English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගලබොඩ අත්තේ රිමාන්ඞ්
ගලබොඩ අත්තේ රිමාන්ඞ්

ඊයේ අධිකරණයට අපහාස කලා යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් බොදුබල සේනා ලේකම් ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් අද දින පෙබරවාරි 09 වෙනි දින දක්වා රිමාන්ඞ් බාරයට පත් කළේය.
අතුරුදහන් වූ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධ නඩුව ඊයේ ( 25 * වෙනි දින හෝමාගම අධිකරණයේ විභාගයට ගැනිනි. ඒ සඳහා බොදු බල සේනා ලේකම් සහ තවත් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් සහභාගි වී සිටියහ. නඩුව විභාග වී අවසන් වන අවස්ථාවේදී නැගී සිටිය, ගලබොඩ අත්තේ ඥාණසාර අධිකරණයටත්, රජයටත්, විශේෂයෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියටත් බැණ වදිමින් විශාල කලබලයක් ඇති කළේ ය. ඒ අවස්ථාවේදී විත්තියේ නීතිඥයන් ද ඊට එකඟ නොවූ අවස්ථාවේදී ඔවුන්ටද බැණ වදින ලදි. මහේස්ත‍්‍රාත්තුමා අධිකරණයේ හැසිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළද, ඔහු අධිකරණයෙන් පිටතට පැමිණ එහිදීත් එලෙසම හැසිරුණේය.
පැමිණිල්ලේ නිතීඥයන් විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඥාණසාරව අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කළේය.
අද දින ( 26 * ඔහු හෝමාගම පොලිසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, හෝමාගම අධිකරණයට ඉදිරිපත් කලේය.




2016-01-26
Advertisement

Find us on Facebook