English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නව ව්‍යවස්ථාවට ගාලූ පුරවැසි අදහස්
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් ඉදිරිපත් කළ යුත්තේ ඇයි යන තේමාව යටතේ ඊයේ (23* ගාල්ල කී‍්‍රඩා මණ්ඩප ශාලාවේ දී පැවැති සිවිල් සමාජ කතිකාවේ ගාලූ දිස්ති‍්‍රක්කයේ ජනතාව විසින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනාවන් හි සංශිප්ත වාර්තාවක්


නීතිඥ ආනන්ද අබේවික‍්‍රම

මෙරට ව්‍යවස්්ථාව වෙනස් විය යුතුද යන්න පිළිබඳව පක්‍ෂ සහ විපක්‍ෂ සැම දේශපාලන බලවේගයකින්ම අදහස් ලබාගත යුතුයි. මෙන්ම මෙවර ඉදිරිපත් වන ව්‍යවස්ථාව රට වැසියාට සුභවාදී ව්‍යවස්ථාවක් විය යුතුය.

දැනට පවතින ව්‍යවස්ථාව අනුව මන්ත‍්‍රීවරයකුට පක්‍ෂ මාරු කිර’මට ඇති හැකියාව මගින් මහජන මතයට විරුද්ධව එය නියෝජනය වීම හේතුවෙන් එවැනි වැරදි අඩුපාඩු නොමැතිව මෙම ව්‍යවස්ථාව ගොඩනගා ගත යුතුය.

1978 ජේ.ආර් ජයවර්ධන මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගේන අවස්ථාවේ සිටම මහින්ද රාජපක්‍ෂ වාසුදේව නානායක්කාර ඇතුලූ වෙමි කණ්ඩායම මෙයට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන ගියා. නමුත් එම පිරිසම දැන් මෙම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයට විරුද්ධව කටයුතු කරනවා.

පසුගිය මැතිවරණයේදී ජනතාව ජන්දය ලබාඳුන්නේ  මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නොවෙයි ඉදිරිපත් කරපු පොරොන්ඳු පත‍්‍රයටයි. එමගින් බලයට පත් ආණ්ඩුව විසින් අනිවාර්යෙන්ම ඒ අදාල පොරොන්ඳු ඉටු කිරීම සිඳු කල යුතුය. පසුගිය කාලයේ මහින්දට විරුද්ධව පක්‍ෂ බේදයකින් තොරව අප කටයුතු කළා. අපි අවසාන මොහොත දක්වාම ස්වාධීන මිනිසුන් ලෙස සිටිමින් ජනතාවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමට කටයුතු කරනවා.

මේ ජයග‍්‍රහණය මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයක් නොවෙයි. පැවති විනාශකාරී භිෂණකාරී යුගයට විරුද්ධව ලැබුනු ජන්දයක්. එනිසා මෙම රජයේ වගකීම තමයි ඒ ජනතා බලාපොරොත්තු ඉටු කරන එක. එහි මුල් පියවර තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලූතෙන් සැකසීම.

දේශපාලඥයන්ට ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නැතැත් පුරවැසියන් වශයෙන් අපි මෙයට උනන්දු වී අදහස් ඉදිරිපත් කර මෙය සකසාගත යුතය.




නීතිඥ සුදර්ෂණ ගුණවර්ධන

ලංකාෙවි ඉතිහාසය නැවත ලියන්න ආරම්භ කරපු අවස්ථාවක් තමයි මෙය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නෙ ලංකාෙවි තියෙන ඉහලම නීතිමය ලියවිල්ල. ෙමික ගිවිසුමක් මහජනතාව සහ රාජ්‍ය අතර ඇති වන ගිවිසුමක්.

මෙතෙක් මෙරට ඇති කරන ලද ව්‍යවස්ථා පාර්ලිමේන්තුෙවි වැඩි බලය මගින් ගෙන එනු ලැබූ ඒවා. 1978 ව්‍යවස්ථාව මගින් මහජන මතයට යටනොවන විධායක බලයක් ගෙන එනු ලැබුවා. කාලයක් තිස්සේ මෙයට විරුද්ධව විවිධ බලෙවිග කටයුතු කළා. මෙතෙක් පත්වු ආණ්ඩුවල ප‍්‍රධාන පොරොන්දුවක් වුනේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන එක. නමුත් කිසිදු ආණ්ඩුවක් එය ක‍්‍රියාත්මක කළේ නැහැ. 18 වන ශංශෝදනයෙන් කැමති වාරයක් ජනාධිපති වීමට අවස්ථාව සකසා ගත්තා ව්‍යවස්ථාව අනුව පක්‍ෂ මාරුකිරීෙමිදි මන්ත‍්‍රී ධූරය අහෝසිවීම අධිකරණය මගින් වෙනස් කර ගත්තා.

ජනවාරි 08 ගොඩනැගුණු මහජන බලෙවිගය නිසා දැන් අවස්ථාවක් ලැබිල තිබෙනවා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදාගන්න. මේ සඳහා මහජනතාවගේ අදහස් ලබා දීමටද හැකියාවක් තියෙනවා. ලාල් විජේනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිවිල් සමාජයේ අදහස් ලබාගැනීමට පත් කරන ලද කමිටුව දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට ගොස් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ස`දහා සාක්ෂි ලබා ගන්නවා අපි ඔබට ආරාධනා කරන්නේ එම කමිටුවට වෙත ඔබේ අදහස් දක්වන ලෙසයි.


ගාල්ල දිස්ත‍්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජේපාල හෙට්ටිආරචිචි

1978 ව්‍යවස්ථාව හදනකොට ඊට මූලික වී කටයුතු කල රනිල් වික‍්‍රමසිංහ වර්තමාන අගමැතිතුමා මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට මුල්වී කටයුතු කිරීම ඉතා වැදගත්. අපි කිව්වෙ මේ නරුම විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරනව කියල. අපි ඒ පොරොන්දුව ඉටු කරනවා. ඒ ස`දහා අපි සැම දෙනාම එකතු වෙන්න  ඕන.   

ඒ නිසා බය නැතිව තමන්ගෙ අදහස් දක්වන්න. ඒ අදහස් ප‍්‍රකාශ කරා කියල හවසට ගෙදරට ඇවිල්ල සුඳු වෑන් එකක දාගෙන පැහැරගෙන යන්නේ නැහැ.




නීතිෙවිදී එන්.ඒ. සරත් නානායක්කාර

දකුණේ අපි ගෝත‍්‍රවාදියි. අපි දකින්නෙ සිංහල කඳුලූ විතරයි. දෙමළ දරුවකුගේ ළපටි සිනහව දකුණට ලස්සන නැහැ හැබැයි අපි බෞද්ධයෝ. අපි මේක තේරුම් ගත්තා නමි උතුරේ ප‍්‍රභාකරන්ලා හෝ දුකුණේ වීරවංශලා බිහිවන්නේ නැහැ. උතුරේ ජනතාවගේ හිත හදන්නේ නැතුව අපිට දකුණේ ඉදල කවදාවත් ව්‍යවස්ථාව හදන්න බැහැ.


මහාචාර්ය විමල් දිසානායක.

ෙමික කෘෂීකාර්මික රටක්. ස්වාමීන් වහන්සේලා කරන්න  ඕන පුරවැසියාගේ හිත හදන එක. නමුත් හාමුදුරුවරු පාර්ලිෙමින්තු ගිහිල්ල ගුටිකනව. මෙන්න මේව තමයි ව්‍යවස්ථාවට ඇතුලත් වන්න  ඕන.

ප‍්‍රාදේශිය සභාවේ සභාපති ඇතුලූ ප‍්‍රධානීන් පළාත් සභාව නියෝජනය කළ යුතුයි. එමෙන්ම  පළාත් සභාවේ සභාපති ඇතුලූ ප‍්‍රධානීන් පාර්ලිෙමින්තුවේ සාමාජිකයන් විය යුතුය. එමගින් මෙම සංස්ථා අතර අන්තර් සම්බන්ධය ගොඩනැගීම සිදු වී එමගින් බලය විමධ්‍යගත වීමක් ද සිදු වෙනවා.



ආනන්ද ලැනරෝල්

ඡුන්දය පවත්වන දිනය ව්‍යවස්ථාවෙන්ම තිරණය කර යුතුයි එමෙන්ම සමහර ඡුන්ද එකවර පැවැත් විය හැකියි. පලාත් සභාවට බලතල ලබා නොදෙන්නේ නම් නව ව්‍යවස්ථාව පළාත් සභා ක‍්‍රමය පවත්වාගෙන යනවාද යන්න පිළිබඳව තීරණය කල යුතුය. එක එක ඒවා බෙදනා ඇරුනු කොට දැනට පළාත් සභාව මගින් සිඳු වන දෙයක් නැහැ. ඉන්දියාවේ වැනි බලය බෙදීමක් ලංකාවටත් අවශ්‍යයි.

1987 ඉන්දීය හමුදාව මෙරටට එනකම් දෙමළ ජනතාවට තම භාෂාව කථාකරන්න අයිතියක් තිබුනෙ නැහැ. දෙමළ ජනතාව ආයුධ අතට ගත්ත එක සාධාරණයි. තව අවුරුද්දක් විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභාවේ මහ ඇමති වරයා ලෙස හිටියොත් උතුරේ ජනතාව ඔහුට ගහනව. මොකද පළාත් සභාවට බලයක් නැහැ තමන්ගෙ බල ප‍්‍රදේශය සංවර්ධනය කිරීමට.

ජනාධිපති නීතීඥ සරත් බණ්ඩාර

මේ රට මෙතරම් ප‍්‍රපාතයට වැටුනේ නීතියේ ආධිපත්‍ය බිදවැටීම නිසා. නීතියේ ආධිපත්‍ය නැති තැන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කිරීම බොරුවක්. ඒ නිසා මෙම ව්‍යවස්ථාව තුළින් නීතියේ ආධිපත්‍ය ගොඩනැගීමට මූලික්තවය ලබා දිය යුතුයි.




2016-01-24
Advertisement

Find us on Facebook