English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කාන්තාවන් වෙනුවෙන් වෙනම අධිකරණයක් අවශ්‍යයි


සමාජීය මෙන්ම ආර්ථික කි‍්‍රයාවලියට පවා ප‍්‍රබල දායකත්වයක් සපයන ජනග‍්‍රහණයෙන් සීයට 51 ඉක්මවා ඇති කාන්තාවන්ට ලැබෙන්නේ ඉතා අඩු සැලකිල්ලක්. පාර්ලිමේන්තු පලාත් සභා නියෝජනත්වය, රාජ්‍ය අංශයට සම්බන්ධවීම ඇතුලූ ප‍්‍රධාන කි‍්‍රයාකාරීත්වයේ අද කාන්තා නියෝජනත්වයක් ප‍්‍රමාණවත් නැහැ. කාන්තාවන් සම්බන්ධව ප‍්‍රශ්ණ පිළිබදව සාකච්ඡුා කිරීමට අපට වෙනම කාන්තා කොමිෂන් සභාවක් අවශ්‍යයි. එමෙන්ම කාන්තා ප‍්‍රශ්ණ වෙනුවෙන් කටයුතු කිරීමට අපට වෙනමම අධිකරණයක් අවශ්‍යයි.

මෙම අදහස් ප‍්‍රකාශ කලේ පසුගිය 24 වන දින හම්බන්තොට විහාරමහා දේවී ශ‍්‍රවණාගාරයේ පැවති ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලිය සදහා මහජන දායකත්වය මැයෙන් පැවැත් වූ සිවිල් සමජ කතිකාවට සහභාගී වූ වසන්තා මානෙල් අබේවික‍්‍රම මහත්මියයි.

මෙම කතිකාව සදහා නීතිඥ ලක්ෂාන් ඩයස්, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර හා පිලිප් දිසානායක යන අය මූලික අදහස් දැක්වීය. මෙහි මුලසන සභාවේ ඞී. වික‍්‍රමරත්න මහතා විසින් හොබවනු ලැබූ අතර, මහජන සභාව සදහා නීතිඥ තුසිත අලූත්පටබැදිගේ, ලංකා සමසමාජ පක්ෂයේ එදිරිසුරිය, ලූනු සංස්ථාවේ සභාපති අයුබ් කාන්, විශ‍්‍රාමික විදුහල්පති සී.මතගවීර ඇතුලූ අය අදහස් දැක්වූහ. එමෙන්ම මෙම කතිකාව සදහා සැලකිය යුතු කාන්තා සහභාගීත්වයක් පැවති අතර, එස්.එච්.පී. ජයන්ති, නන්දා එදිරිසුරිය, වසන්තා මානෙල්, ඇතුලූ කාන්තාවන් අට දෙනෙකු නව ආණඩුක‍්‍රම ව්‍යවස්ථාව සදහා තම අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.





2016-01-26
Advertisement

Find us on Facebook