English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නව ආණ්ඩුක‍්පුරවැසි කතිකාව ජනවාරි 28 සවස 3ට මීගමුව, කාදිනල් කුරේ ශ‍්‍රවණාගාරයේ දී


නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව මහජන අදහස් ලබා ගැනීම සදහා පත් කර ඇති මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව පෙබරවාරි 01 සහ 02 ගම්පහ දිස්ති‍්‍රක්කයට පැමිණීමට නියමිතය.

මෙම කමිටුව ඒ පළාත් වෙත පැමිණීමට ප‍්‍රථම ප‍්‍රදේශයේ ඉන්නා සිවිල් සංවිධාන හා ප‍්‍රගතිශීලීන් සම්බන්ධ කරමින් නව ව්‍යවස්ථා කි‍්‍රයාවලිය සම්බන්ධව උද්යෝගයක් හා ඒ සම්බන්ධව සංවාදයක් ගොඩනැගීමත් ස`දහා සිවිල් සමාජ නියෝජිතයන් සහභාගී වන පුරවැසි කතිකාවක් නිදහසේ වේදිකාව, වීදියේ විරෝධය සමග මීගමුව සිවිල් සංවිධාන එකමුතුව එක්ව සංවිධානය කරනු ලබයි.   

මෙම කතිකාවට ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, නීතිඥ වින්සන්ට් බුලත්සිංහල, හර්මන් කුමාර, ප්‍රෙඞී ගමගේ හා පිලිප් දිසානායක නිදහසේ වේදිකා හා වීදියේ විරෝධය හා මීගමුව සිවිල් සංවිධාන එකමුතුව නියෝජනය කරමින් සභභාගී වන අතර, දිස්ති‍්‍රක්ක නියෝජනය කරනු ලබන පළාත් සභා හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ද මේ ස`දහා සහභාගී වන ලෙස ආරාධනා කර තිබේ.

මෙයට සමගාමීව පහත සදහන් ස්ථානයන් හි දී ද මෙවැනි වැඩසටහන් පැවැත් වේ.
1 ජනවාරි 29 වන දින සවස 2.00ට මහනුවර ඩෙවොන් උත්සව ශාලාව (මහනුවර කච්චේරිය ඉදිරිපිට)
2 ජනවාරි 30 වන දින උදේ 9.30ට කැකිරාව තරුණ සේවා ශ‍්‍රවණාගාරය
3 ජනවාරි 30 වන දින සවස 2.30ට කැකිරාව, ආඩියාගල, මහා විද්‍යාල ශ‍්‍රවණාගාරය
4 පෙබරවාරි 6 වන දින සවස 2.30ට අනුරාධපුර නැ.නු.ප ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරය    
5 පෙබරවාරි 7 වන දින උදේ 9.30ට කුරුණෑගල, වික‍්‍රමසිංහ ශ‍්‍රවණාගාරය (ඉම්පිරියල් සිනමාහල අසල)






2016-01-27
Advertisement

Find us on Facebook