English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඇඹිලිපිටිය ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග !

 
ඇඹිලිපිටියේ සාදයක දී ඇති වු කලබලයක් මුල්කරගෙන ඝාතනයට ලක්වු සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නම්වු තරුණයාගේ මරණ ය සම්බන්ධයෙන් අද (27දා) දින උසාවියේදි ගොණු වුණු සාකක්‍ෂිවලට අනුව එම සිද්ධිය වන අවස්ථාවේදි ප‍්‍රදේශය භාරව සිටි ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරිවරයා හා මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු සියලූම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා රහස් පොලීසියට නියෝගකර තිබේ.

දරුණු පහරදීම් වලට ලක්වී අධික ලෙස රුධිරය වහනය වී මරණයට පත්වුණු සුමිත් ප‍්‍රසන්න වන සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි ධර්මවර්ධන හා ඇඹිලිපිටිය මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා යන දෙදෙනා සැකකරන බව ජීවිතක්‍ෂයට පත් සුමිත් ප‍්‍රසන්නගේ  බිරිඳ සාක්‍ෂි දෙමින් අද ප‍්‍රකාශකර ඇත.

මෙම සාක්‍ෂිය, මෙන්ම ඊයේ දිනයේදි (26දා) මෙම පහරදීම් සිදුවුණු ස්ථානයේ උදෑසන සිට පැවැත්වෙමින් පැවති වැඩිවිය පැමිණවීමේ උත්සවය ආවරණය කරමින් සිටි වීඞීයෝකරු ද මාධ්‍යට ප‍්‍රකාශයක් කරමින් තමන් ඇසින්දුටු සාක්‍ෂි ඉදිරපත්කර තිබිණි.

මෙහිදි ඔහු කියා සිටියේ සුමිත් ප‍්‍රසන්නගේ මරණය උඩතට්ටුවකින් ඇදවැටීමකින් සිදු නොවුවක් බවත් මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් පොලිස්පතිගෙන් ඉල්ලා සිටින බවත් ය.
 
මේ අතරම තවත් නීතිඥවරුන් පිරිසකට සිද්ධිය පිළිබඳ ලැබී ඇති සාක්‍ෂි වාර්තාවක් ද ඊයේ මාධ්‍යට අණාවරණය කළ අතර එම වාර්තාවද පොලිස්පතිවරයා වෙත භාරදුන් බව උදුල් පේ‍්‍රමරත්න ඇතුළු එම නිතීඥ පිරිස ද ප‍්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් පළවු සම්පුර්ණ විස්තරය පහතින් පිවිසි කියවන්න

http://sinhala.asianmirror.lk/si-portal/item/18806-video


විශේෂ ස්තුතිය ඒෂියන් මිරර් වෙත
-    මෙලනි   




2016-01-27
Advertisement

Find us on Facebook