තුල දී ජෙරාඞ්ට වධහිංසා කළ වත්තල පොලීසියේ පොලිස් පරීක්ෂක සුරේෂ් ගුණසේන ඇතුලූ තවත් අයෙකුට මරණීය දඩුවම හිමි විය.   
 




2016-01-28
Advertisement

Find us on Facebook