English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව දකුණු පළාතේ ප‍්‍රතිචාර


රජය විසින් සැකසීමට නියමිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව මහජන උද්යෝගය සහ උනන්දුව ඇති කිරීම සදහා පසුගිය ජනවාරි 23 සහ 24 යන දිනයන් හි ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ති‍්‍රක්කයන් හි දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබදව පුරවැසි කතිකාව මැයෙන් සම්මන්ත‍්‍රණ 3 ක් පවත්වනු ලැබීය.

ජනවාරි 23 උදේ වරුවේ ගාල්ල කී‍්‍රඩා මණ්ඩප ශාලාවේ මෙහි පළමු කතිකාව පැවැති අතර, දෙවැන්න එදිනම සවස මාතර තැපැල් කාර්්‍යාලීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත් විය. තුන්වැන්න ජනවාරි 24 සවස හම්බන්තොට මිරිජ්ජවිල විහාරමහා දේවී ශ‍්‍රවණාගාරයේ දී පැවතුනි. මෙම සාකච්ඡුාවන් හි සම්පත් දායකයන් ලෙස නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, පිලිප් දිසානායක හා නීතිඥ ලක්ෂාන් ඩයස් යන අය සහභාගී වූහ.

ප‍්‍රධාන සම්පත් දායකයන්ගේ දේශණ වලින් පසුව පැවති මහජන අදහස් දැක්වීමේ අවස්ථාව සදහා විශාල දිස්ති‍්‍රක්ක තුනෙන්ම සෑහෙන ප‍්‍රථිචාර ලැබුනු අතර, ගාල්ල දිස්ති‍්‍රක්ක සාකච්ඡුාවේ දී පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයපාල හෙට්ටිආරච්චි ඇතුලූව විද්වතුන් කිහිප දෙනෙකු අදහස් දැක්වීය. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පැවති මහජන සභාවේ දී කාන්තාවන් සෑහෙන පිරිසක් තම අදහස් දැක්වීය.      
ගාල්ල

නීතිඥ ආනන්ද අබේවික‍්‍රම

මෙරට ව්‍යවස්ථාව වෙනස් විය යුතුද යන්න පිළිබඳව පක්‍ෂ සහ විපක්‍ෂ සෑම දේශපාලන බලවේගයකින්ම අදහස් ලබාගත යුතුයි. එමෙන්ම මෙවර ඉදිරිපත් වන ව්‍යවස්ථාව රට වැසියාට සුභවාදී ව්‍යවස්ථාවක් විය යුතුය.

දැනට පවතින ව්‍යවස්ථාව අනුව මන්ත‍්‍රීවරයකුට පක්‍ෂ මාරු කිර’මට ඇති හැකියාව මගින් මහජන මතයට විරුද්ධව එය නියෝජනය වීම හේතුවෙන් එවැනි වැරදි අඩුපාඩු නොමැතිව මෙම ව්‍යවස්ථාව ගොඩනගා ගත යුතුය.

1978 ජේ.ආර් ජයවර්ධන මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගේන අවස්ථාවේ සිටම මහින්ද රාජපක්‍ෂ වාසුදේව නානායක්කාර ඇතුලූ වෙමි කණ්ඩායම මෙයට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන ගියා. නමුත් එම පිරිසම දැන් මෙම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයට විරුද්ධව කටයුතු කරනවා.

පසුගිය මැතිවරණයේදී ජනතාව ජන්දය ලබාඳුන්නේ  මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නොවෙයි ඉදිරිපත් කරපු පොරොන්ඳු පත‍්‍රයටයි. එමගින් බලයට පත් ආණ්ඩුව විසින් අනිවාර්යෙන්ම ඒ අදාල පොරොන්ඳු ඉටු කිරීම සිඳු කල යුතුය. පසුගිය කාලයේ මහින්දට විරුද්ධව පක්‍ෂ බේදයකින් තොරව අප කටයුතු කළා. අපි අවසාන මොහොත දක්වාම ස්වාධීන මිනිසුන් ලෙස සිටිමින් ජනතාවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමට කටයුතු කරනවා.

මේ ජයග‍්‍රහණය මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයක් නොවෙයි. පැවති විනාශකාරී භිෂණකාරී යුගයට විරුද්ධව ලැබුනු ජන්දයක්. එනිසා මෙම රජයේ වගකීම තමයි ඒ ජනතා බලාපොරොත්තු ඉටු කරන එක. එහි මුල් පියවර තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලූතෙන් සැකසීම.

දේශපාලඥයන්ට ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නැතැත් පුරවැසියන් වශයෙන් අපි මෙයට උනන්දු වී අදහස් ඉදිරිපත් කර මෙය සකසාගත යුතය.


ගාල්ල දිස්ත‍්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජේපාල හෙට්ටිආරචිචි

1978 ව්‍යවස්ථාව හදනකොට ඊට මූලික වී කටයුතු කල රනිල් වික‍්‍රමසිංහ වර්තමාන අගමැතිතුමා මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට මුල්වී කටයුතු කිරීම ඉතා වැදගත්. අපි කිව්වෙ මේ නරුම විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරනව කියල. අපි ඒ පොරොන්දුව ඉටු කරනවා. ඒ සදහා අපි සැම දෙනාම එකතු වෙන්න  ඕන.   

ඒ නිසා බය නැතිව තමන්ගෙ අදහස් දක්වන්න. ඒ අදහස් ප‍්‍රකාශ කරා කියල හවසට ගෙදරට ඇවිල්ල සුඳු වෑන් එකක දාගෙන පැහැරගෙන යන්නේ නැහැ.


විශ‍්‍රාමික විදුහල්පති සරත් නානායක්කාර

දකුණේ අපි ගෝත‍්‍රවාදියි. අපි දකින්නෙ සිංහල කඳුලූ විතරයි. දෙමළ දරුවකුගේ ළපටි සිනහව දකුණට ලස්සන නැහැ හැබැයි අපි බෞද්ධයෝ. අපි මේක තේරුම් ගත්තා නමි උතුරේ ප‍්‍රභාකරන්ලා හෝ දුකුණේ වීරවංශලා බිහිවන්නේ නැහැ. උතුරේ ජනතාවගේ හිත හදන්නේ නැතුව අපිට දකුණේ ඉදල කවදාවත් ව්‍යවස්ථාව හදන්න බැහැ. ඒ නිසා සාදාරණ බලය බෙදීමක් අවශ්‍යයි.


ආචාර්ය විමල් දිසානායක.

මේක කෘෂිකාර්මික රටක්. ස්වාමීන් වහන්සේලා කරන්න  ඕන පුරවැසියාගේ හිත හදන එක. නමුත් හාමුදුරුවරු පාර්ලිෙමින්තු ගිහිල්ල ගුටිකනව. මෙන්න මේව තමයි ව්‍යවස්ථාවට ඇතුලත් වන්න  ඕන.

ප‍්‍රාදේශිය සභාවේ සභාපති ඇතුලූ ප‍්‍රධානීන් පළාත් සභාව නියෝජනය කළ යුතුයි. එමෙන්ම  පළාත් සභාවේ සභාපති ඇතුලූ ප‍්‍රධානීන් පාර්ලිෙමින්තුවේ සාමාජිකයන් විය යුතුය. එමගින් මෙම සංස්ථා අතර අන්තර් සම්බන්ධය ගොඩනැගීම සිදු වී එමගින් බලය විමධ්‍යගත වීමක් ද සිදු වෙනවා.

බද්දෙගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ලැනරෝල්

ඡන්දය පවත්වන දිනය ව්‍යවස්ථාවෙන්ම තිරණය කර යුතුයි එමෙන්ම සමහර ඡුන්ද එකවර පැවැත් විය හැකියි. පලාත් සභාවට බලතල ලබා නොදෙන්නේ නම් නව ව්‍යවස්ථාව පළාත් සභා ක‍්‍රමය පවත්වාගෙන යනවාද යන්න පිළිබඳව තීරණය කල යුතුය. මන්තී‍්‍රවරු එක එක දේවල් බෙදනවා ඇරුනු කොට දැනට පළාත් සභාව මගින් කරන දෙයක් නැහැ. ඉන්දියාවේ වැනි බලය බෙදීමක් ලංකාවටත් අවශ්‍යයි.

1987 ඉන්දීය හමුදාව මෙරටට එනකම් දෙමළ ජනතාවට තම භාෂාව කථාකරන්න අයිතියක් තිබුනෙ නැහැ. දෙමළ ජනතාව ආයුධ අතට ගත්ත එක සාධාරණයි. තව අවුරුද්දක් විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභාවේ මහ ඇමති වරයා ලෙස හිටියොත් උතුරේ ජනතාව ඔහුට ගහනව. මොකද පළාත් සභාවට බලයක් නැහැ තමන්ගෙ බල ප‍්‍රදේශය සංවර්ධනය කිරීමට.

ජනාධිපති නීතීඥ සරත් බණ්ඩාර
මේ රට මෙතරම් ප‍්‍රපාතයට වැටුනේ නීතියේ ආධිපත්‍ය බිදවැටීම නිසා. නීතියේ ආධිපත්‍ය නැති තැන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කිරීම බොරුවක්. ඒ නිසා මෙම ව්‍යවස්ථාව තුළින් නීතියේ ආධිපත්‍ය ගොඩනැගීමට මූලික්තවය ලබා දිය යුතුයි.


මාතර

මාතර නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්තග
බණ්ඩාරනායක මහත්තය කියනව සුද්ද අණපනත් ගෙනල්ල බලය බෙදුවට මිනිසුන්ට දෙන්නෙ නැහැග අතේ තියාගෙන ඉන්නව කියලග නමුත් අද මේ ඇගිල්ල දික් වෙන්නෙ කොලඹට නේද ?

අපි ජාතිවාදි විදිහට හිතල කටයුතු සිදු කලොත් අපිටත් මුකුත්ම හම්බ වෙන්නෙ නැහැග කොළඹට කේන්ද්‍ර වී තිබෙන බලය පළාත් පාලනයට බෙදීම ගලා ඒම අනිවාර්යෙන්ම සිදුල යුතු වෙනවාග මාතර නගර සැලසුම කොළඹ ඉදල හදල ගෙනහල්ල ක්‍රියාත්මක කරනකොට ගැටළු මතුවෙනව. ඒ වගේ තමයි ප්‍රාදේශියව පවතින ගැටළු ප්‍රාදේශියව විසදාගැනීමට හැකි බලය බෙදීමක් අනිවාර්යෙන්ම සිදු කල යුතුවෙනවා.
 
මේ නව ව්‍යවස්ථා සම්පාදනය අරලියගහ මැදුරේල ජනාධිපති මන්දිරයේ හෝ දියවන්නාවෙන් වටවු  පාර්ලිමේන්තුවේ  දෙයක් නොවේ මේක පුරවැසියාගේ දෙයක් අපි මැදිහත්වෙලා මේ නව ව්‍යවස්ථා සම්පාදනය සිදුකර ගත යුතුවෙනවාග

සේනාරත්න වීරසූරිය
මේ නව ව්‍යවස්ථා සම්පාදනය කියන්නේ රටේ අනාගතය තීරණය කිරීමේ අවස්තාවක්. අපි මේ ගැන ජන සංවාදයක් ගොඩනගා ගත යුතු වෙනවාග  රටේ පවතින කේන්ද්‍රගත ගැටළුව තමයි උතුරැ නැගෙනහිර ජනවාර්ගික ගැටළුවග මේ ගැටළුවට තාවකාලික විසදුමක් යුද්ධය මගින් ලබා දී යටපත් කිරීමට උත්සාහ කරත් බලයට ලෝභ කමින් කටයුතු කරොත් විදෙස් හමුදාව මෙරටට පැම්ණ උතුර සහ නැගෙනහිර වෙනම රටක් වශයෙන් වෙන්වීම වලක්වන්න බැහැ. එ් නිසා උතුරැ සහ නැගෙනහිර ජනතාවට බලය බෙදීම සිදුකල යුතුවෙනවා. නොමැතිනම් අනිවාර්යෙන්ම නැවත්ත ගැටුමක් ඇතිවනවා.

1978 ව්‍යවස්ථාවේ බලය කේන්ද්‍ර කරල තියෙන්නේ ඉන් පස්සෙ තමයි දෙමළ ජනතාව තීරණය කරල වෙනම රාජ්‍යක් යන සංකල්පය යටතේ වැඩ කරන්න පටන්ගන්නේග සිංහල කම රැකගෙන වැඩකරන්න පුළුවන් වෙන්නේ සුළු ජාතීන් අතර බලය බෙදීමක් සිදුකලොත් පමණයිග එනම් තම ප්‍රද්ශවල සංවර්ධන කටයුතු සිදුකර ගැනීමේ බලය ලබාදිය යුතුය.

ප්‍රා‍දේශිය සභාවේ සභාපති වරයා පළාත් සභාවේ සහ පළාත් සභාවේ මහ ඇමති වරයා පාර්ලිමේන්තුවේ සාමාජිකයකු වීම තුලින් ප්‍රාදේශියව වගකියන ක්‍රමවේදයක් සැකසීම තුලින් ගැටළු බොහොමයක් නිරාකරණය කර ගැනීමේ හැකියාව පවතිනව.

ගන්දර සුබසිංහ
අද ගන්දර දුරැතු පෙරහැර කාවඩි නටන්න ළමයි පනහක් විතර ඇවිල්ල ඉන්නවා ඔක්කොම පිටේ ගහගෙන සිංහ ලේ කියලග අද ත්‍රී වීල් වල සහ හැම තැනම මේක ගහල මේක ජාතිවාදීන්ගේ වැඩක් ළමයි මේක දන්නෙ නැහැ මම කියන්නේ අර කාලකණ්නි බොදු බලේල රාවනා බලේ වැනි ජාතිවාදී සංවිධාන වල ව්‍යවස්ථාව ඇතුළුව සැම ක්‍රියාකාරකමක්ම විනිවිදව දකින්න පුළුවන් ක්‍රමවේදයක් මේ නව ව්‍යවස්ථාවට ඇතුළු විය යුතුයි.

ඒවගේම තමයි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අවම බැවින් ජාතික ලයිස්තුවෙන් හෝ යම් ප්‍රතිශතයක් ලබා දෙන ක්‍රමවේදයක් නව ව්‍යවස්ථාවට ඇතුළු විය යුතුයි.

බලවර්ධන හක්මන
අගමැතිල ජනාධිපති වුවත් වරදක් කලත් දඩුවම් ලබාදිය හැකි ක්‍රමවේදයක් නව නව ව්‍යවස්ථාවෙන් අපි හදන්න ඕන.

මන්ත්‍රි වරයෙක් හිර ගෙදරට ගියහම මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙදරින් කෑම බිමල ස්ව පහසු නවාතැන් ආදී ලැබුනත් සාමාන්‍ය පුරවැසියකුට නිදාගන්න ලැබෙන්නේ වැසිකිළිය අසල අඩුම ගානේ මූලික අවශ්‍යතාවත් සැපිරෙන්නෙ නැහැග මෙම ක්‍රමවේදය වෙනස් වන ආකාරයට නව නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර යුතුය.


හම්බන්තොට
නීතීඥ තුසිත අලූත්පටබැද
අපි පුරවැසියෝ විදිහට ඇයි ව්‍යවස්ථාවක් සකසා ගන්නේ ? මොකක්ද ව්‍යවස්ථාව සහ අප අතර තිබෙන සම්බන්ධතාවයග රටේ මුලික නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නෙ ඊට ඉහලින් කිසිම නීතියක් නැහැ.
 
1978 ව්‍යවස්ථාව කියනව පරමාධිපත්‍ය බලය ජනතාව අතේ තියෙන්නෙ කියලග මේ ලැබෙන්නෙ කාලාන්තරයකින් ලැබෙන් අවස්ථාවක් අපි ජනතාව දැනුවත් කරල මෙම ව්‍යවස්ථාවට අපේ අදහස් යෝජනා ලබාදිය යුතු වෙනවාග
දැනට අපේ මුලික අයිතිවාසිකම්වල තියෙන්නෙ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණයිග නව ව්‍යවස්ථාවට ආර්ථිකල සාමාජීයල සංස්කෘතිකල සෞඛය අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් වශයෙන් ඇතුලත්කර ගත යුතු වෙනවාග මුලික අයිතිවාසිකම් නඩුකර බලය පලාත්බද මහ අධිකරණ වෙතත් ලබාගත යුතු වෙනවා’ මොකද දැනට හම්බන්තොට ඉන්න පුරවැසියකුට මුලික අයිතිවාසිකම් නඩුවක් පවත්වාෙගන යාම සදහා කොළඹට යැමට සිදුවන නිසා මෙවැනි කරැණු ව්‍යවස්ථාවට ඇතුලත් කර ගත යුතු වනවා.
 
පවතින ඡන්දක්‍රමය වෙනස් කර ගත යුතුවනවා කොට්ඨෘශයට වගකියන සහ ආසනයේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු නොකරන මන්ත්‍රීවරැන් නැවත කැදවීමේ හැකියාව ඇතිවන ආකරයේ සහ කාන්තා නියෝජනය වැඩිවන ක්‍රමවේදයක් ඇතුලත් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකල යුතුයි.

උතුරැ නැගෙනහිර ගැටළුව දැනට යුදමය වශයෙන් පරාජයකර තිබුනත් උතුරට සහ දකුණට පිළිගත හැකි විසදුමක් ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදයක් යෝජනාකල යුතුවනවා.

හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුබ්කාන්
13 ශංශෝධනය තුල ඇති බලය බෙදිම ක්‍රියාත්මක කරනවා නම් මේ ගැටළු කිසිවක් ඇති වන්නෙ නැහැග ගැළුවක් පවතින අවස්ථාවකදී දෙපාර්ශවයටම සතුටු විය හැකි විසදුමකින් පමණයි ගැටළුව නිරාකරණය කිරීමට හැකි වන්නේ යුද්ධයෙන් දිනුව කියල සිංහල අය හිතුවට දෙමළ අය හිතන්නෙ පරාදවුනා කියල ඒ කියන්නෙ උතුරේ ගැටළුව විසදිල නැහැ.

මේ රටේ තියෙන්නෙ ජාතිය පිළිබද ප්‍රශ්ණයක් උපතේදීම සිංහලල දෙමළල මුස්ලිම් වශයෙන් වෙන් කරනවග උප්පැන්න සහතිකයේ ජාතිය කියන තැනට ශ්‍රි ලාංකික කියල යෙදුවනම් ගැටලු ඇති නොවේ යැයි මගේ අදහසග ජාතිවාදිව කටයුතු කිරීමට නොහැකි ආකාරයට නව ව්‍යවස්ථාව සකසා ගැනීම අපේ වගකීම.

සී. මතගවීර
1948 ව්‍යවස්ථාවේ ජාතිය හෝ ආගම සම්බන්දයෙන් සදහන්කර නැහැග නමුත් 1956 ශංශෝධනයකින් සිංහල රාජ්‍ය භාෂාව කරනව 72 ව්‍යවස්ථාවේදි ආගම ඇතුලත් කරනව. මේ හේතු දෙක නිසා තමයි ගැටළු රාශියක් මතුවන්නේග නව ව්‍යවස්ථාවෙන් ආගම සහ භාෂාව යන සංකල්පය වෙනස් කල යුතු වෙනවා.

සාගර
නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛය සේවයක් ව්‍යවස්ථාවෙන් තිබුනට කුලී වැඩ කරන පුරවැසියකුට තමකුලී වැඩමුරය අවසන්වී හවස 06 ට ගෙදර ඇවිල්ල ළමයට බෙහෙත් ටිකක් ගන්න පුළුවන්ද ? රජයේ රෝහලකින් තමන් කැමති පාසලකට දරැවන්ට දාගන්න පුළුවන්ද ? බැහැ මෙහෙම නොවන ක්‍රමවේදයක් නව ව්‍යවස්ථාව මගින් අප සකසාගතයුතු වනවා.

නන්දනී අන්ද්‍රාහන්ද
අනිවාර්ය අධ්‍යාපන ක්‍රමයක් තිබුනට දරිද්‍රතාවය හේතුවෙන් එම අවස්ථාව අහිමිවී තිබෙනවාග දිලිදු දරැවන්ට අධ්‍යාපනය ලැබිමට හැකි ක්‍රමවේදයක් නව ව්‍යවස්ථාව මගින් අප සකසාගතයුතු වනවා.
 
වසන්තා මානෙල් අබේවික්‍රම
කාන්තාවන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව සාධාරණය ඉටුකර ගැනීම සදහා නව අධිකරණ ක්‍රමවේදයක් සහ කොමිෂන් සභා ඇති කිරීමට අවශ්‍ය වනවා.

ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රආර්ගපීග චන්ද්‍ර කුමාර
මහජන බදුමුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ට වැඩ වරජනය කිරීමට ඇති අයිතිය තහනමි කල යුතුවනවා එමෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට නිසි ක්‍රමවේදයක් සකස්කල යුතු වනවා.

මිලානි
සාමාන්‍ය පුරවැසියාට මුලික අයිතිවාසිකම් ව්‍යවස්ථාව මගින් ලැබී තිබුනට රාජ්‍ය ආයතන තුලදී සිදු වන අකටයුතු කම් සම්බන්ධයෙන් සොයාබැලීම සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරගත යුතු වනවා.





2016-01-27
Advertisement

Find us on Facebook