English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


හෝමාගම උසාවියේදී භික්ෂුන්ගේ හැසිරීම ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

සිවුරු පොරවා ගත් පිරිසක් අද හෝමාගම උසාවි භූමියේ කළහ කළ බවත් ඔවුන් සැබෑ භික්ෂූන්දැයි සොයා බැලිය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (26) ප්‍රකාශ කළේය.

එහිදී අගමැතිවරයා මෙසේද පැවසී ය.

‘මේ ආණ්ඩුව බුද්ධ රක්ඛිතලා, සෝමාරාමලා ඇති කරන්නට ඉඩ දෙන්නේ නෑ. සිවුරු පොරවා ගත් පිරිසක් අද හෝමාගම උසාවි භූමියේ කළහ කළා. ඔවුන් සැබෑ භික්ෂූන්දැයි සොයා බැලිය යුතුයි. ‘  

‘‘ගලගොඩඅත්තේ ඥානසාර හිමි උසාවියට අපහාස කළැයි කියන සිද්ධියක් මත අද රිමාන්ඩ් බාරයට පත් කළා. ඉන් පසුව උසාවිය අසල චීවරධාරීන් පිරිසක් උසාවි භූමියට ඇතුළු වී කළබල කළා. එම සිද්ධිය ගැන වාර්තාවක් ලබා දෙන ලෙස පොලීසියට උපදෙස් දුන්නා. වාර්තා බැලූ පසු එය මල්වතු මහා නාහිමියන් හා කෝට්ටේ මහා නාහිමියන්ට ලබා දෙනවා.“ යැයි අගමැතිවරයා සඳහන් කළේය.

“නීතිය කාටත් එකයි. මේවා දකිද්දි බෞද්ධයන් ලෙස අපට ලැජ්ජයි. විනය පිටකයක් තිබෙනවා. ඒ අනුව භික්ෂූන් කටයුතු කළ යුතුයි. නීතිය රැකිය යුතුයි.‘‘ අගමැතිවරයා පැවසී ය.


                                        උපුටා ගැනීම - AsianMirror

- Melani




2016-01-26
Advertisement

Find us on Facebook